ආහාර ගැනීමෙන් පසු රුධිරයේ සීනි මට්ටම යම් අවස්ථා වල ඉහළ යාම සහ පහළ යාම නිසා කෙටි කාලයක් තුල උදාසීනත්වය සහ කුසගින්න ඇති කළ හැකි අතර කාලයත් සමඟ ඔබේ ශරීරයට රුධිරයේ සීනි මට්ටම ප්රශස්ත මට්ටමට ගෙන ඒමට නොහැකි වෙනවා. එමෙන්ම එය දෙවන වර්ගයේ දියවැඩියාවට මග පාදයි. මෙසේ රුධිරයේ සීනි වැඩිවීම නිසා කාලයත් සමඟ රුධිර වාහිනී පටු වීම සහ දැඩි වීම සිදු විය හැකි අතර මෙය හෘදයාබාධයක් හෝ ආඝාතයක් ඇතිවීමේ අවදානම වැඩි කරයි. එම නිසා අනාගත සෞඛ්‍ය සංකූලතා අවම කර ගැනීම සඳහා ඔබේ රුධිරයේ සීනි මට්ටම හැකිතාක් සාමාන්‍ය මට්ටමේ තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් අද මේ ලිපියෙන් අරගෙන ආවේ රුධිර සීනි මට්ටම වැඩිවීම නැවැත්වීමට සරල ක්‍රම 5ක් ගැනයි.
1.ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම
අඩු හෝ වැඩි නින්දක් ලැබීම ඔබේ රුධිරයේ සීනි මට්ටමට බෙහෙවින් අහිතකර බලපෑමක් ඇති කරයි. එනම් ප්‍රමාණවත් නින්දක් නොලැබීම දුර්වල රුධිර සීනි පාලනය සමඟ සම්බන්ධ වේ. එම නිසා සෑම දිනකම අවම වශයෙන් පැය 8 ක්වත් නිදා ගත යුතුයි. එසේම ඔබේ නින්දේ ගුණාත්මකභාවයද වැදගත් බව සලකන්න.
2.මත්පැන් පානය අවම කිරීම
බොහෝ මධ්‍යසාර පානවල පෝෂණ අගය ශුන්‍යය අන අතර මද්‍යසාර මෙන්ම කොක්ටේල් සහ මිශ්‍ර බීම වර්ග වල සීනි වැඩි ප්‍රමාණයක් අඩංගු වන බැවින් ආහාරවලට සීනි එකතු කරනවා සේම මෙයද රුධිරයේ සීනි වැඩිවීමට හේතු වේ. එමෙන්ම දිගු කලක් අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා ඉන්සියුලින් ප්‍රතිරෝධය ඇති කරන අතර දෙවන වර්ගයේ දියවැඩියාවට එය හේතු විය හැක. ඔබ කළ යුත්තේ මත්පැන් පානය සීමා කිරීමට කටයුතු කිරීමයි.
3.ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න
ශරීරය විජලනය වූ විට නිපදවන vasopressin මඟින් ඔබේ වකුගඩු තරලය රඳවා තබා ගැනීමට සහ ඔබේ ශරීරයෙන් අතිරික්ත සීනි ඉවත් කිරීම වළක්වන හෝමෝනයක් නිපදවයි. එසේම එය ඔබේ රුධිරයට වැඩි සීනි මුදා හැරීමට ඔබේ අක්මාව සංඥා කරයි. නමුත් දිනකට ජලය විශාල ප්‍රමාණයක් පානය කිරීමෙන් ඔබේ ශරීරය හොඳින් සජලනය වන අතර vasopressin මුදා හැරීම වළක්වයි. එසේම සෝඩා සහ විවිධ බීම වර්ග පානය කරනවා වෙනුවට හොඳ පිරිසිදු ජලය පානය කිරීමට වගබලා ගන්න.
4.නිතර ව්‍යායාම කිරීම
දිනපතා ව්‍යායාම කිරීම නිසා ඔබේ සෛල වලට අතිරික්ත රුධිර සීනි අවශෝෂණය කර ගැනීමට හැකි වන අතර ඉන්සියුලින් සඳහා සෛල සංවේදීතාව වැඩි කිරීමෙන් ඔබේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට උපකාරී වේ. එමපණක් නොව ව්‍යායාම මගින් ඔබේ මාංශ පේශි සෛල ඔබේ රුධිර ප්රවාහයෙන් සීනි අවශෝෂණය කර ගැනීමට පොළඹ වීම මඟින් රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට තවදුරටත් දායක වේ.
5.කාබෝහයිඩ්රේට් පරිභෝජනය අඩු කිරීම
කාබෝහයිඩ්රේට රුධිරයේ සීනි මට්ටම ඉහළ යාමට විශාල වශයෙන් දායක වේ. එනම් කාබෝහයිඩ්රේට් අනුභව කරන විට ශරීරය ඒවා සරල සීනි බවට පත් කර රුධිරයට ඇතුල් වේ. කාබෝහයිඩ්රේට් ප්‍රමාණය අඩු ආහාර වේලක් ගැනීම ඔබේ රුධිරයේ සීනි වැඩිවීම වළක්වා ගැනීමට බෙහෙවින් උපකාරී වේ. අඩු කාබෝහයිඩ්රේට් ආහාර ද බර අඩු කර ගැනීමට ද උපකාර වන අතර එමඟින් රුධිරයේ සීනි වල හදිසි වැඩිවීමක් ඇති වීමේ අවදානම අඩු කිරීමට ද ඉමහත් දායකත්වයක් ලබා දේ.