ලොව මිල අදිකම කුළුබඩුවක් තමයි Saffron නොහොත් කුංකුම කියන්නේ. මෙම Saffron මලේ රේණුවල ඇති විශ්මිත ගුණය නිසාම එය රූපලාවන්‍ය සත්කාර සදහාත් බහුලව භාවිතයට ගනු ලබන්වා. ඒ නිසා විශේෂයෙන්ම අද අප ඔබ වෙත ගෙන එන්නේ Saffron මගින් මුහුණට සහ හිසකෙස් වලට සිදුකළ හැකි සත්කාර කිහිපයක් පිළිබදවයි.
ආසාදන තත්වයන් සහිත අවපැහැ ගැන්වූ සමකට සිදුකළ හැකි Saffron සත්කාර
මේ සදහා කෝමාරිකා එක ඉත්තක් සහ Saffron කෙදි 7ක් පමණ ගෙන පළමුව සූරාගත් කෝමාරිකා ජෙල්වලට Saffron කෙදි ටික දමා කහ වර්ණයක් ලැබෙන තෙක් මිනිත්තු 10ක් පමණ තබන්න. පසුව ක්ලෙන්සර් කරගත් මුහුණට සුදුසු බ්‍රෂ් එකක් ආදාරයෙන් සම මත උඩු අතට ආලේප කරන්න. විනාඩි 5 – 10ක් තබන්න. නැවතත් Saffron කෝමාරිකා ජෙල් ටිකක් අතට ගෙන ඇගිලි තුඩු ආදාරයෙන් සම මත උඩු අතට හොදින් මසාජ් කරන්න. නැවත මිනිත්තු 20ක් තබා පිරිසිදු ජලයෙන් සෝදා හරින්න. මෙය සතියට සිව් වතාවක් පමණ කිරීම වඩාත් සුදුසුයි.
Saffron Hair oil
මේ සදහා Extra Vergine Olive Oil තේ හැදි 2ක්, එඩරු තෙල් තේ හැදි 2ක්, සුදු පොල් තෙල් තේ හැදි 2ක් , විටමින් E කරලක් සහ Saffron කෙදි 5ක් අවශ්‍ය වෙනවා. මෙම අමුද්‍රව්‍ය පිළියෙල කර ගැනීමෙන් අනතුරුව සියලු තෙල් වර්ග එකට මිශ්‍ර කරන්න. එයට Saffron කෙදි ටික එක් කරන්න. විනාඩි 10ක් පමණ පෙගෙන්න තබන්න. පසුව හිස කෙස් සහ හිස් කබලේ හොදින් ආලේප කොට පැයක් තබන්න. අවසානයට සුදුසු ශැම්පු වර්ගයක් සහ කන්ඩිෂනර් වර්ගයක් භාවිත කොට සෝදා හරින්න. මෙය සතියකට 3 වරක් පමණ කිරීමෙන් වඩාත් හොද ප්‍රතිඵල ලබගත හැකියි.
Saffron ටෝනර්
රෝස වතුර 100mlක් , Saffron රේණු 7-8, සුදුසු ස්ප්‍රේ බෝතලයක් ගෙන පළමුවෙන්ම රෝස වතුර සකසා ගන්න. ඒ සදහා පිරිසිදු ජලය ස්වල්පයකට රෝස පෙති කිහිපයක් දමා රැයක් පෙගෙන්නට තබා උදෑසනට පෙරා වෙන් කර ගන්න. එයට Saffron කෙදි කිහිපයක් දමා විනාඩි 15 – 20ක් පෙගෙන්නට තබන්න. දැන් මේ සියල්ල ස්ප්‍රේ බෝතලයකට දමා ශීතකරණයේ දමා සතියක් දෙකක් කල් තබා ගත හැකියි. භාවිතයට විනාඩි 15කට පෙර කාමර උෂ්ණත්වයේ තබා භාවිත කිරීම සුදුසුයි. මෙය දිනපතා සමට ස්ප්‍රේ කළ හැකියි. මෙම Saffron ස්ප්‍රේ එක විවිද පැක් වර්ග දැමීමෙන් පසුවත් , සම ක්ලෙන්සර් කිරීමෙන් පසුවත් දිනපතා රාත්‍රියට කලින්ම සමට ස්ප්‍රේ කිරීමටත් ඉතාම සුදුසුයි.