latest articles life relationship

ශක්තිමත් සම්බන්ධතාවයක සිටින ආදරණීය යුවළක් නින්දට යාමට පෙර කරන දේවල් 5ක්

යුවළක් නින්දට යාමට පෙර තම සැමියා හෝ බිරිඳ සමඟ යම් කාලයක් සතුටින් හා විනෝදයෙන් ගත කිරීම ඉතා වැදගත්. එම කාලය පැයක්ද මිනිත්තු කීපයක්ද යන්න නෙවෙයි වැදගත් වෙන්නේ. දෙදෙනාම එකිනෙකා සමග කාලය භුක්ති විඳීම, කථා කිරීම සහ ආදරය පෙන්වීමෙන් හා යහපත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම තමයි වැදගත්. ඉතින් අද අපි හිතුවා ප්‍රීතිමත් යුවළක් නින්දට යාමට පෙර කරන දේවල් 5ක් ගැන මේ ලිපියෙන් කියන්න.

1.වැඩ ගැන අමතක කිරීමට උත්සාහ කරන්න

ඔයා නිදාගන්න ඇඳට ආවම ඔයාගේ ඊමේල් පණිවිඩ පරීක්‍ෂා කිරීම නවත්වා වැඩ ගැන අමතක කිරීමට උත්සාහ කරන්න. එම කාලය ගැටළු අමතක කිරීමට සහ සැහැල්ලුවක් ගෙන දීමටත්, දෙදෙනා සමඟ එකට ගත කිරීමටත්, විවේකයක් ලබාගැනීමටත් යොදා ගන්න. ඒ වෙලාවේදී රැකියාවේ ප්‍රශ්න, මූල්‍යමය ගැටළු ගැන කිසිවක් කතා කරන්න එපා.

2.උණුසුම් වාදවලට සම්බන්ධ නොවීම ඉන්න

නින්දට යාමට පෙර රණ් ඩු සරුවල් වලට සම්බන්ධ නොවීමට උත්සාහ කරන්න. නින්දට යාමට පෙර වාද කිරීමෙන් කිසි විටෙකත් ගැටලුවක් විසඳීමට පුළුවන් වෙන්නේ නැහැ. එමගින් සිදු වන්නේ ඔබ දෙදෙනාටම නින්දට යාම අපහසු වීමයි. ඒ වගේම මානසික අවපීඩනයක් ඇති වීමත් සිදුවිය හැකියි.

3.දුරකථනය ක්‍රියා විරහිත කර හෝ සයිලන්ට් කර තබන්න​

සමාජ මාධ්‍ය තුළ ඕනවට වඩා සැරිසැරීම නිසා චිත්තවේගීය සමීපතාව සහ බැඳීම් සඳහා බලපාන ඔක්සිටොසින් හෝමෝනය ශරීරයේ මුදා හැරීම මර්දනය කරනවා. ඒ නිසා රාත්‍රියේ දී යහනට යන්න පෙර ඔයාගේ දුරකථනය ක්‍රියා විරහිත කර හෝ සයිලන්ට් කර පැත්තකින් තබන්න අමතක කරන්න එපා. ​

4.සිප වැළඳගැනීම් සිදු කරන්න​

ඔයා නිදා ගැනීමට පෙර ඔහුව හෝ ඇයව සිප ගන්න අමතක කරන්න එපා. ඇඳේ සිටින විට මිනිත්තු කිහිපයක් එකිනෙකාව හුරතල් කරන්න. මෙය ඔබව ඉතා සන්සුන් කරන අතර ධනාත්මක හැඟීම් උපදවීමට හේතු වෙනවා.

5.දෙදෙනාම එකම වෙලාවට නින්දට යන්න

බොහෝ විවාහක යුවළවල් තම තමන්ගේ වැඩ රාජකාරි නිසා දවස පුරාම එකිනෙකා  දකින්නේ නෑ. ඒ වගේම විවිධ වේලාවන්හි නින්දට යාමේ පුරුද්දක් තිබීමත් දෙදෙනාගේ දුරස්ථභාවය වැඩි කිරීමට හේතු වෙනවා. හැබැයි ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කරන යුවළවල් එකටම දත් මැදලා එකට නින්දට යනවා. එවිට දෙදෙනාගේ සම්බන්ධතාවයේ උණුසුම හා සමීපභාවය පවත්වා ගැනීමට උපකාරී වෙනවා.