දෙන්නෙක් ආදරේ කරන්න ගන්නේ සියයට සීයක්ම ගැලපෙනවද කියලා බලල නෙවෙයිනේ. කොච්චර නොගැලපීම් තිබ්බත් සමහරු කාලයක් යද්දී නොගැලපීම් ගලපගෙන ලස්සනට ජීවත් වෙන පිරිසකුත් ඉන්නවා. ඒ වගේම් කොච්චර කාලයක් ආශ්‍රය කරත් නොගැලපීම් ගලපගන්න බැරි වුනාම ගොඩාක් දෙනා කරන්නේ වෙන් වෙන එක. ඉතින් ඒ නිසා අද අපි කියන්න යන්නේ ඔයාට හමුවුන සහකරු කොච්චර හොද කෙනෙක්ද කියලා ඔයාටම හිතාගන්න පුළුවන් කරුණු කිහිපයක් ගැනයි. ඔයාගේ සහකරු ලගත් මේ කියන ගති ලක් ෂණ තියෙනවද බලන්නකෝ. තියෙන්වනම් ඔයාටත් ලැබිලා තියෙන්නේ සැබෑවටම ආදරේ කරන සහකරුවෙක්.
1. ඔයාගෙන් වෙන් වෙන එක ,ඔයා නැතුව ජිවත් වෙන එක එයාට කරන්න බැරි දෙයක් නම් එයා ඇත්තටම ඔයාට ආදරෙයි. රණ්ඩු කරලා ආයේ කතා කරන්නේ නෑ කියලා කිව්වට එක දවසක් වත් ඉන්නේ නැත්තන් ඉතින් කොහොමද හිතන්නේ එයාට ඔයා නැතුව ඉන්න බෑ කියලා.ඒ කියන්නේ එයා ඇත්තටම ඔයාට ආදරෙ කරනවා.
2. එයා එයාගේ සතුට කැප කරලා ඔයාගේ සතුට වෙනුවෙන් හැමදෙයක්ම කරනවානම්. එයාට එයාගේ සතුටට වඩා ඔයාගේ සතුට වටිනවානම් එයා ඇත්තටම හොද සහකරුවෙක්.
3.ඔයාගේ සතුටේදී වගේම ඔයාට ප්‍රශ්නයක් ඇති වුනාම ඔයාව තනි කරන්නේ නැත්තම් , ඔයා ලගින් හැමදේකදීම ඉන්නවනම්, හැමදාම ඔයාට එයා ශක්තියක් වෙනවා.
4. ඔයාගේ ආදරේ රැක ගන්න එයා ඕනෑම කැප කිරීමක් කරන්න ලෑස්තියි නම් ඔයාව මොන තරම් එයාට ඕනද කියන එක ඔයාට හිතා ගන්න පුළුවන්නේ. මොන බාධක ආවත් එයා ඒවගෙන් සැලෙන්නේ වත් ඔයාව ඈත් කරන්නේ වත් නැහැ.
5. ඔයාගේ අතින් වැරැද්දක් වුනාම සමාව දෙනවනම්. මේ අවසාන වතාව කියා කියා හැමදාම ඔයාට සමාව දෙනවා කියන්නේ වැරදි කියලා ඔයාව අයින් කරන්න බැහැ කියන එක.ඔයා නැතුව එයාට ඉන්න බෑ කියන එක
6. පොඩිම හරි දෙයක් වුන ගමන් ගොඩක් අය බලන් ඉන්නේ මොනවම හරි හේතුවක් හදා ගෙන එකිනෙකාගෙන් ඈතට යන්න. ඒත් එයාට ඔයාව දාල යන්න ඕන තරම් හේතු තිබුනත් එයා ඔයාව දාල ගියේ නැත්තම් එතන තමයි නියම ආදරේ තියෙන්නේ. ඒ කියන්නේ මොනවා වුනත් එයාට ඔයාව වටිනවා.
7. හැමෝටම වඩා එයා ඔයාව විශ්වාස කරනවානම්. අනිත් අය මොන මොන දේ කිව්වත් , නැති දේවල් කොච්චර කිව්වත් ඔයා ගැන කේලම් කිව්වත් ඔයා ගැන එයාගේ හිතේ තියෙන විශ්වාසය ලෙසියකට බිඳෙන්නේ නැති එකක්. ඒ තරමටම විශ්වාසයක් ඔයා ගැන එයාගේ හිතේ තියෙන්නේ එයා ඔයාත ඇත්තටම ආදරේ කරන නිසයි
8. ඔයාට වගේම ඔයාගේ පවුලේ අයටත් ආදරේ කරනවානම් ගෞරව කරනවානම් එයා තමයි ඔයාට සුදුසුම කෙනා. මොකද අම්මලා තාත්තලා වුනත් බලාපොරොත්තු වෙන්නේ එයාලට හොදින් සලකන කෙනෙක් එක්ක ඔයා විවාහ වෙනවට . ඒ කියන්නේ එයා කවදාවත් ඔයාව තනි කරන්නේ නැහැ. හොදින් ඔයාව පරිස්සම් කරනවා.ඉතින් ඒ වගේ කෙනෙක්ව කවදාවත් නැති කරගන්න එපා.