Phone එකක් අතේ නැති කෙනෙක් අද දකින්න නැහැනේ. Phone එකක් අතේ තියාගෙන ඔබ ඔබ ඉන්න මිනිස්සු තමයි බලන බලන හැම තැනකම ඉන්නෙ. අපි අපේ පවුලේ අයටත් වඩා වැඩියෙන් Phone එකත් එක්ක Bound up වෙනවා වැඩි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඇත්තටම අද වෙනකොට අපිට Phone එකෙන් ගැලවෙන්න බැරි තරම් අපේ ජීවිත Phone එක්ක බැඳිලා. අද සමාජයේ දැන් තියෙන තාක්ෂණයත් එක්ක ගමනක් යන්න වාහනයක් book කරන්නෙත්, කෑමක් ගෙන්න ගන්නෙත් , Bill ගෙවන්නෙත් smartphone එකෙන් වෙන තරමටම මේ තත්ත්වය ව්‍යාප්ත වෙලා . ඇත්තෙන්ම කිව්වොත් මේක දරුණු වෛරසයක් වගේ තමයි. ඉතිම් මේ විදියට phone එක අපේ ජීවිතේට වැදගත් වෙනවා වගේම අපේ ජිවිතයට හානී වෙන අවස්ථාත් තියෙන බව අප තේරුම් ගත යුතුයි.
හොඳ හිතින් කතාබහ කරන්න
සාමාන්‍යයෙන් ඉතින් අපි හොඳ හිතින් කතා කරන්න කියන්නේ තරහා ගියහමනේ. මේ කියන්නේ ඒ හොද හිතින් කතා කරන්න කියන එක ගැන නම් නෙමෙයි . ඔයාට දැනෙනවා නම් එයා ඔයාට වඩා අවදානයක් phone එකට දෙනවා කියලා, එහෙමත් නැත්නම් එයා phone එකට ඇබ්බැහි වෙලා කියලා, එයා එක්ක ඒ ගැන කතා කරන්න. හැබැයි තරහින් නම් නෙමෙයි. මේ කතාව බොහොම සාමකාමීව කරන්න උත්සාහ කරන්න. නැත්නම් හිත් රිදීම් ඇතිවෙලා මේ ප්‍රශ්නයට ඔයාට නිවැරදි පිළිතුරක් හොයාගන්න බැරි වෙයි.
phone එක off කරනවාද ආදරේ off කරනවද
ඔයාලා දෙන්නගෙන් එක්කෙනෙක් Phone එකට තදින්ම ඇබ්බැහි වෙලා නම් ඒ ගැන ප්‍රශ්න ඇති වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. ඔයා ගොඩක් busy job එකක් කරනවා ඔයාට පුළුවන් වෙන්න ඕන එයා meet වෙන වෙලාවට ඔයාට එන calls වලින් පොඩ්ඩක් ඈත් වෙන්න. නැත්නම් සමහර විට අනිත් කෙනාට තේරුම් යන්න පුලුවන් ඔයා එයා කෙරෙහි තියෙන අවධානය අඩු වෙලා කියලා. ඒකෙන් එයාගේ හිතත් රිදෙනවනේ. ඒක හරිම සාදාරණයි. මොකද එයා හරිම ආදරෙන් ඔයාව meet වෙන්න බලාගෙන ඉදලා එහෙම ආපු දවසටත් ඔයා office එකේ වැඩත් එක්ක ඉන්නවා නම් එයාට එපා වෙනවනේ. නැත්නම් නිතරම call කර කර හරි message කර කර හරි ඉන්නවා නම් එයාට ඔයා ගැන සැක හිතෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා එහෙම වෙලාවට phone එක off කරලා තියන්න උපරිම උත්සහ කරන්න. එයා වෙතම ඔයාගේ අවදානමය යොමු කරන්න. එතකොට ඉබේටම ආදරේ වැඩි වෙනවා.
Phone එක නිසා ඇති වෙන රණ්ඩු
වයස අවුරුදු 18 – 24 පිරිස් දිනකට 47 – 82 වාරයක් තමන්ගේ phone එක දිහා බලාගෙන ඉන්නවා කියලා නවතම සමීක්ෂණයකින් හෙළිවෙලා තියෙනවා. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි කාන්තාවන්ගෙන් 70% හිතනවාලු Phone එක එයත් එක්ක තියෙන බැඳීමට ලොකු හානියක් කරනවා කියලා. විශේෂයෙන්ම එයයි ඔයයි ගොඩක් වැදගත් දෙයක් ගැන කතා කර කර ඉන්න වෙලාවට එයා හරි ඔයා හරි ෆෝන් එකට වැඩි අවදානයක් දෙනවා නම් අනික් කෙනාට කේන්තිය යන එක සාදාරණයිනේ.
දුරකථන ආචාරධර්ම පිළිපදින්න
ඔයාලා දෙදෙනා එකට ඉන්න වෙලාවට ඔයාට හදිසියේ යවන්න ඕන message එකක් හදිස්සියේ අමතක වෙලා යවන්න බැරි වුණා නම් , එයාට ඒ ගැන කියලා ඉක්මනට ඒක send කරන්න තප්පරයක් ඉල්ල ගන්න. එතකොට ඔයා ඒ වෙලාවේ phone එක අතට ගන්න එක ඒ තරම් ගැටළුවක් වෙන්නේ නැහැ .
Phone භාවිතා නොකළ යුතු Area වෙන්කරන්න
දෙදෙනා එකගතාවයෙන් ගේ ඇතුලේ දී Mobile phones පාවිච්චි කරන්න තහනම් ස්ථානයක් හෝ කිහිපයක් වෙන් කරගන්න. ඒකට දෙන්නම එකඟතාවය ගොඩක් වැදගත්. ඒ ස්ථානය living room, Bedroom, kitchen කියන ඕනෙම තැනක් වෙන්න පුළුවන්.