beauty health latest articles

පාද සහ නියපොතු වලට ඉතා අලංකාර පෙනුමක් ලබා ගැනීමට​ උපදෙස් 5ක්

දිගු වේලාවක් පාවහන් පැළඳ සිටීම නිසා අපගේ පාද වල දැඩි අපහසුතාවයට පත්විය හැකි අතර එමඟින් අපගේ සමස්ත සෞඛ්‍යයටද බලපෑම් ඇති කළ හැකිය. අපේ පාද සහ නියපොතු හොඳ තත්ත්වයේ තබා ගැනීමට අපි අමතර සැලකිල්ලක් දැක්විය යුත්තේ එබැවිනි. ඒ නිසා ඔබේ පාද සහ නියපොතු වලට ඉතා අලංකාර පෙනුමක් ලබා දීම සඳහා අපි ඉතාමත් ප්‍රයෝජනවත් උපදෙස් 10 ක් මේ ලිපියෙන් අපි අරගෙන ආවා.පාද වියලිව තබා ගන්න.පාද තෙත්ව තිබීම නිසා දිලීර වැඩීමට හිතකර වාතාවරණයක් ඇතිවන බැවින් නිතරම ඔබේ පාද වියළිව තබා ගන්න. ඒ සඳහා ඔබට පහත සඳහන් දෑ කළ හැකියි.

1.නිතරම සමට ගැළපෙන ස්වාභාවික ද්‍රව්‍ය වලින් සාදන ලද සපත්තු තෝරන්න.

2.එකම සපත්තු යුගලය දින කිහිපයක් එක දිගට පළඳීමෙන් වලකින්න.

3.නෑමෙන් පසු තුවායකින් ඔබේ පාද හොඳින් පිස දමා තෙතමාත්තු කරන්න​.

4.ඔබේ නියපොතු කොන් රවුම් නොකර ඍජුව සිටින සේ කපන්න.

5.අනවශ්‍ය ලෙස නියපොතු කෙටි කිරීමෙන් වළකින්න​.

6.මද උණුසුම් වතුර ලීටර් 1ට ලුණු තේ හැදි 1ක් එකතු කර එම ජලයට ඔබේ පාද දමා විනාඩි 15-20 අතර කාලයක් තබන්න.  

7.ඔබේ නියපොතු කෙළවර කුණු එකතු වී ඇත්නම් ඒවා ඉවත් කරන්න.

8.නියපොතු ආසාදනය වීම වැළැක්වීම සඳහා විෂබීජ නාශකයක් යොදා පිරිසිදු කරන්න​.

9.පාද සඳහා සුදුසු ක්‍රීම් එකක් භාවිතා කරන්න​.වැස්ලින් වැනි මෘදුකාරක අඩංගු ග්ලිසරින් සහ ලෙසිටින් වැනි මොයිස්චරයිසින් කරන ද්‍රව්‍ය අඩංගු ක්‍රීම් භාවිතා කිරීම වඩාත් සුදුසුය.

10.තෙහෙට්ටුව අඩු කිරීමට, රුධිර සංසරණය වැඩි දියුණු කිරීමට සහ ඔබේ පාද සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට හොඳම පිළියම පාද සම්බාහනයයි. ඒ සඳහා ඔබට ගෙදරදීම කල හැකි දෙයක් තමයි සාමාන්‍ය ටෙනිස් බෝලයක් හෝ වෙනත් ඕනෑම වටකුරු වස්තුවක් ඔබේ පාදය යට තබා ඔබේ ඇඟිලිවල සිට ඔබේ විලුඹ දක්වා එහා මෙහා පෙරළීම සිදු කරන්න​.