හිසකෙස් වේගයෙන් වවන ගොටුකොළ හෙයාර් මාස්ක්…
අකලට හිසකෙස් වැටීම පාලනය කරන හිසකෙස් වැවීමේ වේගය දෙගුණ තෙගුණ කරන ගොටුකොළ හෙයා මාස්ක් එක හදන විදිය ගැන ඔයාලට කියලා දෙනවා
අපි බලමු මේ ගොටුකොළ hair mask එක හදාගන්නෙ කොහොමද කියලා
ඒකට අපිට අවශ්‍ය වෙනවා
01. ගොටුකොළ කොළ දහයක්
02. බිත්තරයක්
03. එඩරු තෙල් තේ හැඳි එකක්
04. olive oil තේ හැඳි එකක්
05. කෝමාරිකා මදය
Hair මාස්ක් එක හදාගන්නා අකාරය
මුලින්ම ගොටුකොළ කොළ දහයක් බ්ලෙන්ඩර් කප් එකට දාගන්න. ඒකටම තරමක කොමාරිකා පත්‍රයක මදය සූරා දමන්න. ඉන්පසු බිත්තරයක් කඩා දමන්න. එයට ඔලිව් තෙල් තේ හැඳි එකක් සහ එඩරු තෙල් තේ හැඳි එකක් එකතු කරන්න. දැන් හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. අවශ්‍ය නම් විටමින් ඊ කරලක් එකතු කරගන්න පුළුවන්.
හෙයා මාස්ක් එක භාවිතා කරන ආකාරය
කෙස් ගස් වල මුල සිට අගට හොඳින් හිස් කබලට ගෑවෙන සේ මේ hair mask එක ගා ගන්න ඕනේ. මේක ගාලා පැයක් විතර ඉඳලා ශැම්පො නොදා හෝදලා ඉන්න පුළුවන් නම් හොඳයි. ශැම්පෝ දාන්නම ඕනෙ නම් සැර අඩු ශැම්පු එකක් පාවිච්චි කරන්න.
මේකට බිත්තර දාන නිසා ඔයාලා පිලි ගඳයි කියලා මේ mask එක නොදා ඉන්න එපා බිත්තර එකතු කරාට මේ mask එක පොඩ්ඩක්වත් ගද නැහැ. බිත්තර කියන්නෙ කොණ්ඩෙට හොඳින් ප්‍රෝටීන් ලැබෙන දෙයක් කොණ්ඩෙට පිරිපුන් බවක් සිල්කි shine එකක් මේ බිත්තර මගින් ලැබෙනවා.
මේ සත්කාරය සතියට 1 දවසක් කරහම ඇති. එහෙනම් මේකත් ඕගොල්ලෝ උත්සාහ කරලා බලන්න අනිවාර්යෙන්ම ප්‍රතිඵලය තියෙනවා.
මං
හංසිනී කෝකිලා