latest articles

විටමින් C වලින් නිරෝගීව ලස්සනට ඉන්න පුළුවන් ක්‍රම

විටමින් කියන්නේ සමබල ආහාර වේලකට නැතිවම බැරි පෝෂණ කොටසක් බව ඔබ දන්නවා. විටමින් A,B,C,D,E,K ලෙස විටමින් වර්ග බොහොමයක් අපේ ශරීරයට ලොකු වැදගත් කමක් ගෙන දෙනවා. නමුත් ඒ අතරින් අපි අද කතා කරන්න හිතුවේ මේ දවස්වල ජනප්‍රියම වගේම කාගේත් කතා බහට ලක්වෙන විටමින් C පිළිබදවයි.

විටමින් C අපේ සිරුරේ ස්වාභාවිකවම නිපදවෙන විටමින් වර්ගයක් නම් නෙවෙයි. ඉතින් මේ නිසා අපේ සිරුරට අවශ්‍ය විවිධ කාර්‍යයන් සදහා අපි විටමින් C පිටතින් ලබා ගැනීම අවශ්‍යමයි. ඉතා පහසුවෙන් මේ විටමින් C අපට පිටතින් ගන්න පුළුවන්. දොඩම් , දෙහි වගේ පැඟිරි කුලයේ පලතුරු වල වැඩි වශයෙන් විටමින් C අඩංගු වෙන නිසා ලංකාව වගේ රටක ඉන්න අපිට නම් විටමින් C ලබාගන්න එක හරිම පහසුයි දෙයක්.

විටමින් C, ඇස්කොර්බික් අම්ලය ලෙසත් හදුන්වන අතර එය අපේ සිරුරට මෙතරම් වැදගත් වෙන්නේ මේ නිසයි.මේ විදියට අපේ සිරුරට ඉතා වැදගත් වන විටමින් C ගැන මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වෙන්නේ පෙනහළු ආබාධ අඩු කරන නිසාත්, ප්‍රතිශක්තිය වර්ධනයට සහය වන නිසාත්, හර්දයේ ක්‍රියාකාරිත්වයට වැදගත් වන නිසාත්, විටමින් C ලබාගැනීම වෛද්‍යවරුන් පවා නිර්දේශ කර තිබෙනවා.

·  සෙම් රෝග සදහා ඉතාමත් හොඳ ප්‍රතිකාරයක්

·  ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීම

·  රුධිර නාල තුල රුධිර ධාවනය ක්‍රමවත් කිරීම

·  හර්ද රෝග ඇතිවීමේ අවධානම අඩු කරනවා

·  පෙනහළු ආබාධ අවම කිරීම

·  දත් ,විදුරුමස් හා අස්ථි සවිමත් කිරීම

·  මතක ශක්තිය වැඩි දියුණු කිරීම

·  තුවාල සහ කැළැල් සුව කිරීම

·  යකඩ අඩංගු ආහාර නිසි ලෙස ශරීරයට උරා ගැනීමට සහය වෙනවා

අපගේ නිරෝගිකම රැකදෙනවා වගේම විටමින් C අපිව ලස්සන කරන්නත් ලොකු සහයක් දක්වනවා.විටමින් C වලට සමේ කොලජන් නිපැදවීම වැඩි කිරීමට හැකියාවක් පවතිනවා.ඉතින් මේ නිසා සමේ අදෙනසුලු බව වර්දනය කර සම රැලි වැටීම පාලනය කිරීමටත් විටමින් C වලට පුළුවන්. එයින් ඔබට සුන්දර තරුණ සමක් පවත්වාගන්න පුළුවන්. 

ඒවගේම තුවාල ලප කැළැල් සුව කිරීමේ හැකියාවෙන් යුක්ත නිසාම කුරුලෑ ලප කැළැල් ඉක්මනින් නැති කරන්නත් විටමින් C වලට හැකියාව තිබෙනවා. මේ නිසාම සමේ අදුරු පැහැය තුරන් කර ඔබට සුන්දර ඒකාකාරී පැහැපත් සමක් ලැබෙනවා.

පහත ක්‍රම මගින් අපේ සිරුරට විටමින් C ලබා දෙන්න පුළුවන්.

·      පැගිරි කුලයට අයත් දොඩම්,දෙහි, ලෙමන් වැනි පලතුරු මෙන්ම ස්ට්‍රෝබෙරි,අන්නාසි, කිවි වගේ පලතුරු වලින්නුත් අපේ සිරුරට පහසුවෙන් විටමින් C ලබාගන්න පුළුවන්.

·      ඒ වගේම බෙල් පේපර්, බ්‍රොකොලි , නිවිති වැනි එළවලු වලද විටමින් C වැඩි වශයෙන් අන්තර්ගත වෙනවා.

මේ ආකාරයට එළවලු, පලතුරු වලින් සිරුරට විටමින් C ලබාගන්නවා වගේම පෝෂණ අතිරේකයක් හරහා බාහිරින් අපට විටමින් C ලබාගන්නත් පුළුවන්. විවිධ නිෂ්පාදන නාමයන් මගින් ඔබට විටමින් C බාහිරින් ලබා ගැනීමට හැකි වුවත් ප්‍රමිතියෙන් යුතු විශ්වසනීය නිෂ්පාදනයක් තෝරා ගැනීමටත් වග බලා ගන්න. විශේෂයෙන් විටමින් C අඩංගු අභ්‍යන්තර පෝෂණ සත්කාරකයකට යොමු විය හැකිනම් අනෙක් පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීමටත් ඔබට පුළුවන්. එමගින් ඔබට නිරෝගී බව රැක ගනිමින් සුන්දර දිවි පෙවෙතක් ගත කිරීමට හැකිවෙනවා.