latest articles

විශාදය නිසා ශරීරයට ඇති විය හැකි බලපෑම් 6ක්

විශාදය කියන්නේ මානසික රෝගී තත්වයක් බව අපි කවුරුත් දන්නා දෙයක්.මෙම රෝගය මිනිසුන්ගේ මනස පමණක් නොව ශරීරයේ වෙනස්කම් සිදු කිරීම සඳහා ද බලපානු ලබයි.එසේම බරපතළ රෝග තත්ත්වයන්ද ඇති කරවනු ලබයි.විවිධ හේතු මත පුද්ගලයෙකුට විෂාදයට වැළඳීමේ අවස්ථාව තියනවා. උකුමන හේතුවක් නිසා ඇතිවුනත් විශාදය මගින් අපේ ශරීරයට  විවිධ බලපෑම් ඇති කරනවා.ඉතින් අන්න ඒ නිසා අද අපි ඔයාලව දැනුවත් කරන්න යන්නේ විශාදය අපේ ශරීරයට ඇති කරන බලපෑම් කිහිපයක් පිලිබදවයි.

1. වකුගඩු ක්‍රියාකාරිත්වය අඩුවීම

නිදන් ගත වකුගඩු රෝග වලින් පෙලෙන පුද්ගලයින්ට වගේම සෞඛ්‍ය සම්පන්න වකුගඩු ඇති පුද්ගලයින්ට වුනත් විශාදය නිසා බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම එමඟින් රෝගයේ වර්ධනයද වේගවත් කිරීම සිදු වීමට ඉඩ තියෙනවා.

2.දියවැඩියාව

විශාදය තත්ත්වය නිසා අපේ ශරීරයේ ආතති හෝමෝන මට්ටම ඉහළ යන්න පටන්ගන්න්වා.එමගින් රුධිරයේ සීනි මට්ටමට සහ ඉන්සියුලින් ප්‍රතිරෝධයට බලපායි. ඒ වගේම මදියවැඩියාව ඇති පුද්ගලයින් විශාදයෙන්  පෙළීමට වැඩි ඉඩක් ඇති බවද තහවුරු වී තිබෙනවා. 

3. හෘදයාබාධ ඇතිවීමට ඇති අවධානම

විශාදයෙන් පෙලෙන පුද්ගලයින්ට අධි රුධිර පීඩනය ඇති වීමේ අවධානම සහ හෘද ස්පන්දන වේගය වැඩිවීමේ අවධානම වැඩියි.ඒ වගේම තමයි මේ සියල්ල හෘද රෝග ඇතිවීමට විශාල ලෙස හේතු වෙන කාරණා.

4.රුධිර නාලිකා වල ගැටලු ඇතිවීම​

රුධිර නාලිකා වල ගැටළු ඇති වුනොත් එය ඍජුවම බලපෑම් ඇති කරන්නේ හදවතටයි.ඒ වගේම අධික රුධිර පීඩනය මඟින් රුධිර නාලිකා වල ලේ ගමනාගමනය වේගය අඩු කරනවා.ඒ වගේම මෙමඟින් රුධිර නාලිකාවලට හානි කරන අතර සෛල හා පටක වලට ප්‍රමාණවත් තරම් පෝෂ්‍ය පදාර්ථ හා ඔක්සිජන් ගෙන ඒමේ හැකියාවකද අඩු කරනවා.

5.පිටුපස වේදනාවන් ඇතිවීම​

විශාදය තත්වය නිසා කොන් දේ කැක්කුම ඇති වන්නේ කෙසේද කියා ඔබට ගැටළුවක් ඇති වෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම විශාදය හේතුවෙන් කොන් දේ කැක්කුම නිතරම ඇති නොවෙන්න පුළුවන්. නමුත් නරක ඉරියව් සහ දුර්වල පේශි මේ සඳහා වඩාත් පොදු හේතු වේ. නමුත් විශාදය නිසා නිදන්ගත වේදනාවන් මතු වෙන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් ලෙස කොන්දේ වේදනාවන් ඇති වීමට ඇති ඉඩකඩ වැඩියි.

6.හිසරදය සහ මතකයේ ගැටළු ඇතිවීම​

බොහෝ විට විශාදය තත්වය හේතුවෙන් පුද්ගලයින්ට කෙටි කාලීන මතකය නැතිවීම හා ඉක්මනින් කලබල වීමේ ස්වභාවයන් ඇතිවෙන්න පුළුවන්.මේ හේතුවෙන් විශාදයෙන් පෙලෙන පුද්ගලයින්ට අමතක වීම වැඩි වෙනවා වගේම කාර්‍යයන් කෙරෙහි අවධානය යොමු කිරීමේ හැකියාවද වළක්වනවා. මේ තත්වය ආතති හිසරදය ලෙසත් හදුන්වනවා.