health latest articles life

පොල් වතුර වලින් ලැබෙන විශ්මිත ගුණ 7ක්

අපේ නිවස්වල දිනපතාම වගේ ඉවත දාන දෙයක් තමයි පොල් වතුර කියන්නේ. ලොව වටිනාම ස්වාභාවික පානය ලෙස හඳුන්වන පොල් වතුරවල විටමින් බී , ඊ, සී , යකඩ ,කැල්සියම්, පොටෑසියම් ,මැග්නීසියම් , අයඩින් , සල්ෆර් ඇමයිනෝ අම්ල ,ශාක හෝමෝන වැනි පෝශක සහ ප්‍රති ඔක්සිකාරක ගුණ අඩංගු වෙනවා. මේ ඉවත දාන පොල් වතුර වලින් ඔබේ රූපලාවණ්‍යයට වගේම සෞඛ්‍යයටත් ගොඩක් වාසි තියෙනවා කියලා ඔබ දැනගෙන හිටියෙ නැතුව ඇති. ඉතින් මේ ලිපිය ඒ වෙනුවෙනුයි.

1.රුධිරයේ සීනි මට්ටම අවම කරයි.

හොඳ මැග්නීසියම් ප්‍රභවයක් වන පොල් වතුර මඟින් ඉන්සියුලින් සංවේදිතාවය වැඩි කරනවා. එයින් දෙවන වර්ගයේ දියවැඩියාව සහ පූර්ව දියවැඩියාව ඇති පුද්ගලයින්ගේ රුධිරයේ සීනි මට්ටම අවම කරනවා

2.මුත්‍රාශයේ ආසාදන අඩු කරයි.

පොල් වතුරවල අඩංගු ප්‍රතිබැක්ටීරියා ගුණ වගේම මුත්‍රා හොඳින් පහවීම මගින්ද මුත්‍රාශයේ ඇති විෂබීජ ඉවත් වන නිසා මුත්‍රාශයේ ඇති විය හැකි ආසාදන තත්වයන් වළක්වනවා.

3.හිරු රශ්මියෙන් පිළිස්සී ගිය සම සුව කරයි.

මුල්තානි මිට්ටි හෝ කඩල පිටි සමග පොල් වතුර මිශ්‍ර කර ෆේස් පැක් එකක් සාදා මුහුණේ ආලේප කිරීම මගින් හිරු එළියට පිළිස්සි අවපැහැ ගැන්වුනු ඔබේ සම නැවත යතා තත්වයට පත් කරමින් සම දීප්තිමත් කරගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.

4.සමේ රෝග සුව කරයි.

චර්ම රෝග සහ පොල් වතුර අතර සෘජු සම්බන්ධයක් නොමැති වුවත් පොල් වතුර මගින් විජලනය වළක්වා ගත හැකි නිසා සමේ රෝග සහ ආසාදන තත්වයන් වළක්වනවා. එමෙන්ම සමෙහි ඇති විෂ ද්‍රව්‍යද ඉවත් කරනවා.

5.නිරෝගී සහ දීප්තිමත් කෙස් කළඹක් ලබාදෙයි.

පොල් වතුර වල ඇති ප්‍රබල හයිඩ්‍රේටින් ගුණාංග නිසා පොල් වතුරෙන් හිස සම්බාහනය කිරීම මගින් හිසකෙස් මුල් වල තෙතමනය ආරාක්ශා කරනවා සේම මෘදු සහ කීකරු කෙස් කළඹක් හිමි කරගන්නට පුලුවන්. ඒ වගේම එය ස්වභාවික කන්ඩිශනර් එකක් ලෙසද ක්‍රියා කරනවා.

6.වකුගඩු ගල් ඇතිවීමේ අවදානම අඩු කරයි.

පොල් වතුර මගින් ශරීරයේ ඇති අතිරික්ත පොටෑසියම් සහ ක්ලෝරීන් ඉවත් කරන නිසා වකුගඩු ගල් ඇතිවිමේ අවධානම අඩු කරනවා. ඒ වගේම වකුගඩු වල ක්‍රියාකාරිත්වයද වැඩි දියුණු කරනවා.

7.හෘද සෞඛ්‍ය වැඩි දියුණු කරයි.

පොල් වතුර පානය කිරීම මගින් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන අතර ඒ නිසා හෘද සෞඛ්‍ය වඩාත් හොඳ මට්ටමකින් පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා.