වයසට යන එක අපි කාටවත් නවත්තන්න බැරි දෙයක්. වයසට යනවත් එක්කම අපේ හිසකෙස් සුදුවීම, හිසකෙස් ගැලවී යාම සහ අනවශ්‍ය රැළි ඇතිවීම වැනි දේවල් සිද්ද වෙනවා. ඇතැම් වෙලාවට ඒ නිසා අපි කරදරයට පත්වන අවස්ථාත් තියෙනවා. වයසට යන එක කාටත් නවත්තන්න බැරි වුණත් ඒ හා සම්බන්ධ සලකුණු ප්‍රමාද කරන්න අපිට පුළුවන්. ඒ සදහා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගෙන යෑම සහ ආහාර වේල ක්‍රමවත් ලෙස පවත්වා ගෙන යෑමෙන් ඔයාට වයස්ගත විමේ ඇතැම් සලකුණු ප්‍රමාද කිරීමට ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ශරීරය සිහින්ව තබා ගැනීමටත් මනස තියුණු ලෙස තබා ගැනීමත් සුදුසු පාන වර්ග 5ක්
1.ජලය

අපගේ සම අපට පියවි ඇසින් දැකිය හැකි විශාලතම ඉඳ්‍රිය වන අතර නිසි සජලනයකින් තොර වූ විට සම වියළී රැළි වැටී වයස්ගත විය හැක. රීරය සජලීව තබා ගැනීම විවිධ අවයවවල නිසි ක්‍රියාකාරිත්වය සඳහා වැදගත් වෙන නිසා වැඩිහිටි මිනිස් සිරුරකට ජලය 65% ක් පමණ අවශ්‍ය වෙනවා. එමෙන්ම පානීය ජලය මගින් ශරීරයේ ඇති හානිකර විෂ ද්‍රව්‍ය පිටතට ගැනීමටත් නැවුම් හා තරුණ පෙනුමක් ලබා ගැනීමටත් හැකි වෙනවා.
2.කෝපි

පර්‍යේෂණවලින් පෙන්වා දෙන පරිදි කැෆේන් මගින් ශරීරයේ නිදන්ගත ඉදිමුම සහ දැවිල්ලෙන් අපව ආරක්‍ෂා කරන බව සොයාගෙන තියෙනවා. එසේම කෝපි පානය කිරීමෙන් සමේ පිළිකා ඇතිවීමේ අවදානමද අඩු කරනවා. දිනකට කෝපි කෝප්පයක් පානය කරන අය මෙලනෝමා නොවන සමේ පිළිකා ඇතිවීමේ අවදානම 10% කින් පමණ අඩු කර ගෙන ඇති බවත් එම පර්‍යේෂණවලින් තහවුරු වෙලා තියෙනවා.
3.Green tea

Green tea එහෙමත් නැත්නම් හරිත තේ වල වයස්ගත වීම වළක්වන ප්‍රතිඔක්සිකාරකයක් අඩංගු නිසා එමඟින් සෛල ප්‍රමාණය වැඩි කිරීමෙන් රැළි ඇතිවීම වළක්වනවා. මෙය පානයක් ලෙස පමණක් නොව හරිත තේ කුඩු පෙරන ලද සුදු තේ සමඟ මිශ්‍ර කිරීමෙන් ෆේස් මාස්ක් එකක් ලෙසද යොදාගත හැකියි. එමෙන්ම විවිධ අධ්‍යයනයන් වලට අනුව දිනපතා හරිත තේ පානය කරන පුද්ගලයින්ට හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු බවත් සොයාගෙන තියෙනවා.
4.වයින්

වයින් අධික ලෙස පානය කිරීමෙන් අක්මාවට දැඩි ලෙස හානි විය හැකි අතර ඔයාගේ පෙණුම තවත් වයසින් වැඩි කර පෙන්වීමට හැකියාව තිබෙනවා. එහෙත් වයින් මධ්‍යස්ථව පානය කිරීමෙන් ඉදිමුම සහ දැවිල්ල අඩු වෙනවා වගේම වයසට යාමත් සමඟ ඇති වන රෝගද අඩු වෙනවා. මධ්‍යස්ථව පානය කිරීම මගින් අදහස් වෙන්නේ කාන්තාවන් සඳහා දිනකට වීදුරුවක් සහ පිරිමින් සඳහා 2ක් කියන එකයි. මෙහිදී ඔයා තෝරාගන්න ඕන රතු වයින් වන අතර එහි ප්‍රයෝජනවත් “රෙස්වෙටරෝල්” අඩංගු වෙන නිසා ඩිමෙන්ශියාව සහ ඇල්සයිමර් රෝගය වළක්වා ගත හැකි වෙනවා.
5.යෝගට් හා පළතුරු මිශ්‍ර ස්මූති

මේ සඳහා කෙසෙල් සහ ස්ට්‍රෝබෙරි වැනි පලතුරු යෝගට් වලට එක් කරගත යුතුයි. ඉදුණු කෙසෙල්වල කාබෝහයඩ්‍රේට් විශේෂයක් වන පෙක්ටීන් බහුලව ඇති බැවින් ශරීරයේ සීනි මට්ටම පාලනය කරනවා. ඒ වගේම බෙරි කියන්නේ විටමින් C වලින් පොහොසත් ප්‍රභවයක් වන අතර එමඟින් ඔයාගේ සමට අතිරේක දීප්තිමත් බවක් ලබා ගත හැකි වෙනවා.