latest articles life relationship

පෙම්වතියට පෙම්වතාව එපා වෙන්න බලපාන හේතු 8ක්

ප්‍රේම සම්බන්ධතාවයකදී කිසිම වැරැද්දක් නොවී සම්බන්ධතාවය පවත්වා ගැනීම ලොකු අභියෝගයක්. ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන යද්දි පිරිමි ළමයි කරන පොදු වැරදි මොනවද කියල දැනගන්න කැමතිද? කොහොම වුණත් මේ වැරදි නොකර සිටියොත් සම්බන්ධතාවය සාර්ථකව පවත්වාගෙන යන්නට ඔයාටත්  පුළුවන් වේවි. 

1.ඇයගෙන් නිතරම ගොඩක් ප්‍රශ්න අහන්න යන්න එපා. ඔබට ඇයව හරියටම හඳුනා ගන්න ප්‍රශ්න ඇසිය යුතු වුණත් ඒක එකපාරටම කරන්නේ නැතිව ටික කාලයක් අරන් ප්‍රශ්න අහන්න.

2.පිලිවෙලට ඉන්න පිරිමි ළමයි ගොඩක් ලස්සන උනාට ඕනාවට වඩා පිළිවෙන වෙන්න ගියාම ඇය ඔබෙන් බලාපොරොත්තු වන පෙනුම ගිලිහෙන්න පුළුවන්. 

3.ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාද වුණොත් වෙන්නේ ඇයව ඔබට ළං කර ගන්න තියෙන අවස්ථාව නැති වෙන එකයි.

4.ඇයට මනසින් විතරක් නෙමෙයි ශාරීරිකවත් සමීප විය යුතුමයි. ඇයගේ උරහිසින් අල්ලන්න,  අතේ එල්ලෙන්න, පිරිසක් සිටින තැනක ඇයගේ අතින් අල්ලගෙන ඇය සමග ගමන් කරන්න. මේ දේවල් නොකළහොත් ඇය ඔබට සමීප වෙන්න ගොඩක් කල් යාවි.

5.ගැහැණු ළමයි තේරුම් ගැනීම ඇත්තටම අමාරු වැඩක්. නමුත් අසුබවාදී වැරදි වැටහීම් ඇතිකර ගැනීම වහාම නවත්වන්න. සුබවාදී විදිහට  හිතලා හොඳ සම්බන්ධතාවයක් ඇති කර ගන්න. 

6.ඔබ ඇයත් එක්ක ඉන්නකොට හැමවෙලේම ඇය ගැන අවධානය යොමු කරන්න.  ඔබ ඇයත් එක්ක ඉන්න වෙලාවට ෆේස්බුක් වගේ සමාජ ජාලා වෙබ් අඩවි වල කාලය ගත කරන්න එපා. එහෙම වුනොත් ඔබටත් නොදැනීම ඇය ඔබෙන් ඈත් වෙන්න පුළුවන්. 

7.ඔබට පුළුවන් හැම අවස්ථාවකදීම ඔබේ යහළුවන් අතරින් ඇයට ප්‍රමුඛස්ථානය ලබා දෙන්න. එසේ කළ නොහැකි අවස්ථාවල බොරු නොකියා සැබෑ තත්වය ඇයට පහදා දෙන්න. 

8.විශ්වාසය ඇතිකර ගන්න. කිසිවක් සගවන්නේ නැතිව නිතරම දෙදෙනාගේ අදහස් හුවමාරු කරගන්න. ඇය අගය කරන්න. ඇතැම් විට ඔබ ඇයට ආදරේ නොකරනවා යැයි හැඟෙන්නට පුළුවන්.  ඔබට ඇයගේ හොඳ ගතිගුණ අගය කරන්න බැරිනම්  එයින් කියවෙන්නේ ටිකෙන් ටික ඇය ඔබෙන් ඈත් වන බවයි.