latest articles life relationship

දකින හැමෝටම පේන්න හැම අතින්ම ගැළපෙන ජෝඩුවක් වෙන්න අනුගමනය කළ යුතු ක්‍රම 5ක්

අපිට සමාජයේ එදිනෙදා ජීවිතයේදී දකින්නට ලැබෙන ඇතැම් පෙම්වතුන් දුටු සැණින්ම ඉබේම කියවෙනවා ‘ෂා මාරු, නියමෙට ගැලපෙන ජෝඩුව’ කියලා. සමහරක් විට එහෙම කියවෙන්න හේතුව ඔවුන්ගේ පෙනුම එහෙමත් නැත්නම් හැසිරීම වෙන්නත්  පුළුවන්. ඉතින් කවුරු වුණත් කැමතිනේ තමන් සහකරු හෝ සහකාරිය එක්ක ගමනක් යනකොට කවුරුත් කියනවා නම් හොඳට ගැළපෙන ආදරවන්තයෝ යුවළක් කියලා. ඉතින් අපි අද ඔබට කියන්නේ මේ විදියට ගැළපෙන ජෝඩුවක් වෙන්න ඔබ අනුගමනය කළ යුතු ක්‍රම 5ක් ගැනයි.

1.ගරු කිරීම

ඔබ දෙදෙනා එකිනෙකාට ආදර දක්වනවා වගේම ගරු කරනවා නම් එයින් ඔබ දෙදෙනා අතර විශ්වාසය වැඩි වෙනවාත් සමඟම ආදරය තව තවත් වැඩි වෙන්නට ඒක හේතුවක් වේවි. ඉතින් මේ විදියට නිතරම දෙදෙනා එකිනෙකාගේ අදහස් වලට සහ සිතුම් පැතුම් වලට ගරු කළොත් සමාජයට ඔබ ආදර්ශයක් විදියට පෙනේවි. කවුරුත් ඔබේ ආදරය ආශීර්වාද කරාවී.

2.අවංක වෙන ගමන් ඔබ ඔබම වෙන්න

බොහෝ දෙනෙක් උත්සහ දරන්නේ තමා හොඳ පරිපුර්ණ පුද්ගලයෙකු ලෙස අනෙකා ඉදිරියේ පෙනී හිටින්නයි. නමුත් බුද්ධිමත්ම ක්‍රියාව වන්නේ ඔබ ඔබේ සත්‍ය ස්වරූපය ඔහු හෝ ඇය ඉදිරියේ පෙන්වීමයි. මන්ද ජීවිත කාලයටම ඔබ රැඳී සිටිය යුත්තේ ඔහු හෝ ඇය සමඟ නිසයි. ඉතින් ඒ නිසා ඔබට ජීවිත කාලයම රඟපාන්න බැහැනේ. එතකොට පුළුවන් ඔබට ජීවිත කාලයම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. එහෙම නැත්තම් ඔබ ඔහු හෝ ඇය ඉදිරියේ රඟපාලා මුලදී හිත දිනාගත්තත් පසුව එය ඔබට ගැටළු බොහොමයක් ඇති කරාවි. ඒ නිසා ඔබ ඔබේ අවංකකම සහකරු ඉදිරියේ වගේම අනෙක් අයටත් පෙන්වන්න.

3.කරුණාවන්ත වෙමින් එකිනෙකාට සහය වෙන්න

හැමදෙනාටම හැම දවසක්ම එක වගේ හොඳින් තියෙන්නේ නැහැ. ඇතැම් කාලවලට ජීවිතය එපා වන තරමටම  ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඉතින් එවැනි අවස්ථාවක ඔහුට හෝ ඇයට එයින් මිදෙන්න ඔබට හැකි උපරිමයෙන් සහය වෙන්න. ඔවුන්ගේ අවශ්‍යතා හොඳින් වටහා ගනිමින් සොයා බලමින් ඔවුන් තනිවී නොමැති බව එත්තුගන්වන්න. ඔහු හෝ අයව වෙනස් දේවල් කරමින් සතුටින් තියන්න උත්සහ කරන්න.

4.දෙදෙනා එක්ව මතකයන් එකතු කරන්න.

පෙම්වතුන්ට ආදරය තුළ දෙදෙනාගේ සතුට ඇරෙන්නට අනෙක් කිසිවක් වැදගත් නැහැ. ඉතින් ඔබ දෙදෙනා එක්ව සිටින සෑම අවස්ථාවකම විශේෂ කරගන්න උනන්දු වෙන්න. ඒ නිසා ඔබට හැකි සෑම අවස්ථාවක්ම සතුටින් ගත කරන්න.  දෙදෙනා එක්ව සිටින සෑම අවාස්ථාවක්ම ජීවිතේ සුන්දර මතකයක් බවට පත්කර ගන්න.

5.අනෙකාට නිදහස ලබාදෙන්න

ආදරය කරනවා කියන්නේ ඔබ දෙදෙනා දවස තිස්සේම එකට ඉන්න ඕන කියන එක නම් නෙවෙයි. ඇතැම් පෙම්වතුන් කරන වරදක් තමයි තමන් කැමතිදේම අනෙකාට කරන්නට බල කරන එක. එයින් කලක් යනවිට එපා වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඔහුගේ හෝ ඇයගේ නිදහස ඔවුන්ට ලබාදෙන්න. ඒ වගේම ඔබ කැමති දේවල් කරන්නත් වෙලාව  වෙන් කරගන්න.