latest articles life relationship

තරහ වෙලා ඉන්න පෙම්වතාව ශේප් කරගන්න​ පුළුවන් ක්‍රම 5ක්

ආදරේ දී පුංචි පුංචි අඩදබර ඇති වෙන එක බොහොම සාමාන්‍ය දෙයක් වුණත් තරහ වෙලා කතා නොකර ඉන්න පුංචි වෙලාවේදීත් දැනෙන දුක දරාගන්න බැහැ. හැබැයි ගොඩක් දුරට මේ වගේ වෙලාවට කලබලයම නිසාම ප්‍රශ්න විසඳගන්නවා වෙනුවට අපි කරන්නේ ප්‍රශ්න තවත් අවුල් කරගන්න එක. ඉතින් අපි අද ඔබට ඉදිරිපත් කරන්න සුදානම් වෙන්නේ ඔහු තරහ වෙලා ඉන්න වෙලාවට කලබලයක් නැතුව ලේසියෙන් ඔහුව ශේප් කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැනයි.

1.නොනවත්වා එක දිගටම message කරන්න එපා

ඔහු ඔබ යවන පණිවුඩ වලට ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් නොනවත්වා එක දිගටම message කරන්න එපා. එයින් වෙන්නේ ඔහු තව තවත් ගණන් උස්සන එක. ඒ වෙලාවට ඔහුට ටික වෙලාවක් නිදහසේ ඉන්න දෙන්න. එතකොට ටික වෙලාවක් යනකොට ඔහුට ඔබ ගැන දුක හිතේවි. ඔහුටත් ඔබ සමඟ කතා කරන්න උවමනා වේවි. ඒ වෙනකන් ඔහුගෙන් පිළිතුරක් එනතුරු බලා ඉන්න.

2.ඔබ ගැන අනුකම්පා හිතෙන විදියට වැඩ කරන්න

ඔබ කොයි තරම් බලා ඉදියත් ඔහු ප්‍රතිචාර දක්වන්නේ නැත්තම් ඔබ ඔහුගෙන් උදව්වක් ඉල්ලන්න. මොකද පිරිමි අය බොහොම කැමති කාන්තාවන්ට උදව් කරන්න. මේ නිසා ඔබ යම් උදව්වක් ඉල්ලුවොත් ඔහු අනිවාර්යයෙන් ප්‍රතිචාර දක්වාවි. අනෙක් කාරණය තමයි ඔහු ඔබට ඇත්තටම ආදරෙයි නම් එවැනි අවස්ථාවක පිළිතුරු නොදී ඉන්නේ නැති එක.

3.සුළු මොහොතක් හෝ ඔහුට නිදහසේ කාලය ගත කරන්න ඉඩදෙන්න

ප්‍රශ්නයක් ඇති වුණු ගමන්කඳුළු හලන්නවත් ඔහුට බැන වදින්නවත්, කෝල් කරන්න, message කරන්නවත් යන්න එපා. ඔහුට යථා තත්වයට පත්වෙන්න ටික වෙලාවක් ලබාදෙන්න. ඔබ අනවශ්‍ය විදියට ඔහුට තවත් කරදර කරන්නට ගියොත් වෙන්නේ තවත් ඔහු ඔබ සමඟ අමනාප වෙන එකයි. ඒ නිසා තමයි කියන්නේ කාලය හැම ප්‍රශ්නයකටම විසඳුම කියලා. ඒ නිසා ඉවසීමෙන් ටික වෙලාවක් ඉඳලා ඔහුට නැවතත් තරහ නොයන විදියට කතා කරන්න.

4.තව තවත් ගැටළු ඇතිවෙන දේවල් ගැන කතා කරන්න එපා

ඔහු වරක් ඔබට ප්‍රතිචාර දැක්වුවොත් නැවතත් ඔහුට තරහ යන දේවල් ගැන කතා කරන්න එපා. ඔහු සමඟ කිසිවක් නොවුණු ආකාරයට හැසිරෙන්න. නැවතත් පසුගිය ගැටළු සම්බන්ධව කතා කරන්න එපා. ඒ වගේම ආදරය අලුත් වෙන විදියට ආදරණීය බව තව තවත් වැඩි කරමින් කතා කරන්න.

5.ඔබේ ගැටළු සමාජ මාධ්‍යවල පෙන්වන්න එපා

ඔහු ඔබට ප්‍රතිචාර නොදක්වනවා නම් සමාජ මාධ්‍ය තුල ඔහුට පෙනේවි යැයි සිතා පොස්ට් පළ කරන්න එපා. ඒ වගේම ඔහු ඔබට පෙනෙන්නට සමාජ මාධ්‍ය තුළ පොස්ට් දමනවා නම් ඒවාට ප්‍රතිචාර දක්වන්නත් එපා. එයින් වෙන්නේ ඔබේ ප්‍රශ්න පිටස්තර සමාජයත් දැනගන්න එක. ටික වෙලාවකින් හැමදේම හරි ගිහින් ඔබ ඔහු එක්ක හොඳින් ඉන්නකොට සමාජයට ඔබ විහිළුවක් නොවෙන්නට වගබලා ගන්න. ටික වෙලාවක් යනකොට ඔහුම කතා කරාවි.