latest articles

වයිෆ් කෙනෙක් ඉන්න එකෙන් ලැබෙන විශේෂ වාසි 5ක්

කසාද බැඳපු පිරිමි අයගෙන් එයාලාගේ බිරින්දෑවරු  ගැන ඇහුවොත් ගොඩක් අය කියන්නේ ‘කට නැත්නම් මාරු, ජීවිතේ කරපු ලොකුම ගොන්කම, එපා වෙලා ඉන්නේ’ වගේ දේවල් තමයි. ඉතින් මේ දේවල් අහන අවිවාහක පිරිමිත් හිතනවා කසාදය වගේම බිරිඳ කියන්නේ බොහොම අමිහිරි දෙයක් කියලා. ඒ නිසාම අපි අද ඔබට කියන්න යන්නේ සැමියන්ට එපා වෙලා ඉන්න බිරින්දෑවරුන්ගේ වටිනාකම කොයි තරම් ද කියලයි. ඒ වගේම එහෙම කෙනෙක් ඔයාගේ ජීවිතේ ඉන්නකොට ඔයාට ලැබෙන වාසි 5ක් ගැනයි.

බෝරින් නැහැ

ඇත්තටම බිරිඳක් ඉන්නවා නම් ඒ ජීවිතේ බෝරින් නැහැ. මොකද එයාලා නොනවත්වාම කියවනවානේ. ඉන්න තැන පාළුවක් නැහැ. ඒක සැමියාට වදයක් වුණත් එයාගේ කියවිල්ල එයා නවත්තන්නේ නැහැනේ. ඒ වගේම එයාලා පොඩි දේටත් රණ්ඩු වෙලා තරහ වෙනවනේ. තරහ වෙනවා වගේම ඉක්මණින් යාලුත් වෙනවා. ඉතින් මේ නිසා හැමදාම වගේ ජීවිතේ හැපනින් ගතියක් වයිෆ් කෙනෙක් ඉද්දි තියෙනවා.

වෙනස් රස වගේම අමුතු කෑම ජාති

පිරිමියෙක් කසාදයට කලින් ජීවිතේ වැඩියෙන්ම රස බලන්නේ අම්මගේ කෑම වලනේ. ඔය අතරේ කඩ කෑමත් කනවනේ. ඉතින් ඔය විදියට අම්මගේ කෑමවලට අමතරව වෙනස් රසක් වගේම ආදරය පිරුණු කෑම පිඟානක් ලැබෙන්නේ වයිෆ්ගෙන් තමයි. ගර්ල් ෆ්‍රෙන්ඩ් කාලේ හැමදාම කෑම උයලා දෙන්න බැහැනේ. ඉතින් මේ නිසා වැරදි වැරදි හරි රසට උයන,  එක එක ජාතියේ අමුතු කෑම උයලා දෙන වයිෆ් කෙනෙක්ගේ කෑම හරිම රසවත්. සමහරවිට  ඒ වෙනසට රහස ඒ කෑම උයන්න හබියත් උදව් වෙන නිසා වෙන්නත් පුළුවන්.

යොවුන් සිතුවිලි

සහෝදරිය, පෙම්වතිය සහ බිරිඳට අමතරව පිරිමියෙකුට ලඟින්ම ඉන්නේ අම්මා. ඉතින් අම්මා ළඟ තියෙන්නේ යල්පැන ගියපු අදහස් සහ ක්‍රම නිසා ඒවායේ කිසිම වෙනසක් නැති ඒකාකාරී බවක් හැඟෙන්න පුළුවන්. ඒ වුණත් සමවයස් යොවුන් චින්තනයෙන් හිතන්න බිරිඳකට පුළුවන්. ඇඳුමක්, තෑග්ගක් තෝරද්දී, ඩ්රින්ක් එකක් දාද්දී බයිට් හදලා දෙන තැන ඉඳන්ම බොහෝ දේවල් තරුණ අදහස් වලින් ආකර්ශනීය විදියට කරන්න බිරිඳකට පුළුවන්.

නෑදෑයින්ගේ සැළකිලි

බොහෝ වෙලාවක අපි නෑදෑ ගෙදරක ගියාම වෙන්නේ එයාලා ලේස්ති කරලා තියෙන දෙයක් කාලා බීලා කතාබහ කරලා එන්නනේ. හැබැයි වයිෆ්ගේ නෑදෑ ගෙවල් වල ගියාම එහෙම නැහැ පුදුම සැළකිලි ගොඩක් ලැබෙනවනේ. කැමතිම කෑම බීම, සැප පහසු විදියට ඉන්න නිදහස. නින්දක් දාන්න හිතුණු ගමන් ඇඳක්. ඉල්ලන ඕන දෙයක් අතට පයට.  ඉතින් ඒ වගේ සැප නෑදෑ ගෙදරකදී විඳින්න ලැබෙනවා නම් ඒ වයිෆ්ගේ පර්ශවයෙන්ම විතරයිනේ.

අමතක වෙන ලෙඩේට හොඳම බෙහෙත

සාමාන්‍යයෙන් අම්මා කරපු දේ වයිෆ් බාරගන්නවා නම් ඒ අතර මුල්ම තැනක් ගන්නේ මේ දේවල් නිතරම මතක් කරලා දෙන එක. පුතා හස්බඩ් වෙනකන්ම ගෙන ආ පුරුද්දක්  තියෙනවා නම් ඉතින් ඒ අමතක වෙන ලෙඩේ තමයි. ගෙදර ටැප් එක කැඩිලා නම් අඩුම සති දෙක තුනක්වත් මතක් කරන්න ඕන. කොටින්ම ඉතුරු සල්ලි ගෙවලා වෙඩින් ඇල්බම් එක හදාගන්නත් අවුරුදු 2,3ක් වත් මතක් කරන්න ඕන. ඒ විදියට නිතරම මතක් කරලා කරලාම තමයි පිරිමියෙක්ව වගකීම් සහගත පුද්ගලයෙක් කරන්න ඕන.