latest articles life

සුන්දර කාන්තාවක් වෙන්න නම් සැලකිලිමත් විය යුතු දේවල් 5ක්

කාන්තාවක් වුනාම සෑම අතකින්ම සුන්දර ලස්සන , පිරිසිදු වෙන්න ඕන​.ලස්සන සහ පවිත්‍රතාවය එකට බැඳිලා තියෙන බව ඔබ දන්නවා. ඒ නිසා ලස්සන ගැහැණු ළමයෙක් අනිවාර්‍යෙන්ම සැලකිලිමත් විය යුතු කාරණා 5ක් තියෙනවා. ඒ ගැන ඔබව දැනුවත් කරන්න අපි අද මේ ලිපියෙන් සූදානම් වෙනවා.

1. මුඛ සෞඛ්‍යය

දිනකට දෙවරක් දත් මදින්න. ඔබේ Makeup Pouch එකේ මුව සෝදන මවුත් වොෂ් එකක් තියාගන්න. කෙනෙකුට ඔබේ  මුඛයේ දුගඳක් දැනුනොත් කොපමණ ලස්සනට ඇඳගෙන හිටියත් වැඩක් නැහැ.

2. හිසකෙස්

හිසකෙස් හොඳින් සෝදා කන්ඩිෂනර් දමා ලස්සනට තියාගන්න. හිස්සොරි ඇත්නම් ඊට නිසි ප්‍රතිකාරයක් කරගන්න.  ඔබට තිබෙන්නේ අපිළිවෙල කොණ්ඩයක් නම් එයට සුදුසු Mousse වර්ගයක් නැත්නම් Serum එකක් තෝරගෙන පිලිවෙලට හැඩ කරගන්න.

3. මුහුණ

හොඳ Cleanser එකකින් හවසට කුණු දූවිලි ඉවත් වෙන්න සෝදන්න. තෙතමනය රැකදෙන ආලේපන(Moisturizer) ගල්වන්න. ඉර අව්වෙන් සම ආරක්‍ෂා කර ගන්න.

4. සුවඳ විලවුන්

කාන්තාවක් කොතරම් ලස්සන වුණත් වැඩක් නැහැ ශරීරයෙන් දුගඳ හමනවානම්. ඔබ නිතරම එළියට යද්දී  ඩියෝඩ්‍රන්ට් පාවිච්චි කරන්න අමතක කරන්න එපා. Cologne එකක් හරි Perfume එකක් හරි ගානවානම් වටේටම සුවඳ විහිදෙන සැර විලවුන් වලින් ඉවත් වෙලා ඔබේ පෞරුෂයට ගැළපෙන, දැනෙන නොදැනෙන මට්ටමේ විලවුන් වර්ගයක් භාවිතා කරන්න.

5. අනවශ්‍ය රෝම

මුහුණේ සහ ඇහිබැම මත තිබෙන අනවශ්‍ය රෝම වැවෙන්න පෙර ඉවත් කරන්න. මුහුණේ තිබෙන පැහැපත් බව අනවශ්‍ය රෝම නිසා මැකෙනවා. අතපයේ අනවශ්‍ය ලෙස රෝම නැත්නම් නොගලවා සිටීම හොඳයි කියලා තමයි අපේ නම් අවවාදය වෙන්නේ. නමුත් ඔබ කැමතිනම් ඒවා ඉවත් කරගෙන වඩා සුමුදු පෙනුමක් ලබා ගත්තාට වරදක් නැහැ.