ඕනෑම පුද්ගලයෙකුගෙන් ඔහු හෝ ඇය ජීවත් වෙන්නේ කවුරු නිසාද ඇසුවොත් බොහොමයක් දෙනා කියන්නේ ඔවුන්ගේ සමීපතමයන් වෙනුවෙන් කියලයි. නමුත් ඔබ ඔබ වෙනුවෙන් ජීවත් විය යුතුයි. මන්ද ඔබ හිතින් ලං කරගන්නා කෙනෙක් ඔබව රිදෙව්වොත් එහෙමත් නැත්නම් ඔබව හැර ගියොත් ඔබ ජීවිතය නැති කරගත්තා හෝ මානසිකව වැටුණා කියලා ඔයාව දාලා ගිය කෙනා ආයෙත් එන්නේ නැහැනේ. ඉතින් ඔබව හැරගිය කෙනෙක් වෙනුවෙන් ජීවිතයම නාස්ති කරගන්නට තරම් අනුවණ නොවී දෙවැනියෙකුට අවස්ථාව දෙන්න. එක වරක් හෝ දෙවරක් ඔයා ආදරයෙන් පරදින්නට පුළුවන්. නමුත් ඒ මත්තෙම ඉන්නට එපා. ඔබ මේ විදියට මනසින් කඩා වැටුණු කෙනෙක් නම් මේ දේවල් ඔයාට ගොඩක් වැදගත් වේවි.
1.වේදනාත්මක කාලය පහු කරන්න
තමන් හදවතින්ම වෙලුනු ආදර කතාවක් අමතක කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නම් නෙවෙයි. නමුත් ඒ ගැනම හිත හිත වේදනාවෙන්, වෛරයෙන් හෝ කළකිරීමෙන් ඉන්නවා නම් ඔබට සතුටින් ඉන්න කාලය මඟ හැරීමක් තමයි සිද්ධ වෙන්නේ. ජීවිතේ සතුටින් ගෙවන්න සහකරුවෙක් හෝ සහකාරියක් ඔබට අවශ්‍ය කරනවා. ඉතින් ඒ වෙනුවෙන් අලුත් සම්බන්ධයක් ගැන හිතන්න නම් ඔයාට පරණ ආදරය අමතක කරන්නම වෙනවා. මොකද එහෙම නැති වුණොත් දෙවැනි ආදරයෙනුත් ඔබ අසාර්ථක වෙන්නට තියෙන ඉඩකඩ වැඩිවෙනවා. වේදනාත්මක කාලය පහු කරලා ඔබේ හිත සැහැල්ලු කරගෙන සාමාන්‍ය තත්වයට පත්වුනාට පස්සේ තමයි ඔබ නව සම්බන්ධයක් ගැන හිතන්නට ඕන.
2.වැරදුණු තැන් ගැන හොඳින් හිතන්න
ඔබේ ආදර සම්බන්ධය පවත්වපු කාලය ගැන හොඳින් හිතන්න. ඔහු හෝ ඇය ඇත්තටම හොඳයි ද, ඔබට වංචා කළා ද එහෙම නම් ඒ සම්බන්ධය නැවතුනේ ඔබේ හොඳටම බව තේරුම් ගන්න. නමුත් ඔබේ වරදකින් හරි පෞර්ෂ ආබාධයක් නිසා හරි ඔහු හෝ ඇය ඔබව හැර ගියා නම් ඒ වරද ඉක්මනින්ම හදාගන්න. බිඳ වැටුණු සම්බන්ධයකින් ඔබට උගත හැකි සෑම පාඩමක්ම හොඳින් හිතට ගන්න. වැරදුනු තැන් තමයි ජීවිතය සාර්ථක කරගන්න හොඳම අඩිතාලමක් වෙන්නේ.
3.පවුලේ අය සහ යහළුවන් එක්ක වැඩිපුර කාලයක් ගත කරන්න
මේ වගේ අමාරු කාලයක් ගත කරන්න ඕනේ කාමරේට වෙලා දොර වහගෙන නම් නෙවෙයි. එහෙම ඉන්න එකෙන් වෙන්නේ ඔයා එයා ගැන කල්පනා කරමින් දුක් විඳින එක. නමුත් ඔයා එයින් වැලකී ඉන්න එක බොහොම වැදගත් කාරණයක් . එයාව අමතක කරන්න උත්සහ කරන්න. කියනවා වගේ ඒක කරන්න බැහැ තමයි. ඒත් හිත පාලනය කරගෙන උත්සහ කරන්න. දුක අම්මට, තාත්තට එහෙමත් නැත්නම් යහළුවෙක්ට කියන්න. එයාලා ඔයාව තේරුම් අරගෙන කරන්න ඕන දේ ගැන කියාවි. එතකොට ඔයාට තේරේවි මේ ලෝකේ ඔයාට ආදරය කරන ගොඩක් අය ඉන්න බව. ඒ වගේම තනියම ඉන්න එක අඩුකරලා ගෙදර අය, යහළුවන් එක්ක වැඩිකාලයක් ගත කරන්න. එයාලා එක්ක විනෝදයෙන් ඉන්න, ෂොපින් කරන්න. එතකොට දවස ගෙවිලා යනවා ඔයාටවත් නොදැනේවී.
4.හැකි තරම් කාර්යබහුල වෙන්න
ඔයා මේ වගේ වේදනාකාරී තත්වයක ඉද්දී කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි හැකි තරම් කාර්යබහුල වෙන එක. මොකද එතකොට ඔයාට එයා ගැන හිතමින් දුක්වෙන්න කාලයක් නැති වෙනවා. ගෙදර වැඩ එක්ක හරි , රැකියාවේ වැඩ එක්ක හරි එහෙම නැත්නම් වෙන මොකක් හරි ක්‍රමයකින් ගොඩක් කාර්ය බහුල වෙන්න. මේ වගේ ප්‍රශ්නයකදී අමතක කරලා හිත හදාගන්න හොඳම විසඳුම තමයි ඒක. මොකද අපිට දෙයක් අමතක කරන්නට අවශ්‍ය වන මුලිකම දේ තමයි හිතට දුකක් පීඩනයක් ගෙනෙන අමාරුම කාලය මඟ හැරීම.
5.ඒකාකාරී ජීවිතෙන් මිදිලා වෙනස් දේවල් වලට යොමුවෙන්න
ප්‍රේමයෙන් පැරදුනා නම් ටික කාලයක් තනිකඩව ඉන්න. යහළුවන් එක්ක ගමන් බිමන් යන්න. කැමති විදියට කාලා බීලා ඇඳලා පැළඳලා ඔයාගේ නිදහස භුක්ති විඳින්න. හැබැයි එහෙමයි කියලා දුක අමතක කරන්න ඒ නිදහස වැරදි දේවල් කරන්න යොදාගන්න එපා. හොඳ යහළුවන් එක්ක පවුලේ අයත් එක්ක ඇවිදින්න, ට්‍රිප් යන්න. ඔයා මේ නිදහසේ ඉන්න කාලයේ බැඳීම් කියන්නේ මොනවද නිවැරදි බැඳීම් ඇති කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න තේරුම්ගන්න. නිතරම ඔයාව ලස්සනට තියාගන්න වෙහෙසෙන්න. අලුත් දේවල් ඉගෙන ගෙන ඔයාගේ වටිනාකම වැඩි කරගන්න. එතකොට ඔයාට පුළුවන් හිටියට වඩා හොඳ කෙනෙක් ඔයාගේ ජීවිතේට එකතු කරගන්න.