latest articles

හිස්හොරි කරදරය නිට්ටාවටම සුවකරන ලෙමන් සත්කාර කිහිපයක්

සෑම නිවසකම පාහේ දක්නට ලැබෙන ලෙමන් පැගිරි කුලයට අයත් වන අතර එහි අම්ල අඩංගුය. දිලීර සහ බැක්ටීරියා වලට එරෙහිව සටන් කිරීමේ විශ්මිත ගුණයක් ලෙමන් සතුය. හිසේ හටගන්නා දිලීර රෝගයක් වන හිස්හොරි පාලනය කිරීම සදහා ලෙමන් භාවිතා කළ හැකිය. අද අපි ඔබ වෙත ගෙන එන්නට සුදානම් වෙන්නේ හිස්හොරි ඇතිවීම වළක්වා ගැනීමට ලෙමන් භාවිතා කරමින් සිදු කර ගත හැකි ස්වාභාවික සත්කාර කිහිපයක් පිලිබදවයි.

ඇපල් සයිඩර් විනාකිරි සහ ලෙමන් සත්කාරය

මේ සදහා ඇපල් සයිඩර් විනාකිරි මේස හැදි 4ක්, ලෙමන් යුෂ මේස හැදි 02ක් සහ කපු පුළුන් අවශ්‍ය වෙනවා. මුලින්ම භාජනයක් ගෙන එයට ඇපල් සයිඩර් විනාකිරි සහ ලෙමන් යුෂ එකතු කර හොදින් මිශ්‍ර කරන්න. පසුව කපු පුළුන් සාදාගත් මිශ්‍රණයේ බහා හොදින් පොගවා හිස් කබලේ ආලේප කරන්න. මෙම සත්කාරය දිනපතා භාවිතා කිරීමෙන් හිස්හොරි ඇතිවීම වළක්වා ගත හැකියි.

ආමන්ඩ් තෙල් සහ ලෙමන් සත්කාරය

අමන්ඩ් තෙල් මේස හැදි 03-04  , ලෙමන් යුෂ මේස හැදි 02, Tea Tree Oil බින්දු 03 – 04ක් මේ සදහා අවශ්‍ය වෙනවා. මුලින්ම ඩබල් බොයිල් ක්‍රමයට ආමන්ඩ් තෙල් මදක් රත් කරගන්න. එයට ලෙමන් යුෂ සහ Tea Tree Oil එකතු කර හොදින් මිශ්‍ර කරන්න. පසුව මෙය හිස් කබලේ ආලේප කර හොදින් සම්බාහනය කර විනාඩි 15 – 30 අතර කාලයක් තබා ෂැම්පු භාවිතයෙන් සෝදා හරින්න. ආමන්ඩ් තෙල් වෙනුවට පොල් තෙල් හෝ ඔලිව් තෙල් භාවිතා කළ හැකියි. සතියකට දෙවතාවක් කිරීමෙන් හිස් හොරි පාලනය කර ගත හැකියි.

කෝමාරිකා සහ ලෙමන් සත්කාරය

මේ සදහා කෝමාරිකා ජෙල්මේස හැදි 02ක් සහ ලෙමන් යුෂ මේස හැදි 02 ක් අවශ්‍ය වෙනවා. මුලින්ම කෝමාරිකා ජෙල් සහ ලෙමන් යුෂ හොදින් මිශ්‍ර කර පල්පයක් සාදා ගන්න. මෙම මිශ්‍රණය හිසේ ගල්වා මිනිත්තු කිහිපයක් සම්බාහනය කර විනාඩි 10 – 15 වත් අතර කාලයක් රැදෙන්නට තබා ෂැම්පු භාවිතයෙන් සෝදා හරින්න. සතියකට දෙවරක් භාවිතා කිරීමෙන් හිස් හොරි සුව කරගත හැකිය.

බිත්තර සහ ලෙමන් සත්කාරය

මේ සදහා බිත්තර 01 සහ ලෙමන් යුෂ මේස හැදි 01ක් අවශ්‍ය වෙනවා. මුලින්ම හොදින් මිශ්‍ර කරගත් බිත්තර සුදු මදයට ලෙමන් යුෂ දමා හොදින් මිශ්‍ර කරන්න. සාදාගත් මිශ්‍රණය හිස් කබලේ ආලේප කර විනාඩි 30ක් පමණ වියලෙන්නට හැර මෘදු ෂැම්පු භාවිතයෙන් සෝදා හරින්න. මෙය සතියකට වරක් භාවිතා කිරීමෙන් හිස් හොරිවලින් තොර සුන්දර කෙස් කලඹක් ලබාගත හැකියි.

යෝගට් සහ ලෙමන් සත්කාරය

මේ සදහා යෝගට් මේස හැදි 02, ලෙමන් යුෂ මේස හැදි 01 සහ මී පැණි තේ හැදි 01 ගෙන හොදින් මිශ්‍ර කරගන්න. පසුව මෙම මිශ්‍රණය හිස් කබලේ ආලේප කර විනාඩි 20ක් පමණ තබා ෂැම්පු භාවිතයෙන් සෝදා