ඊජිප්තුවරුන්, ග්රීකවරුන් සහ රෝමවරුන් විසින් පැරණි ශිෂ්ටාචාර පැවති සමයේදී රාත්‍රියේ මේස් පැළඳී නිදාගැනීම සිදුකර තිබෙනවා. එමනිසා මෙම පුරුද්ද ඔවුන්ගෙන් පැවත ආවක් බවට හැඳින්වෙනවා. මේස් දමාගෙන නිදා ගැනීම ඇත්තෙන්ම ඔබේ ශාරීරික හා මානසික යහපැවැත්ම වැඩිදියුණු කරන්න හේතු වෙනවා. මේ විදියට මේස් දමාගෙන රෑට නිදාගත්තෝත් ඔබට ලැබෙන වාසි 05ක් තමයි අද අපි මෙම ලිපියෙන් ගෙන එන්න සූදානම් වෙන්නේ.
1. ඉක්මනින් නින්ද යාම.
අධ්‍යයනවලින් හෙළි වී තිබෙන විදියට රාත්‍රියේ මේස් පැළඳීමෙන් ඔබට ඉක්මනින් නිදා ගැනීමට හැකියාව ලැබෙනවා. මේස් පැළඳීමෙන් ඔබේ පාද උණුසුම් වීම මෙයට හේතු වෙනවා. ඔබේ පාද උණුසුම් වන විට, ඔබේ ශරීර උෂ්ණත්වය අඩු කලයුතු බවට මොළයට පණිවිඩයක් යන නිසා නින්දට යාමට කාලය පැමිණ ඇති බව අඟවා ඔබට ඉක්මනින් නින්ද ලඟාකර දෙනවා.
2. Raynaud’s රෝගය වළක්වා ගත හැකිවීම.
Raynaud’s රෝගය යනු ආතතිය, සීතල, උෂ්ණත්වය වැනි සාධක නිසා හොඳින් රුධිරය සංසරණය වීමට නොහැකි වී පාදවල හිරිවැටීමක් හො ක්ෂණික වේදනාවක් ඇතිවීමයි. මේස් පැළඳීමෙන් ඔබේ අභ්‍යන්තර ශරීර උෂ්ණත්වය නියාමනය කර මෙම රෝගී තත්වය ඇතීවීම වළක්වනවා.
3. ඔබව සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම.
මේස් දමාගෙන නිදිගැනීමෙන් ඔබේ ශරීර උෂ්ණත්වය අඩු වී රුධිර සංසරණය හොඳින් සිදු වී සුව නින්දක් ලබා දෙනවා. එමඟින් ඊළඟ දවසේ කටයුතු සඳහා ඔබට ශක්ති ලබාදෙනවා.මෙය රුධිර සංසරණය හොඳින් සිදු වීමට උපකාරී වන නිසා එමඟින් හදවත් රෝග, අධි රුධිර පීඩනය ආදී රෝග සෑදීම වළක්වනවා.
4. Hot flashes තත්වය වළක්වා ගත හැකිවීම.
උෂ්ණත්වය පාලනය කිරීම නියාමනය කළ නොහැකි වීම සහ ශරීරයේ ඇති හෝමෝන අසමතුලිතතාවය නිසා Hot flashes තත්වය ඇතිවෙනවා. බොහෝවිට හෝමෝන අසමතුලිතතාවයෙන් පෙළෙන ගැබිණි කාන්තාවන් හා ආර්තවහරණයට පත් වූ කාන්තාවන් මෙම Hot flashes තත්වයට මුහුණු දෙනවා. එමනිසා මේස් දමාගෙන රෑට නිදාගැනීමෙන් රුධිර සංසරණය වැඩිවී ශරීරයේ උෂ්ණත්වය අඩු වන හෙයින් Hot flashes තත්වය වළක්වා ගත හැකිවෙනවා.
5. පාද වියළි ස්වාභාවයක් ගැනීම වැළැක්වීම.
ඔබේ පාද වල වියළි ස්වාභාවයක් පවතීනම් හෝ විලුඹ පැලී ඇත්නම් මේස් පැළඳීමෙන් පාදවල තෙතමනය ආරක්ෂා කර මෙම අපහසුතා වළක්වා ගැනීමට උපකාරී වෙනවා. නින්දට යාමට පෙර ඔබේ පාදවලට තෙල් හෝ මොයිස්චරයිසින් වර්ගයක් ආලේප කර මේස් දමාගෙන නින්දට යන්න. ඔබගේ අත්වලද අධික වියළි ස්වාභාවයක් තිබේනම් ඔබට අත්වලට ද මේස් පළඳින්න පුළුවන්. ඔබේ පාදවලට සහ අත්වලට මේස් පැළදීමෙන් ඒවායේ වියළි සම සුවපත් වී තෙතමනය ආරක්ෂා වෙනවා.