හිතකට හිතක් යා වෙලා එයාව නැතුවම බෑ කියලා තේරුම් අරන් අතැගිලි බැදුන යුවති පතින්ගේ ඊලග සිහිනය වෙන්නේ මධු සමය ගත කරන්න යන එක. මේක ඉතින් විවාහය සැලසුම් කරන්නත් කලින් සැලසුම්කරණ උදා වෙනකම් නොයිවසිල්ලෙන් බලා ඉන්න දවසක් නේ.
ගොඩක් අය සිත කදුකරය තොර ගනිද්දී තව පිරිසක් ලංකාවේ සුන්දර මුහුදු වෙරලක් තෝරා ගන්නවා . සමහර අය විදෙස් රටවල් වල පවා මේ සොදුරු දින කිහිපය ගත කරන්න සිහින දකිනවා . කොහේ ගියත් තමන් හනිමුන් යද්දී අරන් යන ගමන් මල්ල සුදානම් කරගන්නේ කොහොමද කියලා බොහෝ අයට අවබෝධයක් නෑ .වෙඩින් එක දවසේ වැඩ වලින් කාර්යබහුල වෙලා අතට අහු උන රෙදි ටිකක් මල්ලක
ඔබාගෙන හනිමුන් දුවලා එදා දවස අසුන්දර කර ගන්නවට වඩා කලින් ඉදලම සුදානම් වීම ඔයාට ඔලුවට කිසි බරක් නැති හනිමුන් එකකට මග පාදනවා.
දෙන්නට බෑග් දෙකක් ?
මනාලිය යම් තාක් දුරට හනිමුන් ගමන් මලු සුදානම් කරත් බොහෝවිට පිරිමි පාර්ශවය සාමාන්‍ය ට්‍රිප් එකකට වගේ අතට අහු වුනු ශෝටවල් දෙකක් ටිෂට් දෙකක් මල්ලක දාගෙන එන එක තමයි කරන්නේ. ඒ නිසා වෙඩින් එකට කලින්ම එයාගෙ ඇදුනුත් ගෙන්නගෙන එකම බෑග් එකක් සූදානම් කරගන්න
සීත කදු කරේද සයුරු තෙරේද
හනිමූන් යන ප්‍රදේශය අනුව ඇදුම් ආයිත්තම් තෝරගන්න. යන්නෙ සීතල පැත්තකට නම් ස්වෙටර්, මෆ්ලර් , බිනී කැප් වගේ දේවල් යන්නෙ බීච් සයිඩ් නම් බීච් එකට ගැලපෙන ඇදුම්. ඒවගේම සන්ග්ලාසස්, හැට්, බීච් ස්ලිපර්ස්, පාවහන් වගේ දේවල් ඔබේ හනිමූන් එක තවත් සුන්දර කරයි.
ගෙනියන ඇදුම් ??
තරු පන්තියේ හෝටලයකට යනව නම් රෙස්ටොරන්ට් එකට පිවිසෙන්න සුදුසු හොඳ තත්වයේ ඇදුම් කීපයක් ගන්න . හොටෙල් එකෙන් එලියේත් සංචාරය කරනවනම් ඒකට අදාළ ඇදුම් හෝටලේ ඇවිදින්න අවශ්‍ය ඇදුම්, පූල් එකට බහින්න අවශ්‍ය ඇදුම් සූදානම් කරන්න . මෙහිදී අනවශ්‍ය විදියට අපහසුතාවට පත් නොවෙන සරල ලස්සන ඔබ ප්‍රිය කරන ඇදුම් හොදටම ප්‍රමාණවත්
අවශ්‍යම ඇදුම අමතක කරන්න එපා
හනිමූන් එකක මූලිකම අරමුණ ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ . ඒ හිංදා ඔබේ සිරුරේ සරාගී බව උද්දීපනය කරන ලොංශරීස් අරං යන්න ත් අමතක කරන්න එපා . ඔව් ඔව් අර දැල් රේන්ද රෙදි වලින් මහල පටි අල්ලපු ලස්සන ලස්සන එව්ව ගැන තමයි ඒ කියන්නෙ. ආ ඒ විතරක් නෙවෙයි තව තව විදි වලට සතුට හොයනව නම් ඒකට අවශ්‍ය ටෝයිස් එහෙමත් අරං යන්න පුළුවන් Lubri-cant gel එකක් එහෙමත් අරං යන එක වරදක් නෑ .
හනිමූන් බබෙක් එපා නම්
ගොඩාක් අයගෙ කලින් සූදානමක් නැති නිසා හනිමූන් ගිහින් ගෙදර යද්දී ම චූටිත්තෙක් වත් බන්ඩියේ තියාගෙන යන්න වැඩ සිද්ධ වෙනව. ප්ලෑන් එකක් නැතුව බබෙක් එන එක ඔබේ ජීවිතේ ලොකු පෙරලියක් වෙන්න පුළුවන් කියල හිතන අය අනිවාර්යයෙන් වෙඩින් එකට කලින් උපත් පාලන ක්‍රමයක් සූදානම් කර ගන්න . සැනිටරි පෑඩ් පැකට් එකක් එහෙම බෑග් එකට දා ගත්තට කමන්නෑ.
ගාන ජාති
ඔයාගෙ පුද්ගලික cosmetics අඩංගු බෑග් එක අනිවාර්යයෙන් අරං යන්න . යන්නෙ බීච් සයිඩ් නම් සන් ක්‍රීම් එකක් අනිවාර්යයෙන් ගෙනියන්න. යන්නෙ සීතල පලාතකට නම් moisturizing lotion එකක් අනිවාර්යයෙන් අරං යන්න . ඩියෝඩ්‍රන්ට් එකක් හෙයා ජෙල් එකක් එහෙමත් දාගන්න .හනි මූන් එක ටිකක් දිග නම් කාන්තා රෝම ඉවත් කිරීමට භාවිතා කරන ආම්පන්න රේසර් ආෆ්ටර් ශේව් එහෙම ඕනිමයි. අනිවාර්යයෙන් හනිමූන් යද්දී මීට කලින් පාවිච්චි නොකල සෞඛ්‍ය ෆර්ෆියුම් එකක් ගන්න . ඊටපස්සෙ ජීවිතේ පුරාවටම ඒ සුවද දැනෙද්දි ඔයාට ඒ දවස් ටිකේ දැනුනු සුන්දර හැගීම මතක් වෙයි. ඔයා වෙඩින් එකට දාපු හෙයාස්ටයිල් එක මේකප් එක ඉවත් කරන්න බලාපොරොත්තු වෙන්නෙ හොටෙල් එකේදි නම් ටිකක් වැඩිපුර ශැම්පූ ,කන්ඩිශනර් , මේකප් රිමූවර් අරං යන්න .
තව මොනාද අමතක උනේ
හනිමූන් යද්දී බෑග් එකට මුදල් ,බැංකු කාඩ් ,ඔබේ හැදුනුම් පත් , වාහනේ පදවාගෙන යනව නම් ඊට අවශ්‍ය ලියකියවිලි අරං යන්න . වෙඩින් එක දවසේ සපත්තු වලින් ඇදුම් වලට කැපිලා තුවාල ඇති වෙන එක සාමාන්‍යයි .ඒවට වේදනා නාශක ජෙල් එකක්, පෙනඩෝල් , ඔයා සාමාන්‍යයෙන් පාවිච්චි කරන බෙහෙත් තියනව නම් ඒවත් අනිවාර්යයෙන් අරං යන්න .ෆෝන් චාජ් කරන්න අවශ්‍ය උපාංග එහෙමත් අමතක නොකර අරං යන්න