යටිපතුල් වල ඇති වන වේදනාව හෙවත් Plantar Fasciitis තත්ත්වය බහුල වශයෙන් කාන්තාවන් අතර දකින්නට ලැබෙන රෝගී තත්ත්වයක්. මෙය පාදුක කවලිකා ප්‍රදාහය ලෙස සිංහලයෙන් හඳුන්වන අතර මෙහිදී සිදුවන්නේ යටිපතුල් හෙවත් plantar fascia වැඩිපුර භාවිතා කිරීම හෝ ඇදීම හෝ දුර්වල වීම නිසා වේදනාවක් ඇතිවීමයි. මේ හේතුවෙන් සමහර අවස්ථාවලදී යටිපතුලට ශල්‍යකර්මයක් කිරීමට සිදුවන අවස්ථා ද තිබෙනවා. නමුත් සම්පූර්ණයෙන් සුවය ලැබීමට අවම වශයෙන් මාස කිහිපයක සිට අවුරුද්දකට වැඩි කාලයක් ගතවෙනවා. නමුත් ආරම්භයේදීම නිසි ප්‍රතිකාල කලහොත් ඉක්මනින්ම සුව කරගැනීමේ හැකියාවද තිබෙනවා. ඉතින් මේ යටි පතුල්වල වේදනාවන් ඇති වෙන්නට පුළුවන් හේතු සහ ඊට පිළියම් කිහිපයක් තමයි අද මේ ලිපියෙන් අරගෙන ආවේ.
යටි පතුල්වල වේදනාවන් ඇති වෙන්න හේතු :
1. අධික තරබාරුව
2. යටි පතුලේ වක්‍රයට ආධාර නොවන බාල තත්වයේ පාවහන් පැලදීම
3. කෙටි කාලයක් තුළ ශරීරයේ බර වැඩිවීම
4. යටිපතුල් වල වක්‍රතාවය පමණට වඩා අඩු වීම
5. දීර්ඝ වේලාවක් ඇවිදීම හෝ සිටගෙන සිටීම
6. සමතලා නොවන බිමක ඇවිදීම හෝ දිවීම
7. දුවන විට හෝ ඇවිදින විට නිතරම පාදය ඇතුලු පැත්තට පෙරලීම
8. මාංශ පේශිවල පිහිටීම
මෙහි රෝග ලක්ෂණ :
1. යටිපතුලේ තද ගතිය
2. යටි පතුල් රතුවීම සහ ඉදිමීම
3. විලුඹෙහි ඇතිවන තියුණු හෝ තියුණු නොවන වේදනාව
4. පියවර කිහිපයක් ඇවිදීමෙන් පසු යටිපතුලේ වේදනාව සහ තද ස්වභාවය ක්‍රමයෙන් අඩුවීම
5. උදෑසන අවදි වූ විට කකුල බිම තැබීමට ඇති අපහසුව හෝ පොළොව මත ස්පර්ශ වන විට ඇතිවන වේදනාව
මේ සඳහා ඇති ප්‍රතිකර්ම:
1. කකුලට සුදුසු තත්ත්වයේ පාවහන් පැලදීම
2. ශරීරයේ බර පාලනය කර ගැනීම
3. අනවශ්‍ය පරිදි කකුල් වෙහෙසට පත් නොකීරීම
4. තද හෝ ඝන මතුපිටක් සහිත ස්ථානවල ඇවිදීම අවම කිරීම
5. අයිස් කැට වලින් යටිපතුල තැවීම
6. පාද සහ විලුඹ සඳහා Stretching exercises කිරීම