latest articles life relationship

මිනිසුන් විවාහ වීමට හේතු වෙන ප්‍රධානම කරුණු 5ක්

අවුරුදු 18-20 වගේ වයසෙදි විවාහ වෙන්න කවුරුවත් කැමති නැති වුනාට අවුරුදු 25-30 වගේ වෙන කොට විවාහයක් කරගන්න ඕන කියන සිතුවිල්ල හිතට එනවා. හැබැයි වර්තමානයේ විවාහ නොවී එකට ජීවත් වීම එහෙමත් නැත්නම්  ගැන චීනය, ජපානය සහ අපේ රටෙත් කතා බහ ඇතිවෙනවා. කොහොම වුනත් ජීවිතය සම්පූර්ණ වෙන්න විවාහය අනිවාර්‍යයි කියන අදහස තරුණ තරුණියන්ට නැතත් දෙමාපියන්ට වගේම ඥාති හිතමිත්‍රාදීන්ටත් තියෙනවා. විවිධ මත ගොඩක් අතරේ ඇයි මිනිස්සු විවාහ වෙන්නේ සහ විවාහ වුනාම මොනාද මුහුණ දෙන්න වෙන අත්දැකීම් කියලා තමයි අද මේ ලිපියෙන් කියන්න යන්නේ.

1.අලුත් ජීවිතයක් ආරම්භ වීම

විවාහ වීමත් එක්ක එතැන අලුතින් පවුල් ජීවිතයක් ආරම්භ වෙනවා. ඒ වගේන වෙනදාට වඩා වැඩි වගකීම් ප්‍රමාණයක් ජීවිතයට එකතු වෙනවා. තනිකඩ කෙනෙක්ට වඩා විවාහක කෙනෙක් ගැන සමාජය තුළ හොඳ පිළිගැනීමක් තියෙනවා. ඒ කියන්නේ දෙන්නෙක් එක්ක එකතු වෙලා එහෙමත් නැත්නම් පවුල් දෙකක් එකතු වෙලා කරන විවාහය කියන දේ තුළින් සමාජීය වටිනාකමක් ජීවිත වලට එකතු වෙනවා.

2.ආර්ථික තත්ත්වය ශක්තිමත් වීම

තනිකඩ අයට වඩා විවාහ වුන අයගේ වියදම් වැඩි නිසා අලුත් අලුත් රැකියා අවස්ථාවන්, අලුත් උසස්වීම්, රැකියා ස්ථානය වෙනස් කිරීම් වගේ වෘත්තීය ජීවිතයේ පිළිවෙලක් කරගන්නට ඒ අය උත්සාහ ගන්නවා. තනිකඩ කාලේ කරන ජොබ් එක කරගෙන පාඩුවේ ජීවත් වුනාට විවාහ වීමත් එක්ක ඊට වඩා පුළුල්ව ජීවිතය ගැන, රැකියා පරිසරය ගැන සැලසුම් කරන්න එයාලා උත්සාහ කරනවා.

3.ලිංගික ජීවිතය

විවාහ නොවී ලිංගික ජීවිතයක් ගත කරන අයට වඩා විවාහ වූ අය ලිංගිකව සතුටු වෙනවා කියලා පර්‍යේෂණ වලින් සොයාගෙන තියෙනවා. ඒ  අගේම තැන තැන හමුවී හදිසියේ ලිංගික හැසිරීම් දක්වනවාට වඩා ආදරණීය බැඳීමක් විවාහ ලිංගික ජීවිතයේ මුල් කාලේ තියෙනවා කියලාත් පර්‍යේෂකයින් කියනවා. හැබැයි කාලෙත් එක්ක ලිංගික දේ ගැන තියෙන ආසාවත් විවාහක ජෝඩු අතරත් අඩු වෙනවා.

4.දරු සුරතල් බලන්න හැකියාව ලැබීම​

විවාහ නොවුනත් දරු සුරතල් බල්නන පුළුවන් වුනාට ඉන් පස්සේ සමාජයෙන් එන කතා එක්ක ජීවත් වෙන එක ලේසි නැහැ. ඒ නිසා විවාහ වුන දෙන්නා එක්ක එකතු වෙලා දරු සුරතල් බලන්න විවාහ යුවළකට ලැබෙන අනගි තෑග්ගක් තමයි විවාහය කියන්නේ. තමුන්ගේම දරුවෙක්ගේ සුරතල් බලන්න ලැබෙන එක ඉතාම වාසනාවන්ත දෙයක් විදියට තමයි විවාහක අය දකින්නේ.

5.වගකීම් හුවමාරු වීම

තනිවම ජීවත් වෙද්දි තනියම කෑම බීම උයාගෙන, තනියම රෙදි පෙරදි හෝදගෙන, තනියම ඉන්න තැන අස් පරස් කරගෙන හිටියට විවාහ වුනාට පස්සේ බිරිඳ සහ සැමියා අතර මේ ගෘහස්ත වගකීම් බෙදී යනවා. තනියම උයන පිහනවාට වඩා දෙන්නා එක්ක එකතු වෙලා උයන වැඩ වුනත් කරන්න බැන්දාට පස්සේ සිද්ද වෙනවා. ඒ  වගේම දෙන්නත් එක්ක සමහර දේවල් සැලසුම් කරලා, කතාකරලා කරන්න ලැබෙන නිසාත් තනිකඩ කාලෙට වඩා ජීවිතේට අලුත් මිහිරක් එකතු වෙනවා.