latest articles life relationship

ඔබට අනවශ්‍ය ලෙස බලපෑම් කරන පෙම්වතෙක් හඳුනා ගැනීමට ක්‍රම 5ක්

අපි හැමෝම වගේ ආදරය කරන්න වගේම ආදරය ලබන්නත් ගොඩක් කැමතියි. ඒත් වැරදි සම්බන්දතාවයක අපි පැටලුනොත් ආදරය කරන්නවත් ආදරය ලබන්නත්වත් අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා අපි ඇත්තටම තෝරාගෙන තියෙන්නේ අපිට ගැළපෙනම අනාගත සහකරුවද කියලා අපි හොදට කල්පනා කරලා බලන්න අවශ්‍යයි. බොහෝ පෙම්වතුන් මේ දේවල් කරලා කියන්නේ ඔවුන් ආදරේ නිසා ඒ දේවල් කරනවා කියලායි. නමුත් ඔබ තේරුම් ගත යුතු දෙයක් තමයි ඔබ ඔහුට අවංකව ආදරෙයි නම් ඔබව විශ්වාස කරන්න සහ ඔබට නිදහසේ කාලය ගත කරන්න ඉඩ ලබා දෙන්න ඔහුට හැකියාව තිබිය යුතුයි. අපි අද මේ ලිපියෙන් කියන දේවල් ඔබට උපකාරී වේවි ඔබේ පෙම්වතා ගැන හොදින් අවබෝධ කර ගන්න.

1.ඔබ ඔබේ යහළුවන් සමග විනෝද වීම ගැන ඔහු අකමැත්තක් දක්වනවානම්

තමන්ගේ පෙම්වතිය ඇයගේ යහළුවන් සමග විනෝද වීම ගැන බොහොමයක් පෙම්වතුන් අකමැත්තක් දක්වනවා.  මේ වැනි අවස්ථා වලදී ඇතැම් පෙම්වතුන් බැනවදිමින් හා තර්ජනය කරමින් පෙම්වතිය යහළුවන් සමග එලියට යාම වලක්වන්න උත්සහ කරනවා. ඉතින් බහුතරයක් පෙම්වතියන් තම පෙම්වතාට බයේ හෝ ආදරය නිසාම අයගේ අවශ්‍යතාවයන් අමතක කර දමනවා. ඒත් ඔහු ඇත්තටම ඔබට ගරු කරනවා නම් සහ ඔබට ආදරය කරනවා නම් මේ ආකාරයට ඔබේ නිදහස සිමා කරන්න ඔහු උත්සහ කරන්නේ නෑ.

2.ඔබ දුරකතනයට පිළිතුරු ලබාදීමට ප්‍රමාද වූ විට ඔහු කෝප වී ඔබට බනිනවානම්

ඔබට දවස පුරාවටම ඇති එකම රාජකාරිය ඔහුගේ දුරකථන ඇමතුම් වලට හා කෙටි පණිවිඩ වලට පිළිතුරු ලබාදෙන එක නොවෙයි. ඒ නිසා ඔබ දුරකතනයට පිළිතුරු ලබාදීමට ප්‍රමාද වූ විට ඔබේ පෙම්වතා කෝප වී ඔබට බනිනවා නම් ඔහු සැබවින්ම ඔබට ආදරය කරන්නේ නෑ. ඉතින් ඔබ මේ ගැන හොදින් කල්පනා කර බැලිය යුතුයි.

3.ඔබේ මිතුරියන් මේ සම්බන්දය ඔබට නොගැලපෙන බව ඔබට පවසනවානම්

ඔබ නිතර දුකින් සිටිනවා නම් ඔහු ගැන ඔබට අනතුරු අගවනවා ඔබ දෙදෙනාගේ මේ සම්බන්දය ඔබට නොගැලපෙන බව ඔබේ මිතුරියන් ඔබට නිතර නිතර පවසාවි. මෙවැනි වෙලාවට ඔබ ආදරයෙන් බොළඳ නොවී  හොදින් කල්පනා කර බලා තීරණයක් ගත යුතුයි. එයට හේතුව තමයි ඔබ තවදුරටත් ඔබට නොගැලපෙන මේ සම්බන්ධතාවයේ  සිටියොත් ඔබට යහපත් අනාගතයක් ගොඩනගා ගන්නට බැරි වෙන නිසා.

4.ඔහු ඔබට නිතර අපහාස කරනවා නම්

ඔබේ පෙම්වතා තැනක් නොතැනක් නොබලා ඔබට බැන වදිනවා නම් හෝ සමහර වෙලාවල් වලට වෙනත් පිරිමින් ගැන කියමින් ඔබට අපහාස කරනවානම් ඔහු ඔබට ගැළපෙනම සහකරුවා නොවෙයි. ඒ නිසා ඔබ තව දුරටත් ඔහුගේ ආදරයට රැවටෙන්නේ නැතිව මේ පුද්ගලයා අනාගතයේදී ඔබට සතුටක් ලබා දෙයිද කියලා ඔබ හොදින් කල්පනා කර බලන්න.

5.ඔහු ඔබේ ජංගම දුරකථනය නිතර පරික්‍ෂා කරනවානම්

ඔබේ පෙම්වතා නිතරම ඔබව සැක කරමින් ඔබේ දුරකතනයේ කෙටි පණිවිඩ, ඔබ ලබාගත් ඇමතුම්, ඔබේ ෆේස්බුක් , ඉන්ස්ටග්‍රැම් ගිණුම් ආදී දේවල් පිළිබදව සොයා බලනවා නම් එයින් කියවෙන්නේ ඔහුට ඔබ පිලිබදව විශ්වාසයක් නැහැ කියලායි. ඒ නිසා ඔබේ පෞද්ගලිකත්වයට ගරු නොකරන ඔබව විස්වාස නොකරන අයෙක් ඔබේ අනාගතය සුන්දර කරන්නේ කෙසේද කියා ඔබ හොදින් සිතා බලන්න.