beauty latest articles

තුනී හිසකෙස් සඳහා ස්වභාවික සත්කාර 4ක්

හිස කෙස් සම්බන්ධ ගැටළු අතර ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි හිස කෙස් තුනී වීම කියන්නේ .මුහුණ කොච්චර ලස්සන වුනත් වැඩක් නැහැ ලස්සන කෙස් කළඹක් නැත්තන්.මුහුණේ සුන්දරත්වය වර්ධනය කර ගන්න වගේම හිස කෙස්.ඉතින් අද අපි ඔබට කියන්න යන්නේ හිසකෙස් සිහින් හා තුනී බව නිසා පීඩා ව්දින අය වෙනුවෙන් ඒ සදහා කල හැකි ස්වභාවික සත්කාර කිහිපයක් ගැනයි.

1.කෝමාරිකා

කෝමාරිකා කිහිපයක් ගෙන මදය සුරා හිස කෙස් කබලේ ආලේප කර සම්භාහනය කරන්න විනාඩි 30කින් විතර සෝදා ඉවත් කරන්න. හිස කෙස් ඝනව වර්ධනය කර ගන්නත් හිස් කබලේ තෙතමනය ආරක්ෂා කර ගන්නත් කදිම විසඳුමක්.ඉක්මනින් හිස කෙස් වර්ධනය කර ගන්න තියෙන සාර්ථකම විසඳුමක් තමයි කෝමාරිකා කියන්නේ කියලා අත්දැකීමෙන් කියන්න පුළුවන්.

2.එඬරු තෙල්

එඬරු තෙල් ස්වල්පයක් ගෙන එයට මී පැණි තේ හැන්දක් එක්කර මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය හිසේ හොඳින් ආලේප කර හොඳින් සම්භාහනය කරන්න. 

3.බිත්තර කහ මදය

බිත්තර කහ මදය හිස කෙස් සහ හිස් කබලේ අලේප කර විනාඩි 20-25කින් සෝදා ඉවත් කරන්න. සේදීමේදී ෂැම්පූ සහ කන්ඩිෂනර් කරන්නත් අමතක කරන්න එපා.

4.දොඩම් හෝ ලෙමන් යුෂ

ඔයාට පහසු විදියට ලෙමන් හෝ දොඩම් යුෂ සපයා ගන්න. හිසකෙස් මත ආලේප කර ටික වෙලාවකින් සෝදා හරින්න.හිසකෙස් ස්වභාවිකව හා ඝනව වර්ධනය කර ගන්න මේ අමු ද්‍රව්‍ය දෙකම උපයෝගී වෙනවා.