latest articles life relationship

ඔබේ සැමියා/පෙම්වතා වෙනුවෙන් කිසිවිටෙකත් මේ දේවල් 6 නම් කරන්න එපා

සෑම විවාහක කාන්තාවකටම අවශ්‍යයි සතුටින් විවාහ ජීවිතය ගත කරන්න. අපේ කාන්තාවන් මේ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරනවා. ඉතින් අපි අද ඔබ වෙත ගෙන එන්නට සුදානම් වන්නේ කාන්තාවන්ට සාර්ථක යුගදිවියක් ගෙවන්නට අවශ්‍ය නම් තම සහකරුවන් වෙනුවෙන් නොකලයුතුම දේවල් කිහිපයක් ගැනයි

1.ඔහුගේ ප්‍රශ්න විසඳන එක

ඔබ කිසිම අවස්ථාවක ඔබේ සහකරුගේ සියලුම ප්‍රශ්න විසඳන්න උත්සහ දරන්න එපා. ඔබට ඔහුගේ සියලුම ආර්ථික ප්‍රශ්න, රැකියා ස්ථානයේ ප්‍රශ්න හෝ වෙනත් සමාජීය ප්‍රශ්න විසඳන්න බැහැ. නමුත් එසේ ඒවා විසඳීමට උත්සහ කිරීමට යාමෙන් වෙන්නේ ඔහු අනාගතයේදී තමන්ගේ කිසිම ප්‍රශ්නයකට මුහුණ දෙන්න බැරි වගකීම් විරහිත පුද්ගලයෙක් වෙන එක විතරයි.

2.මිල අධික තෑගී දෙන්න එපා

තෑගි දෙන එක සතුටු ඇති කරන ආදරණීය ක්‍රියාවක් නමුත් තෑගී දෙනකොට ඔබ ඔහුට දෙන විදියේ වටිනාකමින් යුක්ත තෑග්ගක් ඔහුට ඔබට දෙන්න පුලුවන්ද කියලා හිතන්න. එහෙම බැරි නම් ඔහුට තමන් ගැන ඉතාම නරක හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ සහකරු ඔබ හිතන තරම් යහපත් කෙනෙක් නෙවෙයි නම් ඔහු ඔබේ ආදරය තමන්ට ඕන දේවල් ලබාගන්න පාවිච්චි කරන්නත් ඉඩ තියෙනවා.

3.ඔහු මානසිකව වැටුණු හැම මොහොතකම ඔහුව සනසන එක

මේක කරන්න ඕන දෙයක් කියලා ඔබ හිතයි. නමුත් ඔබ සීමාව දැනගෙන ඉන්න ඕන. මොකද ගොඩක් පිරිමි අය ඕනෑම වැරද්දක් කරලා මානසිකව වැටිලා ඉන්න බව පෙන්වනකොට බහුතරයක් කාන්තාවන් ඒක පිළිගෙන ඔහුව භාරගෙන ඔහුව සනසවන්න උත්සහ කරනවා. නමුත් එකෙන් වෙන්නේ වැරදි ආයේ ආයේ කරන්න ඔහු පෙළඹෙන එකයි. ඒ වගේම ඔහු කිසිම වැරද්දක් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ.

4.ඔබේ වෘත්තීය ජීවිතය අතහරින්න එපා

ඔබ ඔබේ සැමියාට මොන තරම් ආදරේ වුණත් ඔහු මොන තරම් ලොකු මුදලක් හම්බ කළත් ඔබේ වෘත්තීය සහ පුද්ගලික ජීවිතය කැපකරන්න එපා. මෙයින් ඔබට ඔබේ වටිනාකම අඩුවෙන් දැනෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම විවාහය හෝ ප්‍රේමය මොන තරම් කල් තියෙනවාද කියන එක ඔබ දන්නේ නැහැ. ඔබට මේ මොහොතේ ඒක ඉරහඳ වගේ විශ්වාස වුණත් වෙනස් වෙන මොහොතක් එන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ආර්ථික හා සමාජීය ලෙස ඔබ අසරණ වෙන්නේ නැතිවෙන විදියට වැඩකරන්න. ඒ වගේම ඔබේ මිතුරන් ඥාතීන් එක්ක තිබෙන සම්බන්ධතා අතහරින්න එපා.

5.ඔහු කැමති විදියට වෙනස් වෙන්න එපා

ලංකාවේ නම් මේක ගොඩක් දකින්න ලැබෙනවා. ප්‍රේම සම්බන්ධයක් පටන්ගත්තාම පිරිමි පාර්ශවයට කැමති විදියට කාන්තා පාර්ශවය ඇඳුම් අඳින්න කොන්ඩේ හදන්න වගේ දේවල් කරන එක. ඔබට ඔබම වෙන්න ඉඩ නොදෙන තැනක ඔබට ජිවිතයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ ඉල්ලීම් ඉතාම අහිංසක ඒවා වගේ පෙන්නන්න පුළුවන් ඒ තැන්වලින් ඈත් වෙන්න. එවැනි සාධාරණ ඉල්ලීම්නුත් තියෙනවා. ඒක සාදාරණද කියලා හිතලා බලලා කරන්න.