සම්බන්ධතාවයක දුක, සතුට හැලහැප්පීම් සමඟම දෙදෙනා සතුටින් එක්ව සිටීම ජීවිතේ වැදගත්ම කාරණාවක්. මේ සඳහා ආදරය, ගෞරවය, අවබෝධය, විශ්වාසය, කැපකිරීම් ඉතා වැදගත් කාරණා ලෙස සලකන්නට පුළුවන්. එමඟින් තෘප්තිමත් සහ ප්‍රීතිමත් සම්බන්ධතාවයක් ගොඩනගා ගත හැකිවෙනවා. නමුත් වර්තමානයේ සොයාගැනීම් වලට අනුව ප්‍රීතිමත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට බලපාන තවත් වැදගත් කාරණා 4ක් ගැන ඔබව දැනුවත් කරන්නට අපි අද සුදානම් වෙනවා.
දෙදෙනාට හිමි බලය
බලය කියන්නේ මිනිසුන්ට බලපෑම් කිරීමට හැකියාව ලැබීම සහ අන්‍යයන් ඔබට බලපෑම් කිරීමට දරන උත්සාහයට සාර්ථක අයුරින් එරෙහි වීම ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම සාර්ථක සම්බන්ධතාවක් පවත්වා ගැනීමට එකිනෙකා සතු බලය ඉතා වැදගත් වෙනවා. එයට හේතුව තමාට හෝ අනෙකාට ඇතිවන ගැටලුවකදී ඒ පිලිබඳ තීරණ ගැනීමේ බලය ඔවුන් දෙදෙනාටම හිමි වීමයි. මෙහිදී දෙදෙනා එකිනෙකා වෙත හිමි බලය වගකීමෙන් සහ ගෞරවයෙන් කටයුතු කළ යුතුයි.
සම්ප්‍රදානුකූලව ඇතැම් කාරණා සම්බන්ධයෙන්තවමත් පිරිමින් බලවත්වී සිටීම
අතීත සමාජයේ කාන්තාවන් හා සසඳන විට වර්තමානයේ කාන්තාවන් ඉරිදියෙන් සිටිනවා. එකළ ගෙදර දොර වැඩපළ කරමින්, ළමයි වෙනුවෙන්ම කැපවුණු කාන්තාවන් වෙනුවට වත්මන් කාන්තාවන් පිරිමින් සහ උරෙනුර ගැටෙමින් කටයුතු කරනවා. නමුත් ඉහළ අධ්‍යාපනය සහ , වැටුප් වැනි සාධක තුළ පිරිමින් තවමත් ඉදිරියෙන් සිටිනවා. එසේම ඇතැම් කාරණා සම්බන්ධව තීරණ ගැනීමේදීද පිරිමින් තවමත් ඉදිරියෙන් සිටිනවා. නමුත් පර්යේෂකයින් පවසන ආකාරයට තෘප්තිමත් සම්බන්ධතාවයක් සඳහා එය අදාළ නොවන බවයි. එයට හේතුවී ඇත්තේ වර්තමානයේ බොහෝ කාන්තාවන් ස්ව කැමැත්තෙන්ම තම සැමියාට සම්බන්ධතාවය තුලදී ප්‍රධානත්වය දෙන බවයි. කාන්තාවන් තම සම්බන්ධතාවය හැඟෙන දැනෙන ආකාරය අනුව සහ එහි වැදගත්කම අනුව ඔවුන් එසේ කිරීමට පෙළඹෙනවා.
අනෙකා අභිබවා නොයාම
සම්බන්ධතාවයක් තෘප්තිමත් වීමට බලපාන ප්‍රධානම සාධකයක් ලෙස දෙදෙනා සතු සමාන බලය සහ ශක්තිය පිළිබඳව ඇති පෞද්ගලික විශ්වාසය නම් කළ හැකියි. විශේෂයෙන්ම තීරණ ගැනීමේදී මෙය ඉතා වැදගත් කාරණයක්. උදාහරණයක් විදියට නිවාඩුවට ඇවිදින්න යන්න තැනක් බිරිඳ තීරණය කළා නම් යන්නේ කොහොමද , කන්නේ මොනාවද වගේ දේවල් සැමියාට තීරණය කරන්න දෙන්න ඕන. ඒ කියන්නේ තීරණ ගැනීමේදී දෙදෙනාගේම තෝරාගැනීම් සහ දායකත්වය ලබාගැනීම ඉතා වැදගත් කාරණයක්.
විවාහ ජීවිතයේ බල තුලනය සඳහා ස්ත්‍රී පුරුෂභාවයේ බලපෑම
අතීතයේ පැවත එන සම්ප්‍රධායික මතය අනුව ස්ත්‍රියට වඩා පුරුෂයාට නිරතුරුව සෑම කාරණයදීම බලය හිමි වෙනවා. නමුත් වර්තමානය වන විට විවාහය තුළදී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම සමාන ලෙස කටයුතු කිරීමට පෙළඹී ඇති නිසා විවාහ ජීවිතය සාර්ථක සහ තෘප්තිමත් අයුරින් පවත්වාගෙන යනවා.