latest articles life

සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව වාසනාවන්ත පිරිමින්ගේ තියෙන දේහ ලක්‍ෂණ 6ක්

වාසනාවන්ත හා භාග්‍යවන්ත පුරුෂයකු ලබන බිරිඳක්,  පෙම්වතියක් ගොඩක් වාසනාවන්ත කෙනෙක් වෙනවා.  ඉතින් අපි අද  මේ ලිපියෙන් අරගෙන ආවේ වාසනාවන්ත පුරුෂයකුගේ තියෙන ලක්‍ෂණ කිහිපයක් පිළිබදව ඔබව දැනුවත් කරන්න තමයි අද අපි ඔබට මෙ ලිපිය ඉදිරිපත් කරන්නේ

1.සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව ගොඩක් සිනිඳු සහ සාමාන්‍ය  ප්‍රමාණයෙන් හිසකෙස් තියෙන පිරිමි අය ගොඩක් වාසනාවන්තයි. ඔවුන් රැකියාවේ සහ ව්‍යාපාරයේ කරන කියන සෑම දෙයක්ම සාර්ථක වෙලා ඔවුන්ට  ඉක්මනින්ම දියුණු වෙන්න ලැබෙනවා. ඒ වගේම  ඔවුන් ගොඩක් බුද්ධිමත්.  ඔවුන් හොඳටම දන්නවා ඕනෑම දෙයක් සාර්ථකව සිදු කර ගන්නේ කොහොමද කියලා. ඔවුන් බය නැතුව ඕනෑම අභියෝගයකට මුහුණ දීලා අභියෝග ජය ගන්නවා. තීරණයක් ගන්න කලින් හොඳට හිතලා බලලා අවස්ථාවට අනුව හොඳම තීරණය ගන්නත්  ඔවුන් ඉතා දක්‍ෂයි. තමන්ගේ පවුල වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. ධර්මයටත් ගොඩක් නැඹුරු මොවුන් ප්‍රතිපත්ති ගරුක පිරිසක් වෙනවා.

2.සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව  නළල ගොඩක් ලොකුවටත් නැතිව ගොඩක් පොඩියටත් නැතිව සාමාන්‍ය ප්‍රමාණයට තියෙන පිරිමින් ඉතාම වාසනාවන්තයි. කතාබහෙන් ඕනෑම කෙනෙක්ව ආකර්‍ෂණය කරගන්න පුලුවන් හැකියාවක් මොවුන්ට තියෙනවා. මේ වගේ අය ගොඩක් ඉක්මනට දියුණු වෙනවා .ඒකට හේතුව තමයි මොවුන් කියන කරන දේවල් කල්පනාවෙන් බුද්ධිමත්ව හිතලා සිදු කරන නිසා. ඒ වගේම තමයි මොවුන් ඉතාමත් බුද්ධිමත්.

3.සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව පිරිමියෙකුගේ ඇස් ගොඩක් ලොකුවටත් නැතිව ගොඩක් පොඩියටත් නැතිව සාමාන්‍ය ප්‍රමාණයට පිහිටා තියනවනම් එවැනි පුද්ගලයන් ඉතා වාසනාවන්තයි. මොවුන්ගේ දියුණුව කාටවත් නවත්වන්න බැහැ. තමන්ගේ දියුණුවට කොතෙක් බාධා ඇති වුවත් ඒ බාධාවන් ජය ගෙන ජීවිතය සාර්ථක කර ගන්නවා.

4.පුද්ගලයෙකුගේ ඇහිබැමි ස්වභාවයෙන්ම බොහොම ලස්සනට රේඛාවක් ලෙස පිහිටා තියෙනවානම් සාමුද්‍රික ශාස්ත්‍රය අනුව ඔවුන් ඉතා වාසනාවන්තයි. තරමක් හිතුවක්කාර ගති පැවතුනත් තමන්ගේ කෙනෙක් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට දෙවරක් සිතන්නේ නැහැ. මොවුන්ගේ දියුණුව ප්‍රමාද උනාට දියුණු වෙන්න ගත්තහම දියුණුව නවත්වන්නත් බැහැ. රැකියා කරන ස්ථානයේ ඔවුන් ගොඩක් කැපී පෙනෙන චරිතයක් වෙනවා.  හැමෝගෙම ආදරයත් ගෞරවයත් ඔහුට නිරතුරුවම ලැබෙනවා.

5.සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව නහය ටිකක් දිග පිරිමින් වාසනාවන්තයි. ඔවුන්ගේ දියුණුව ඉක්මනටම සිදුනොවුණත් ටිකෙන් ටික ඔවුන් දියුණුව කරා යනවා .ගොඩක් බුද්ධිමත් පිරිසක් වන මොවුන් තමන්ගේ පවුලට ඉතාමත් ලැඳියි. මොවුන් රැකියා ස්ථානයේ කැපීපෙනෙන චරිතයක් වෙනවා

6.කම්මුල් පිරිල තියෙන්න පිරිමින් සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව ගොඩක් වාසනාවන්තයි. දියුණු වෙන්න තරමක් අමාරු උනාට ඔවුන් දියුණු වෙන්න පටන් ගත්තාම ඔවුන්ගේ දියුණුව කාටවත් නවත්වන්න බැහැ. ජීවිතයේ කොතරම් ප්‍රශ්න  ආවත්  ඒ හැමදේකටම  ඔවුන් සාර්ථකව  මුහුණ දෙනවා. මොවුන් තම බිරිඳට වාසනාවන්ත සැමියෙක් වෙනවා.