latest articles

Office එකේ අයත් එක්ක හොදින් ඉදන් ඉහළට යන්න ඕන නම් කිසිදවසක මෙහෙම දේවල් කරන්න එපා

අපි හැමෝම ගොඩක් ලොකු අරමුණු සහ අපේක්ෂාවන් හිතේ තියාගෙන තමයි රැකියාවක් කරන්නේ . අපිට ඒ අරමුණු වලට හරි පාරෙන් වගේම වැරදි පරෙනුත් යන්න පුළුවන්. ඉතින් වැරදි විදිහට ඒ අරමුණු වලට ගියොත් ඔයාගේ boss එක්ක තියෙන හොඳ හිතත් නැති වෙන්න පුළුවන් වගේම ආයතනයේ අනෙක් අය එක්ක තියෙන සම්බන්ධතාවයත් පළුදු වෙන්න පුළුවන්. ඒ නිසා Office එකේ අනිත් අයත් එක්ක තියෙන සම්බන්දතාවය රැකගෙන ඉහළට යන්න තරම් ඔයා බුද්දිමත් වෙන්න ඕනේ. ඉතින් අපි අද කියන්න යන්නේ Office එකේ අයත් එක්ක හොදින් ඉදන් ඉහළට යන්න ඕන නම් ඔබ නොකළ යුතු කාරණා කිහිපයක් ගැනයි.

තමන්ගේ වැරදි පිළිගන්නේ නැහැ

මේ වගේ අය ඕනෙම ආයතනයක දකින්න පුළුවන් . තමන්ගේ අතින් වැරද්දක් වුණා නම් ඒ වැරැද්ද පිළිගන්න තරම් නිහතමානී කෙනෙක් වෙන්න. නැතුව ඒ වැරදි වෙන අයගේ පිට පටවන්න යන්න එපා. ඒ වගේම Bossට අනිත් අයගේ වැරදි කියන්න යන්නත් එපා. හැබැයි Boss අනිත් අයගේ අඩුපාඩු ඔයාට හොයන්න කියනවා නම් ඒකෙන් කියවෙන්නේ නැහැ එයාට ඔයා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා කියලා නම්. ඇත්තෙන්ම එතනදී වෙන්නේ අනිත් අයගේ විස්තර ලබාගන්න එක්තරා මාධ්‍යක් විදියට ඔයාව භාවිතා කිරීම විතරයි.

තමන්ගේ ඕන විදිහට ඉන්න එක

Office වල ගොඩක් දෙනෙක් වැඩ කරනකොට තමන් කරන විදිය තමයි නිවැරදි කියලා හිතාගෙනනේ. වෙන කිසිම කෙනෙක් කියන දෙයක් පිළිගන්න කැමත්තක් දක්වන්නේ නැහැ. වැඩ කරන්න කොච්චර අමාරු වුණත් තමන්ට හුරු පුරුදු එකම ක්‍රමයට විතරයි නම් ඔයා වැඩ කරන්නේ එතකොට අනිත් අයට ඔයාගේ වැඩ හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා වැඩක් කරන්න යනකොට අනෙක් අයගේ උපදෙස් අරගෙන ඒ අදහස් වලින් ඔයාට ගන්න පුළුවන් දේවල් අරගෙන වැඩේ කරන්න පුළුවන් හොඳම විදිහට කරන්න.

නිතරම ආයතනයෙන් ඉවත්වෙන බව කීම

ඔයාගේ Office එකෙත් මේ වගේ අය ඇතියි. කවුරු හරි මොනවා හරි කියපු ගමන් මට තවත් මේ Office එකේ ඉන්නේ බැහැ, වෙන Job හොයාගන්න ඕන, මම අස් වෙලා යනවා වගේ දේවල් කියන අය ඉන්නවා ඇතිනේ. ඒ විදිහට බොරුවට වුණත් හැමදාම, නිතර නිතර කියන්න ගත්තොත් මේ දේවල් වලට Boss අකමැති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ position එකට අලුතෙන් කෙනෙක් අරගෙන ඔයා හීනෙකින්වත් හිතන්නෙවත් නැති වෙලාවක අස් වෙන්න කියන්න ඉඩ තියෙනවා.

ආයතනයෙන් වෙලාවට කළින් පිටව යාම

සාමාන්‍යයෙන් Office එකක් පටන් ගන්න වෙලාව වගේම අවසන් වෙන වෙලාවකුත් තියෙනවානේ. හැබැයි සමහරු Office ඉවර වෙන්න කළින්ම පිටවෙලා යනවා. ඒ විදිහට හැමදාම යන්න ගියොත් වෙන්නේ ඔයාගේ Bossට වගේම අනිත් අයටත් ඔයාව එපා වෙන එක. හදිසි අවශ්‍යතාවයකට ඔයා එහෙම පිටවෙලා ගියත් ඔයා ඒ වෙනුවෙන් අනුගමනය කල යුතු ක්‍රියාපටි පාටියක් තියෙනවානේ. එහෙමත් නැත්නම් මේ විදියට ඔයා හැමදාම වැඩ අවසන් කරලා යන්න ගියොත් Bossට හිතෙන්න පුළුවන් ඔයාට දීලා තියෙන වැඩ ප්‍රමාණය මදි කියලා.

ඔයා Office එකක හොදින් වැඩ කරගෙන ඉන්න කැමති නම් කිසි දවසක මේ දේවල් නම් කරන්න එපා. එහෙම දේවල් කළොත් වෙන් කාටවත් නෙවෙයි තමන්ටම තමයි පාඩුව සිද්ද වෙන්නේ. ඒ නිසා හැමදාම Office එකේ අයත් එක්ක හොඳින් වැඩ කටයුතු කරගෙන සර්තකත්වය කරා යන්න උත්සහ කරන්න.