සමහරු හිතනවා ලස්සන වීම රඳා පවතින්නේ තම තමන්ගේ මේකප් පෙට්ටියේ තියෙන දේවල්වල ප්‍රමාණය අනුව කියලා. එය වැරදි මතයක්. ලස්සන කියන්නේ ඔබේ ඇතුළත වගේම පිටත තියෙන නිරෝගීකම පෙන්වන හොඳම සාක්ෂියක්. ලස්සන කාන්තාවක් වීම අමාරු නැහැ. නමුත් නිවැරදි ආකල්ප වගා කර ගැනීම තමයි වැදගත්ම දේ. ඉතින් අපි අද ඔබව දැනුවත් කරන්න යන්නේ මේකප් නැතුවත් ලස්සන බව වැඩි දියුණු කරගැනීමට ඔබ කළයුතු දේවල් 6ක් පිළිබඳවයි.
1.ආත්ම විශ්වාසය වැදගත්

තමන් ලස්සන කාන්තාවක් කියලා දන්නා කෙනෙක් නිතරම හැසිරෙන්නේ හොඳ ආත්ම විශ්වාසයකින්. ආත්ම විශ්වාසයක් ඇති කර ගන්න නම් ඔබ ශරීරයෙන් නිරෝගී සහ ශක්තිමත් විය යුතුයි. අනෙක තමාගේ උපතින් ලැබුණු පෙනුම සුන්දරයි. ඒ බව නිතරම විශ්වාස කරන්න. උපතින් ලැබුණු ලස්සන සම බ්ලිජින් වගේ නරක ක්‍රම මඟින් රෝගී කර ගන්න කොයි වෙලාවකවත් උත්සහ දරන්න එපා.
2.කිසිම විටෙක ඔබ ඔබව සසඳන්න එපා

මා තරුණ කාලේදී නිතරම මහන්සි වුණා, අනිත් අය මා ගැන මොනවා හිතාවිද, අනිත් අය ඉදිරියේ මම අවලස්සනට පෙනේවිද කියලා වගේ දේවල් කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් ඒක ඇත්තෙන්ම විකාර සිතුවිල්ලක්. හැමෝම හැමෝටම ආවේණික අයුරින් ලස්සනයි. අනෙක් කාරණය තමයි ලස්සන කියන දේ සාපේක්ෂ වීම.
3.හොඳින් ව්‍යායාම කරන්න

මිනිස්සු ව්‍යායාම කරන්න ඕන බර අඩු කරගන්න කියන එක මිත්‍යාවක්. මිනිසුන් ජීවත්වීම වෙනුවෙන් දිනපතා ස්වභාවික ව්‍යායාම කළයුතුයි. අපේ ලෙඩ රෝග සියල්ලටම හේතුව තමයි අපි දැන් තාක්ෂණයේ දියුණුව සමඟ ශරීරය වෙහෙස කරන්න තියෙන කම්මැලිකම. හොඳින් දහඩිය පිටවෙන්න දවසට විනාඩි 45ක් විතර පයින් ඇවිදින්න. ව්‍යායාම වල නිරත වීමට සුදුසුම වෙලාව උදේ වරුවයි. උදෑසන කරන ව්‍යායාම නිසා දවස තුළ බඩගිනි ඇතිවීමේ ප්‍රමාණය 20%කින් පමණ අඩු වෙනවා. මේ නිසා දවසේ අන් වේලාවන් තුළදී ව්‍යායාම කරනවාට වඩා, උදෑසන ව්‍යායාම කිරීමෙන් අඩුවන කැලරි ප්‍රමාණය වැඩියි.
4.නිවැරදි පාන වර්ග පමණක් බොන්න

උදේම කිරි හෝ කෝපි බොනවා වෙනුවට පලතුරු ජූස් එකක් හිස්බඩ පානය කිරීම ගොඩක් වටිනවා. ඊටත් වඩා නැගිට්ට ගමන් හොඳ වතුර වීදුරුවක් බීම තමයි වඩාම හොඳ. ඒ මගින් ආහාර ජීරණය ක්‍රමවත් වෙනවා. ඒ වගේම ශරීරයේ අපවිත්‍රතා පිට කිරීමටත් රුකුළක් දෙනවා. රුධිර පීඩනය පාලනය කරනවා. අධික ඇල්කොහොල් පානය නම් කොහෙත්ම අනුමත කරන්න බැහැ. ඔබේ සම වියපත් වෙන්නේ ඇල්කොහොල් අඩංගු දේවල් ලොකු හේතුවක් වෙනවා. වයින් වීදුරුවක් ගැනීම නම් සමට නරකක් නැහැ. නමුත් අධික ඇල්කොහොල් පානය ඉතාම නරකයි. ඒ නිසා ඔබ කෝපි, කර්බනේටඩ් බීම වර්ග සහ ඇල්කොහොල් අයින්ම කරලා දාලා පිරිසිදු ජලය, පලතුරු යුෂ, ඖෂධ පාන වර්ග ඔබේ බීමවලට එකතු කරගන්න. සුන්දර මුහුණ හැමදාම ලස්සනට තියා ගන්න නම් ඔබට කැපවීමක් කරන්නට වෙනවා.
5.සමබල ආහාර වේලක්

මුහුණේ සම ලස්සනට තියා ගන්න නම් ආහාර වේල සමබල වීම ගොඩක් වැදගත්. සමේ තෙතමනය රඳවා ගැනීමට ස්වාභාවික පිහිටීමක් ඔබේ සමේ තිබෙනවා. එම සෛල ශක්තිමත් වීමට නම් ඔමේගා 3 මේද අම්ල යහමින් ගැනීම ගොඩක් වැදගත්. ඒ වගේම විටමින් සහ ඛනිජ ලවණ මෙන්ම ප්‍රෝටීන ඔබේ සිරුරේ සම කියන විශාල අවයවය වයස් ගත වීම පාලනය කරන්න හේතුවෙනවා. කෘතීම රසායන අඩංගු ආහාර අවම කරලා ස්වාභාවික ආහාර හැකි තරම් ගැනීම වැදගත්. බත් කන තරම් අඩු කරලා එළවලු, පළතුරු, මස් , මාළු වගේ දේවල් ආහාරයට වැඩියෙන් එකතු කරන්න. ඒ වගේම අපි පිසිනවා වැඩියි. ඒ නිසා විටමින් ආදිය හානි වෙනවා. හැකි තරම් අමුවෙන් කන්න උත්සහ කරන්න.
6.හොඳ නින්දක් ලබාගන්න
පැය 6 ත් 8 ත් අතර නින්ද කියන්නේ සුන්දර මුහුණට අත්‍යවශ්‍යම අංගයක්. ඒ වගේම ඉතාම පිරිසිදු සැටින් රෙද්දෙන් කළ කොට්ට උර පාවිච්චිය ගොඩක් වැදගත් වෙනවා මුහුණේ රැළි ඇතිවීම අවම කර ගැනීමට. කොන්ඩේ අවුල් වීම සහ කැඩීම පවා නවතිනවා.