health latest articles life

මලබද්ධයෙන් මිඳීම සඳහා අනුගමනය කළ හැකි පහසු ක්‍රම 5ක්

මලබද්ධය කියන්නේ රෝග ලක්‍ෂණයක් මිසක් රෝගයක් නෙවෙයි. මෙලෙස මලබද්ධය ඇති වීමට බොහෝ හේතු බලපාන අතර එය සමහර විට හයිපෝතිරොයිඩ්වාදය, දියවැඩියාව, පාකින්සන් රෝගය, සෙලියාක් රෝගය, සෙලියාක් නොවන ග්ලූටන් සංවේදීතාව, මහා බඩවැලේ පිළිකා, ඩිවර්ටිකුලිටිස් සහ බඩවැල් රෝග වැනි වඩාත් දරුණු රෝග සඳහා අනතුරු ඇඟවීමේ ලකුණක් ද විය හැකිය. වර්තමානයේ ලොව පුරා සිටින බොහෝ පුද්ගලයින් මලබද්ධය හේතුවෙන් පීඩා විඳිනවා. මේ සඳහා අහිතකර ජීවන රටාවන් හා සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර පරිභෝජනය ද බලපානවා. කෙසේ වෙතත් මල බද්ධයට ප්‍රතිකාර කිරීමේ ක්‍රම රඳා පවතින්නේ එය ඇති වීමට හේතුව, එය ඇති වි තිබෙන්නේ වෙනත් ශරීරයේ අභ්‍යන්තරව පවතින රෝගයක ලක්‍ෂණයක් ලෙස ද සහ එය පවතින කාලසීමාව මතයි. ඔබට නිවසේදීම මලබද්ධයෙන් මිදීමට ක්‍රම තිබුණත් ඔබ වෙනත් අතුරු ආබාධවලින් පෙළෙන්නේ නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් හමුවීමට කටයුතු කළ යුතුයි.

1.ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම​

බඩවැල් විජලනය වීම හේතුවෙන් මලබද්ධය ඇතිවීම සිදු වෙනවා. ඔබේ ශරීරය නිසි ලෙස සජලනය කිරීම මඟින් බඩවැල් විජලනය වීම වළක්වා ගැනීමේ හැකියි. මෙමඟින් මලපහ මෘදුව තබා ගන්නා අතර එය පහසුවෙන් පිටවීමට ඉඩ සලසයි. ඒ නිසා ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය ක්‍රමවත්ව ක්‍රියාත්මක වීම සඳහා දිනකට අවම වශයෙන් වතුර වීදුරු 8ක්වත් පානය කිරීමට කටයුතු කළ යුතුයි.

2.කෙසෙල්

ඉදුණු කෙසෙල් ආහාරයට ගැනීම මඟින් ද මලබද්ධය සමනය කිරීම කරගත හැකියි. ඒ නිසා ඔබ මලබද්ධයෙන් පෙළෙනවා නම් ඉදුණු කෙසෙල් ආහාරයට ගන්න පුළුවන්.

3.ව්‍යායාම

ඇවිදීම ඉතා හොඳ ව්‍යායාමයක්. දිනකට මිනිත්තු 10ක් 15ක් ඇවිදීම මඟින් ආහාර ජීර්ණ පද්ධතියේ කාර්‍යක්‍ෂමතාව සැලකිය යුතු ලෙස වැඩි කළ හැකිය. ඉතින් ඔබත් මලබද්ධය හේතුවෙන් පීඩාවට පත්ව සිටින්නේ නම් මෙය අනුගමනය කරන්න​.

4.යෝගට්

යෝගට් වල ඇති හිතකර බැක්ටීරියා මගින් ආහාර දිරවීමේ ගැටළු සමනය කරනවා. ඉතින් ඔබත් මලබද්ධයෙන් පීඩා විඳින්නේ නම් නිතර ඔබේ ආහාර වේලට යෝගට් එකතු කර ගැනීමට කටයුතු කරන්න.

5.තල ඇට

ඔබ මලබද්ධයෙන් පෙළෙන්නේ නම් ඔබේ ආහාර වලට නිතර තල ඇට එකතු කර පරිභෝජනය කරන්න. උදාහරණයක් ලෙස සලාද, යෝගට් හෝ ස්මූති මත තල ඇට කිහිපයක් ඉසින්න​. ඊට අමතරව තල අඩංගු ආහාරද ඔබට නිතර පරිභෝජනය කළ හැකිය. තල මේස හැන්දක තන්තු ග්‍රෑම් 1.1 ක් පමණ අඩංගු වන අතර එය මලබද්ධය සමනය කිරීමට උපකාරී වේ.