latest articles life relationship

තනිකඩව සිටීමෙන් ලැබෙන වාසි 5ක්

ආදරය පිළිබඳ සමාජය තුළ ඒකාකාරී හා අගතිගාමී අදහස් බොහෝ තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තනිකඩයෙකු වීම ගැන වරදකාරි හැඟීමක් ඇති වීමත්, සම්බන්ධතාවයකින් සෑහීමකට පත් නොවුණත් ඒ සම්බන්ධතාවයේම රැඳී සිටීමත් සිදු වෙනවා. මෙය ඕනෑම පුද්ගලයෙක්ට පීඩනයක් ගෙන දෙන්නක්. ඔබට තනිකඩව සිටිය හැකි නමුත් හුදෙකලා වීම නොකළ යුතුයි. නොගැළපෙන සම්බන්ධතාවයක ඉන්නවට වඩා තනිව සිටීම ඉතාම හොඳයි. කොහොම වුනත් තනිකඩව සිටීමේ වාසි ගොඩක් තියෙනවා. ඉතින් අද අපි මේ ලිපියෙන් අරගෙන ආවේ තනිකඩව සිටීමෙන් ලැබෙන එවැනි වාසි 5ක් පිළිබඳවයි.

1.ඔබව සෞඛ්‍ය සම්පන්න කරයි.  

තනිකඩව සිටීමේ අතිරේක ප්‍රතිලාභයක් තමයි ඔබට සෞඛ්‍ය සම්පන්න විය හැකි වීම. තනිකඩයින්ට සෞඛ්‍ය සම්පන්න BMI දර්ශකයක් තිබීමට වැඩි ඉඩක් ඇති අතර එමඟින් හෘද වාහිනී රෝග ඇතිවීමේ අවදානම අඩු වන අතර නිදන්ගත රෝග තත්වයන් අඩු බව සමීක්‍ෂන වලින් සොයාගෙන තියෙනවා.

2.සබඳතා වර්ධනය කරයි.

ඔබ කිසිවෙකු සමඟ සබඳතාවක් නොපැවැත්වීම යන්නෙන් අදහස් කරන්නේ ඔබ ඔබේ පවුලේ අය සහ මිතුරන් සමඟ ශක්තිමත් බැඳීම් ඇති කර ගැනීමට වැඩි ඉඩක් ඇති බවයි. තනිකඩයින් බොහෝ විට සමාජගත වීමට ඇති ඉඩකඩ වැඩි  අතර, පවුලේ අයට සහ වෙනත් පුද්ගලයින්ට උපකාර ලබා දීමට කැමැත්තක් දක්වනවා.

3.ඔබට තනි පුද්ගලයෙකු ලෙස දියුණුවිය හැකිවීම​.

තනිකඩ පුද්ගලයින්ට තමන් වෙනුවෙන් ගත කළ හැකි හොඳම තීරණ ගැන සෑම විටම සිතනවා. එයින් ඔවුන්ට විවිධ විනෝදාංශ කිරීමට​, ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට හෝ ඔවුන්ගේ වෘත්තීය ජීවිතය ගොඩනඟා ගැනීමට හැකියාව ලැබෙනවා. තනිකඩ පිරිමින් විවාහක පිරිමින්ට වඩා වැඩියෙන් උපයන බව ඒ සඳහා ඇති හොඳම නිදසුනයි.

4.ඔබ ඔබ ගැනම හිතන්නට පුරුදු වෙනවා.

ඔබ ඔබට ආදරය නොකරන්නේ නම් ඔබට සෞඛ්‍ය සම්පන්න සබඳතාවක් ගොඩනඟා ගත නොහැකියි. ඔබ ඔබ ගැන සැලකිලිමත් වෙනවානම් තමන් සමඟ ගැටුම් ඇති කර ගන්නා පුද්ගලයින් සමඟ කටයුතු කිරීමට, ආධිපත්‍යය දැරීමට සහ සියලු දේ පිළිබඳ හොඳ විනිශ්චයක් කිරීමට නැඹුරු වෙනවා.

5.කාලය අපතේ යෑම අවම වෙනවා.

අපි සබඳතාවයක ඉන්න කොට අනෙකා ගැන සෙවීම සඳහා අපව නිරායාසයෙන්ම යොමු වෙනවා. එයින් අදහස් කරන්නේ අනෙකා ගැන ඇති ආකර්‍ෂණය හෝ ආදරය වැඩි වන තරමට එම පුද්ගලයාට ඇබ්බැහි වීමයි. ඒ නිසා ජීවිතයේ වටිනාම කාලය ඔබෙන් මඟ හැරෙන්න ඉඩ තියෙනවා. නමුත් ඔබ තනිකඩ නම් තව කෙනෙක් ගැන සිතා දුක්වීමට සිදුවන්නේ නෑ.