චබ් නැතහොත් මහතයි කියන්නෙත් කෙල්ලන්ට එක්තරා ලස්සනක්.හැබැයි ඇගට නොගැළපෙන ඇඳුම් අන්දොත් ඒ ලස්සන නැති වෙලා යනවා ඉතිං අද අපි කතා කරමු චබි කෙල්ලන්ට ගැලපෙන ඇඳුම් විලාසිතා මොනවාද කියලා.

1 තනිපාට ඇඳුම් තෝරා ගන්න

තනිපාට ඇඳුම් තමයි ඔයාට වඩාත්ම ගැලපෙන්නේ තද පාට ඇඳුම් වලින් ඔයාලට ලස්සන පෙනුමක් ලබා ගන්න පුළුවන්.ඔයාලට ලා දුබුරු පාට ක්‍රීම් පාට හා ලා රෝස පාට වගේ වර්ණ වුණත් ගැලපෙනවා.
2 ඇගට සැහැල්ලු ඇඳුම් තෝරා ගන්න.

ඇඟට හිරවෙන ඇඳුම් නිසා ඔයාගේ ඇඟේ හැඩේ තිබෙන අඩුපාඩු ඉස්මතු වෙනවා. ඒ නිසා ඕනාවට වඩා ඉන උකුල ඉස්මතුවෙලා පේන ඇදුම් අදින්න එපා.
3 ඉන උඩට තියෙන කලිසම් අදින්න

ඉණ උඩට තියෙන අදින්න ඇදීමෙන් ඔයාගේ ඉන සිට උකුල දක්වා තියෙන අනවශ්‍ය මෙද සහිත කොටස් සගවන්න පුළුවන්.
4 සායවල් තෝරා ගැනීම

ඝණ රෙදි වලින් හෝ තද පාට රෙදි වලින් මහපු pencil cut skirt සමග අඩි උස සපත්තු දෙකක් කියන්නේ චබී කෙල්ලන්ට ගැලපෙනම තේරීම. ප්ලෙයාර්ඩ් සායක් වුණත් ගැලපෙනවා සායක් තෝරා ගැනීමේදී දීප්තිමත් පාටක් තියෙන සායක් තෝරා ගන්න අමතක කරන්න එපා.
5 ඕවර් කෝට් එකක් හෝ කාඩිගන් එකක් පළදින්න

ඕවර් කොට් එකක් නැත්නම් cardigan එකක් කලිසම්, සායවල් හෝ ගවුම් යන ඕනෑම ඇඳුමකට ගැලපෙනවා. එමගින් ඔයාගේ ඇඟේ මහත අඩු කරල උස පෙනුමක් ලබා දෙනවා. බොත්තම් තියෙන කාඩ් එක තවත් හොඳ තේරීමක්.ඒත් සාක්කු තියෙන කාඩිගන් නම් අඳින්න එපා එකෙන් ඔයාගෙ මහතා තවත් වැඩි කරනවා.
6 සැහැල්ලු ටි ෂර්ට් හෝ ටොප් අදින්න

ඔයාගේ බඩ පේන්න අඳින්න ඕන නැත්තන් ටිකක් සැහැල්ලු ටොප් එකක් හෝ ට් ෂර්ට් එකක් තෝරගන්න එත් ඇගට ගොඩක් ලොකු ඇඳුම් තෝරා ගන්නා එපා
7 සිරස් ඉරි සහිත ඇඳුම් තෝරා ගන්න

සිරස් ඇඳුම් මෝස්තර හා ඉරි මගින් ඔයාට උස හා වඩා ලස්සන පෙනුමක් ලබා ගත
හැකියි.එහෙත් වඩාත් පළල ලොකු ඉරි සහිත ඇඳුම් හො සිහින් හා ළඟ ළඟ ඉරි සහිත ඇඳුම් තෝරා ගන්න එපා.
8 නිවැරදි අන්ඩර් ගාමන්ට්ස් තෝරා ගන්න

ඔයා එලියට යනකොට ඔයාගෙ ශරීරය අඩුපාඩු සැඟවිය හැකි තද අන්ඩර් ගාමන්ට්ස් තෝරා ගන්න. මේ විශේෂ අන්ඩර් ගාමන්ට්ස් මගින් ඔයාගේ පෙනුම වඩාත් සිහින් කර ලස්සන කරනවා