latest articles

Salon යන්නේ නැතිව ගෙදරදිම කල හැකි Pedicure සත්කාරයක්

අපි හැමදාම ගොඩාක් වෙලාවට සැලකිලිමත් වෙන්නේ මුහුණ ගැන විතරයිනේ . අපි හැමදාම මුහුණට විතරක් සත්කාර කරලා හරියන්නේ නෑ නේද? බලන්න ඔයාගේ පාද වල පෙනුම කොහොමද කියලා. මුහුනේ තරම් එලියක් පාද වලත් තියෙනවද කියලා. මුහුන ගැන වගේම අපි පාද ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපි කොච්චර ලස්සන සපත්තු දැම්මත් අපේ පාද ලස්සන නැත්නම් වැඩක් නෑ නේද? අද කියලා දෙන්න හදන්නේ කොහොමද අපි saloon යන්නේ නැතිව ගෙදරදිම pedicure treatment එකක් කරගන්නේ කියලා. මෙමගින් පාද වල අදුරු බව, අපිරිසිදු පෙනුම, නියපොතු වල දුර්වර්ණ වීම් නැති කරගෙන පැහැපත් පෙනුමක් ලබා ගන්න පුලුවන්.අපි මේ සත්කාරය කරන ආකාරය පහසු පියවර කිහිපයකින් ඔයාට ඉදිරිපත් කරන්නම්

01 පියවර

මුලින්ම කකුල් දෙකෙහි ඇති නේල් පොලිෂ් ඉවත් කරගන්න.

02 පියවර​

දැන් මද රස්නය සහිත වතුර ටිකක් බේසමකට ගෙන එයට ලුණු තේ හැදි 1 1/2,බේකින් පවුඩර් තේ හැදි 1,සහ ෂැම්පු එකතු කර  හොදින් මිශ්‍ර කරගෙන කකුල් දෙක වතුර බේසමට දමා විනාඩි 15ක් පමණ හොදින් මසාජ් කරගන්න.ඉන්පසු කකුල් සහ නියපොතු හොදින් පිරිසිදු කරගෙන අවශ්‍ය නම් නියපොතු ෂේප් කරගන්න

03 පියවර​

නැවත බේසමකට  මද රස්නෙ වතුර ටිකක් ගෙන එයට කිරි සහ ලුණු එකතු කර ගන්න.කකුල් දෙක බේසමට දමා හොදින් මසාජ් කරගන්න.ඉන්පසු කකුල් දෙක හොඳින් පිරිසිදු කරගන්න​.නියපොතු වල ඇති අවර්ණ පැහැය ඉවත් කරගන්න ටූත් බ්‍රෂ් එකකින් හොදින් පිරිසිදු කරගන්න

04 පියවර​

ෆූට් ස්ක්‍රබ් එකක් සදා ගන්න.ඒ සදහා සීනී සහ මී පැණි එකට එකතු කර ගන්න..ස්ක්‍රබ් එක කකුල් වල ආලේප කර හොදින් ස්ක්‍රබ් කරගන්න .මෙය විනාඩි 15ක් පමණ තබා ඉවත් කරගන්න.

 05 පියවර​

පැක් එක සාදා ගන්නා ආකාරය 

පාන් පිටි වලට කස්තුරි කහ,කිරි,සහ දෙහි එකතු කර හොදින් මිශ්‍ර කරගන්න.ඉන්පසු පැක් එක කකුල් මත ආලේප කරන්න..මෙය විනාඩි 10 ක් 15 වේලෙන්න තබා ඇල් ජලයෙන් සෝදා හරින්න..අවසාන වශයෙන් ෆූට් ක්‍රීම් එකක් ආලේප කරගන්න .