හදවත නැතිව ජීවත් වෙන්න බෑ කියලා අපි හැමෝම දන්නවා. ඒ වගේම නිසි ව්‍යායාමයන් සහ සමබල ආහාර වලින් හදවත නීරෝගිව තියාගන්නට පුලුවන් කියන්න එකත් ඔබ දැනටමත් දන්නා කරුණක්. හදවත වඩාත් කාර්යක්ෂමව හොදින් පවත්වා ගැනීමට උපකාරී වන දිනපතාම කල යුතු දේවල් 5ක් ගැන හෘද ශල්‍ය වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා. ඒ කරුණු 5 ගැන තමයි අද අපි මේ ලිපියෙන් කියන්න යන්නේ.
1.හිතකර මේදය ලබාගැනීම
අපෙ ශරීරයට සංතෘප්ත අසංතෘප්ත මේදයන් අවශ්‍ය වෙනවා වුනත් ට්‍රාන්ස් මේදය අපෙ හදවතට අහිතකරයි. එයට හේතුව තමයි හෘද රෝග අවදානම වැඩි කරමින් ජීවිත කාලය පුරාවටම ආඝාතය ඇති කරන්නට හැකියාවක් තිබීම. මෙම ට්‍රාන්ස් මේදය කෘතිමව නිපදවනු ලබන මේද වර්ගයක් වන අතර ඒවා මාගරින්,බේක් කල ආහාර, සුළු ආහාර, ක්ෂණික බැඳපු ආහාරවල අඩංගු වෙනවා.
2.දන්ත සෞඛ්‍ය පවත්වා ගැනීම
දන්ත සෞඛ්‍ය කියන්නේ හදවත ඇතුලුව සමස්ත සෞඛ්‍ය ගැනම ඇඟවීමක් ලබාදෙන නිර්ණායකයක්. විදුරුමස් රෝග ඇති අයට බොහොවිට හෘද රෝග ඇතිවීමෙ අවදානමක් පවතිනවා. එම නිසා නිසි ලෙස දන්ත සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතුයි. විදුරුමස් රෝගයන්ට මුඛයෙ ඇති බැක්ටීරියාවන් රුධිරයට ගමන් කල හැකි වීම හේතුවෙන් එය ආඝාතය සහ හදවත් රෝග වලට හේතුවක් වෙනවා.
3.ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම
අඩු නින්ද හෝ වැඩි නින්ද ඔබගෙ හදවත රෝගී කරනවා. ඔබ ලබාගන්නෙ ඉතා අඩු නින්දක් නම් එය හෘද වාහිනී රෝග සදහා වැඩි අවදානමක් ඇති කරවනවා. පැය හයට අඩු නින්දක් ලබාගන්නා අයට වඩා පැය හයත් අටත් අතර නින්දක් ගන්නා අය සාපේක්ෂව ආඝාතය සහ හෘදයාබාධ වැළඳීමට දෙගුණයක හැකියාවක් ඇති බව පර්යේෂණ වලින් හෙළිවෙලා තියෙනවා. ඒ වගෙම දිවා රෑ නොබලා අධිකව නිදාගන්නා අයටත් රුධිර පීඩනය, දැවිල්ල ඇති විය හැකියි. එම නිසා පැය හතත් අටත් අතර නින්දට ප්රමුඛත්වයක් ලබාගන්න.
4.දුම්පානයෙන් වැළකීම
නිවස තුල හො පිට ස්ථානයක දුමට නිරාවරණය වන්නන් හට හදවත් රෝග වැලදීමෙ අවධානම 25%-30%ත් අතර ගන්නා බව අධ්‍යනයන්ගෙන් හෙළි වෙල තියෙනවා. අධි රුධිර පීඩනය හෝ කොලෙස්ටෙරෝල් ඇති අය දුමට නිරාවරණය වූ විට හෘද රෝග ඇතිවීම ඉහල අගයක් ගන්නා බවටත් පර්යේෂකයන් පෙන්වා දෙනවා. මෙයට හේතුවක් වන්නෙ සිගරට් දුමෙන් විමෝචනය වන රසායනික ද්‍රව්‍ය ධමනි තුල තැන්පත් වීමයි.
5.එක දිගට වාඩි වී වැඩ කිරීමෙන් වළකින්න
එක දිගට ගොඩාක් වෙලාවක් ඉඳගෙන ඉන්න හෝ ඉඳගෙන වැඩ කරන අයට හෘද රෝග වැලදීමෙ අවධානම 147%කින් වැඩියි. ඊට අමතරව දිගු වෙලාවක් වාඩි වී සිටීම ගැඹුරු නහර ත්‍රොම්බොසිස් ඇතිවීමෙ අවදානමද වැඩි කරනවා. ඔබ කාර්යාලයක එක දිගට වාඩි වී රැකියාවක් සිදුකරන්නෙ නම් කිහිප විටක් හො නැගිට ඇවිදීම සිදු කරන්න. විදුලි සෝපාන නොගෙන පඩිපල් ඔස්සෙ ගමන් කරන්න. හැකි සෑම විටම ව්‍යායාම් කරන්න.