health latest articles

අත්යට භාවිතයට අමතරව ඩියෝඩ්‍රන්ට් භාවිතා කිරීමට පුළුවන් ඔබේ ශරීරයේ ස්ථාන 5ක්

බොහෝවිට ඔබ ඩියෝඩ්‍රන්ට් එකක් භාවිත කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ භාවිත කරන‍්නේ අත්යට දහඩිය දැමීම සහ දුර්ගන්ධය අඩු කරගැනීම සඳහා වුවත් ඩියෝඩ්‍රන්ට් වලට කළ හැකි එකම කාර්යය එය නොවන බව ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. එම නිසා අත්යට භාවිතයට අමතරව ඩියෝඩ්‍රන්ට් භාවිතා කිරීමට පුළුවන් ඔබේ ශරීරයේ ස්ථාන 05 ක් ගැන තමයි අද අපි මේ ලිපියෙන් ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ.

1. පාද මත

ඔබ රැකියාවකට යන අයෙක් නම්, නිතරම සපත්තු පැළඳ සිටින අයෙක් නම්, පාදවලට අධික ලෙස දහඩිය දැමීම ඔබ මුහුණපාන ගැටළුවක් වෙන්න පුළුවන්. එම නිසාම ඔබේ පාදවලින් දුගඳක් හැමීම ඔබව තවත් කරදරයට ලක් කරන දෙයක් වෙන්න ඇති. මේ සඳහා විසඳුමක් විදියට ඔබේ පාදවලටත් ඩියෝඩ්‍රන්ට් භාවිතා කරන්න ඔබට පුළුවන්. එමඟින් ඔබේ පාද නැවුම් හා වියළි ලෙස තබා ගත හැකි වගේම දහඩිය නිසා ඇති වෙන දුර්ගන්ධයත් වළක්වා ගන්න පුළුවන්.

2. විලුඹ මත

ඔබ අලුත් සපත්තුවක් හෝ සෙරෙප්පුවක් පළඳින අවස්ථාවේදී බිබිලි ඇති වී, විලුඹ තුවාල වී අධික වේදනාවක් ගෙන දෙන්න පුළුවන්. එය වළක්වා ගන්නත් බොහෝ අය විලුඹ මත ඩියෝඩ්‍රන්ට් භාවිතා කිරීම සිදු කරනවා. එමඟින් සිදුවන්නේ සපත්තුව හෝ සෙරෙප්පුව සහ විලුඹ අතර ඇතිවන ඝර්ෂණය අවම කර බිබිලි සහ තුවාල ඇති වීම වැළැක්වීමයි. ඩියෝඩ්‍රන්ට් ආලේප කර සපත්තුවක් හෝ සෙරෙප්පුවක් පැළඳීමෙන් ඔබට වෙනදාට වඩා පහසුවක් අත්විඳින්නත් පුළුවන්.

3. රේසරයකින් රැවුල බෑමෙන් පසු එම ස්ථානයේ

රේසරයකින් රැවුල බෑමෙන් පසු එම ස්ථානය රතු පැහැවී ගොරෝසු වී වේදනාවක් ගෙන දීම සාමාන්‍ය දෙයක්. ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා රේසරයකින් රැවුල බෑමෙන් පසු කෝමාරිකා ස්වල්පයක් හෝ මොයිස්චරයිසර් වර්ගයක් එම ස්ථානයේ ආලේප කරන්න. නමුත් මෙම දෙවර්ගයම නැති වේලාවක ඔබට පුළුවන් ඩියෝඩ්‍රන්ට් ඒ සඳහා භාවිත කරන්න.

4. මදුරු දෂ්ට කිරීම් වලදී

මදුරු දෂ්ටනය කියන්නේ බොහෝ දෙනෙක්ට අපහසුතා ඇති කරන දෙයක්. ඇතැම් අයට මේ නිසා ආසාදන පවා ඇති වෙනවා. බොහෝ විට එම ස්ථානය කැසීම සහ රතු පැහැ වීම සිදුවෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී ඔබට ඩියෝඩ්‍රන්ට් ඒ සඳහා භාවිත කරන්න පුළුවන්. ඩියෝඩ්‍රන්ට් වල ඇලුමිනියම් ක්ලෝරයිඩ් අඩංගු වන නිසා එමඟින් කැසීම සහ රතු පැහැය අවම කරනවා.

5. නියපොතුවල, නිය ආලේපන ඉවත් කිරීමට

බොහෝවිට නිය ආලේපන ඉවත් කිරීමට ඔබ යොදාගන්නේ ඇසිටෝන් රසායනික ද්‍රව්‍යය අඩංගු නිෂ්පාදන නිසා ඒවා නිතර භාවිතයෙන් ඔබේ නියපොතු වියළීමත්, නියපොතුවල පෝෂණය නැතිවී කැඩී යාමත්, නියපොතු කුණු වීමත් සිදුවෙනවා. එමනිසා ඒවායෙන් ඉවත් වී ඒ වෙනුවට ඔබට පුළුවන් ඩියෝඩ්‍රන්ට් භාවිත කරන්න. ඒ සඳහා කපු පුලුන් කැබැල්ලකට ඩියෝඩ්‍රන්ට් ස්වල්පයක් ගෙන නියපොතුවල හොඳින් අතුල්ලා නිය ආලේපන ඉවත්