latest articles

සරල මෙකප් එකක් ගෙදරදීම කරගන්න අනිවාර්යෙන්ම තිබිය යුතු දේවල්

පාටියකට මඟුල් ගෙදරක් special event එකක් තියෙනකොට නිතර නිතර සැලෝන් ගානේ රස්තියාදු වෙලා දාස් ගණන් වියදම් කරන්න ඕනේ නෑ. ඔයාට පුලුවන් මේ දේවල් ටික භාවිතා කරලා සරල මෙකප් එකක් දාගෙන ලස්සනට හැඩ වෙන්න.

Primer

Primel මගින් සම සිනිඳු කරනවා අපෙ සමෙ සිදුරු නැති කරල අපේ makeup foundation එක රඳවගන්න primary එකක් අනිවාර්යෙන්ම වැදගත් වෙනවා.Viana , ලෝරියල් , british cosmatics වැනි හොඳ බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරන්න. ඒ මොකුත්ම නැත්නම් ඔයාලට පුළුවන් ඇලෝ ජෙල් එක primar එක විදියට පාවිච්චි කරන්න.

Foundation

Foundation එකක් තෝර ගන්නකොට අපේ හම කොයි වගේද කියලා හඳුනගෙන ඉන්න ඕනේ. normal ,dry, oily skin වර්ග වලට වගේම අපේ වයසටත් ගැළපෙන foundation වර්ගයක් , පාටක් තෝරගන්න. liquid සහ stick වශයෙන් foundation වර්ග තියෙනවා. ලොකු මේකප් එකක් දාන්නේ නැති කෙනෙක්ට BB ක්‍රීම් එකක් වුනත් ගාන්න පුලුවන් එහෙමත් නැත්නම් compact powder එක විතරක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඔයාගේ කැමැත්ත අනුව එක තෝරගන්නගන්න.

Concealer

හමේ දුර්වර්ණ වෙලා තියන තැන් අවරනය කරගන්න concealer එකක් මගින් පුළුවන්. ඇස් යට කලු උන එවා pimple marks , ලප කැළැල් වහගන්න concealer එකක් මගින් පුළුවන් වෙනවා.

Compact powder

මේකප් එක සෙට් කරගන්න අනිවාර්යෙන්ම පාවිච්චි කරන්න ඕනේ

Eyebrow pencil

මුහුණ ලස්සන ඉස්මතු කරගන්න පුලුවන් eyebrows වලට නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න. ඔයා makeup වලට අලුත් කෙනෙක් නම් eye brow pencil එකක් තොර ගන්න එක වඩාත් හොදයි. Eyebrow pencil එකක් අර අරගන්න කොට අළු පාට , ගුරු පාට වගේ පාට වලින් තෝර ගන්න මොන හේතුවක් නිසාවත් කළු පාට නම් තෝරගන්න එපා.

Makeup blusher

මේකප් එක ලස්සන වෙන තවත් අංගයක් තමයි මේකප් බ්ලෂර් එකක් කියන්නේ. ගෑණු ළමයෙක්ට ලොකු ලස්සනක් එනවා මුහුණට මේක පාවිච්චි කරාම. තනි පාට blusher තියෙනවා makeup blusher pallets වශයෙනුත් තියනවා ඔයා makeup වලට අලුත් නම් ලා පාට blusher එකක් තෝරගන්න. Blusher එක පාවිච්චි කරන්න වෙනම බ්‍රෂ් එකක් තියාගන්න.

Eyeshadow

Brown shades , nude colors, shimmer colours වැඩියෙන් තියෙන eyeshadow palette එකක් තෝරගන්න.ඒ වගේ පාටවල් වලින් මුනට ලස්සනක් වගේම makeup එකට හොඳ පෙනුමක් ලැබෙනවා

මස්කාරා

මේකප් එකට අනිවාර්යෙන්ම ඕනි දෙයක් තමයි මස්කාරා එක.curle මස්කාරා එකක් තොරගන්න පුළුවන් නම් වඩාත් හොඳයිි

Lipstick

තමන්ගේ හමට ගැලපෙන lipstick එකක් එකක් තෝරගන්න සැලකිලිමත් nu|de lipstick , පින්ක් colour , red colour වගේ පාට 2ක් 3ක් ළඟ තියා ගන්න.

ෆික්ස් spray

අපි ජීවත් වෙන්නේ රස්නෙ රටක නිසා මේකප් එක දියවෙලා වැක්කෙරෙනවා එක නතර කරගන්න පුලුවන් මේකප් fixing spray එකක් භාවිතා කරන්න.

මේ දේවල් ටික තමයි අලුතෙන් මේකප් එකක් කරන්න උනන්දුවක් දක්වන කෙල්ලෙක්ට අනිවාර්යෙන්ම ඕන වෙන දේවල් කිහිපය.