health latest articles life

බර අඩු කර ගැනීමට අපට උපකාරී වන Bedtime Habits 6ක්

රාත්‍රියේදී මිනිස් ශරීරයේ කැලරි 300 ත් 400 ත් අතර ප්‍රමාණයක් දහනය කෙරෙනවා. ශාරීරික ව්‍යායාම වගේම ගුණාත්මක නින්දද සිරුරේ බර අඩු කර ගැනීමට දායක වෙනවා. සුව නින්දේදී ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය ඉහළ නැංවෙනවා. එමනිසා බර අඩු කර ගැනීමට ඔබට උපකාරී වන Bedtime Habits 06 ක් තමයි අද අපි මේ ලිපියෙන් ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ.

1. නිදන කාමරයේ උෂ්ණත්වය 18 ° C පවත්වා ගන්න.

මිනිස් සි‍රුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය ඉහළ නැංවීම සඳහා රාත්‍රී කාලයේ නිදන කාමරයේ උෂ්ණත්වය 18 ° C (64.4 ° F) පමණ පවත්වා ගැනීමට විශේෂඥයින් නිර්දේශ කර තිබෙනවා. අධ්‍යයනයන් මඟින් පෙන්වා දී ඇත්තේ සිසිල් වාතාවරණයක් මඟින් තාප සංසරණය සඳහා හේතුවන මේද සෛල සක්‍රීය කරන බවයි. ඔබ සීතල කාමරයක නිදා සිටින විට හෝ නිරුවතින් නිදා සිටින විට ඔබේ ශරීරය තාපය පවත්වා ගැනීම සඳහා වැඩි ශක්තියක් දහනය කරන නිසා එම කැලරි දහනය මඟින් සිරුරේ බර අඩුකරනවා.

2. මිදි යුෂ ස්වල්පයක් බොන්න.

මිදි යුෂවල රෙස්වෙරාටෝල් නම් විශේෂ ද්‍රව්‍යය අඩංගු වන නිසා එමඟින් කැලරි දහනය සිදු කරනවා. ඔබ නිදා සිටියදී ඔබේ ශරීරය උණුසුම්ව තබා ගැනීම සඳහා ලා දුඹුරු මේදය නිකුත් වෙනවා. මේ අනුව, නින්දට යාමට පෙර මිදි යුෂ කෝප්පයක් පානය කිරීමෙන් අතිරික්ත මේදය ගබඩා කිරීම වෙනුවට ඉවත් කිරීම සිදු කර ඔබගේ බර අඩු කරනවා.

3. දිනපතා එකම වේලාවක අවදි වන්න.

නිසි නින්දක් නොලැබීම, කඩින් කඩ ලබාගන්නා නින්ද සිරුරේ බර වැඩිවීමට හේතු වෙනවා. කඩින් කඩ නිදා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ඔබට උදෑසන වෙහෙසක් දැනීම නිසා ඔබේ ශක්තිය වැඩි කර ගැනීමට කැලරි අධික ආහාර ලබා ගැනීමට මොළය මඟින් ආශාවක් ඇති කරනවා. මෙය වළක්වා ගැනීමට අවශ්‍ය නම්, නින්දට ගොස් දිනපතා එකම වේලාවක එකවර අවදි වීමට පුරුදු වෙන්න.

4. නින්දට පෙර ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතයෙන් වැළකීම.

බොහෝ ඉලෙක්ට්‍රොනික උපකරණ නිල් ආලෝකය විමෝචනය කරනවා. නින්දට පෙර මෙම නිල් ආලෝකය විමෝචනය කරන ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතා කිරීමෙන් මෙලටොනින් නිපදවීමට බාධා කර නින්ද අහිමි කරනවා. එය සිරුරේ බර වැඩිවීමට හේතු වෙනවා. බොහෝ අය දැන් නිල් ආලෝකයට විරෝධී උපැස් යුවල භාවිත කිරීම සිදු කරනවා. ඔබ එසේ නොමැති කෙනෙක් නම් නින්දට පෙර ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතයෙන් වළකින්න.

5. ප්‍රෝටීන් කෑමක් ලබා ගන්න.

රාත්‍රි නින්දට පෙර යෝගට්, චීස්, රටකජු, බටර් වැනි ප්‍රෝටීන් බහුල දේවල් ආහාරට ගන්න. ඒවා ඔබේ පරිවෘත්තීය වේගය වැඩි කරන අතර ඔබේ මාංශ පේශි වර්ධනය වීමටත් උපකාරී වෙනවා.

6. Green Tea බොන්න.

සමහර තේ වර්ග ඔබට රාත්‍රියේදී බර අඩු කර ගැනීමට උපකාරී වෙනවා. ඒ අතර Green Tea විශේෂයි. Green Tea මඟින් උදරයේ ඉදිමීම සමනය කර, උදර වායුව ඉවත් කර ආමාශයේ ඇති වන ලවණ උදාසීන කිරීමට උපකාරී වෙනවා. Green Teaවල අඩංගු සෞඛ්‍ය සම්පන්න ජෛව සක්‍රීය සංයෝග සහ ප්‍රතිඔක්සිකාරක මඟින් ඔබට අතිරේක ශක්තියක් ද ලබා දී ඔබව ප්‍රබෝධමත් කර සුව නින්දක් ලබා දෙනවා. එමගින් සිරුරේ බර පාලනය වෙනවා.

මෙම පුරුදු, පුහුණු කිරීම වගේම සිරුරේ බර අඩුකර ගැනීමට ව්‍යායාම කෙරෙහි යොමු වීමත් හා සෞඛ්‍ය සම්පන්නව ආහාර ගැනීමත් අනිවාර්යය වෙනවා.