latest articles life relationship

සැමවිටම සතුටින් සිටින බිරිඳක් වීමට උපදෙස් 4ක්

ගොඩක් වෙලාවට කාන්තාවක් විවාහ වුනාට පස්සේ නිතරම මානසිකව පීඩනයට ලක් වෙලා තමයි ඉන්නේ. රැකියාව, ගෙදර වැඩ, සමාජීය තත්ත්වය​, දරුවෝ සහ සැමියා එක්ක තියන ගැටළු කාන්තාවන්ට පොදු දේවල්. වර්තමාන තරඟකාරී ලෝකයේ අපේ හෝර්මෝන වල වෙනස්වීම් සහ පාරිසරික සාධක වල වෙනස්වීම් මානසිකව ආතතියට ලක් වෙන්න හේතු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ කාලෙක  බිරිඳක් ලෙස සතුටින් ඉන්න උපදෙස් 4ක් තමයි අද මේ ලිපියෙන් අරගෙන ආවේ.

1.ඔබේ මානසික ආතතිය එලියට පේන්නන්න එපා

තරුණ අම්මලා කරන වැඩ රාජකාරි එක්ක ඔවුන්ට සුළු දේටත් කේන්ති යනවා. පුංචි වරදකට වුනත් දරුවාට පහර දෙනවා. එහෙමත් නැත්නම් ටිකක් පරක්කු වෙලා ගෙදර ආවත් සැමියාට බනිනවා. මේ හැසිරීම් හිතල කරන දේවල් නොවෙන්න පුළුවන්. ජීවිතේ එපා වුන බවක් හෝ කරන දේවල් වලින් පලක් නැහැ කියා හිතුනත් කේන්ති ගන්නෙ නැතිව ඉවසන්න පුරුදු වෙන්න​.

2.ඔබව සතුටින් තියන්න පුළුවන් ඔබටමයි

අපි තේරුම් ගන්නා ඕන ඇත්තක් තමයි අපේ සතුට තීරණය වෙන්නේ අපේම තීරණ වලින් කියන එක. විවිධ ගැටළු තියෙන පීඩනයට ලක් වුන කාන්තාවන් බහුතරයක් කියන්නේ ඔවුන්ගේ මේ අසතුටට හේතුව තමන්ගේ සැමියා, නැන්දම්මා හෝ දරුවන් බවයි. ඔවුන් තමාට ආදරේ කරා නම් හෝ හොඳින් හිටියා නම් ඇය සතුටින් ඉන්නා බවයි. මේ විදිහට අපේ අසතුටට හේතුව තව කෙනෙක් වෙතට තල්ලු කිරීමට ඇති පුරුදු වලින් ඈත් වෙන්න.

3.සැමියාගේ වෙනස්වීම් වලට හේතුවන ඔබේ හැසිරීම් හඳුනාගන්න​

විවාහයක අසතුට වර්ධනය වෙන්න දෙන්නගෙම හැසිරීම් හේතු වෙනවා. බොහෝ ආතතියට පත් වුන බිරියන් නිසා සැමියන් මානසිකව වැටෙනවා. කොහොම වුනත් ඒකට දෙන්නගෙන් කාටවත් අත දිගු කරන්න බැහැ. උදාහරණයක් විදියට සමහර කාන්තාවන් සැමියා සමඟ ලිංගික ඇසුරකදී නීති රීති ගොඩක් දානවා. ඒ දේවල් ඒ විදියට සිදු නොවුනොත් ඇය කෑ ගහනවා, බනිනවා, ඔහුව ප්‍රතික්‍ෂේප කරනවා. ඒකෙන් වෙන්නේ ඔහු ඔබෙන් ඈත් වීමයි. ඒ නිසා මෙවැනි හැසීරීම් වලින් වැළකෙන්න ඕන​.

4.තමන්ගේ සතුට පාලනය කරන්නේ තමන් බව මතක තබාගන්න​

ජීවිතය අවසාන වනතුරු මොන ගැටුම හමුවේ වුනත් ඔබට සතුටින් සිටිය හැකි නම් එය තමයි ඔබේ විවාහ ජීවිතයේ සාර්ථකත්වය වන්නේ.  ඒ වෙනුවෙන් පළමුවම ඔබේ ජීවිතයේ සතුට ඔබේම තීරණයක් බව හිතන්න ඕන. දෙවනුව ඔබ පුද්ගලයෙක් ලෙස ස්වාධීන වෙන්න ඕන. එම ස්වාධීනත්වය මූල්‍යමය හෝ කායිකව හෝ මානසිකව හෝ විය හැකියි. වැදගත් වන්නේ ඔබේ සතුට පාලනය කරන්නේ ඔබම බව මතක තබාගැනීමයි.