කසාදය කියන්නේ කෙනෙක්ගේ දෙවෙනි උපත කියලා කතාවක් තියෙනවනේ. මොකද කියනවා නම් එකිනෙකට වෙනස් පවුල් දෙකක දෙදෙනෙක් එක වහලක් යටට ඇවිත් ජීවත් වෙනවා කියන එක ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. නිකමට්ස් හිතන්නකෝ, ඔබේම සහෝදර සහෝදරියෝ අතරෙත් මොන තරම් නම් නොගැළපීම් තියෙනවද කියලා. ඉතින් වෙනම පවුලක කෙනෙක් ගැන කවර කතාද. මේ කතා කොහොම වුනත්, කසාදයක් වෙන්නේ අදර සම්බන්ධතාවයකින්, එහෙමත් නැත්නම් යෝජිත විවාහයකින්නේ. කාලයක් තිස්සේ දෙන්නට දෙන්නා දැන හඳුනගෙන එක් වෙන එකෙයි, නොදැනගෙන එක්වෙන එකෙයි වෙනසක් තියෙනවානේ. ඒකට හොඳම අවස්ථාව තමයි පලවෙනි මංගල රාත්‍රිය. ආදර සම්බන්දයකින් නැතිව යෝජිත විවාහයකින් එක් වෙන දෙන්නෙක්ගේ පලවෙනි මංගල රාත්‍රිය මොන වගේ ඇත්ද කියලා හිතා ගන්නත් අමාරුයි නේද. ඉතින් අපි අද ඔබට කියන්න සූදානම් වෙන්නේ යෝජනාවකින් විවාහ වුණ අයගේ මංගල රාත්‍රිය මොන වගේද කියලයි.
දෙදෙනාගේම සුවපහසුව ගැන සලකා කටයුතු කිරීම
විවාහය කියන්නේ දෙදෙනෙක් කායිකව එක් වීමේ ආරම්භය වුනාත්, නොදන්නා දෙන්නෙක්ට එක් වරම කායිකව එක් වෙන්න බැහැ. ඉතින් ඒ නිසා දෙන්න එක්ක හොදින් කතාබහ කරලා, අනෙකාගේ ඕනෑ එපාකම් ගැන හොඳ අවබෝධයක් අරගෙන තමයි කලින් කියපු කාරනාවට අවතීර්ණ වෙන්නේ. සමහරුන්ට ඉතින් මෙහෙම යනකොට හුගක් වෙලාවට මාසයකට ආසන්න කාලයක් යනවලු. සමහරවිට ඊට අඩු කාලෙකින් අවශ්‍ය දේ කරන අයත් ඇති. අපි මේ කියන්නේ සාමාන්‍ය ගැන.
වැදගත්ම කාරණය විශ්වාසය දිනා ගැනීම
විවාහය කියන්නේ බොහොම සංකීර්ණ බැඳීමක්. ඒත් හරි විදිහට පවත්වා ගෙන ගියොත් ඒක තමයි ලෝකේ තියෙන ලස්සනම බැදීම. විශේෂයෙන් ඒ වෙනුවෙන් දෙන්නට දෙන්නා විශ්වාසය දිනා ගන්න එක හරිම වැදගත්. දෙදෙනාටම ගොඩාක් මහන්සි දවසක් තමයි මංගල දවස කියන්නේ. ඉතින් ඒ නිසා හුග දෙනෙක් කරන්නේ එදා වුනු දේවල් කතා බහ කරලා, දෙන්නගේ අදහස් හුවමාරු කරගැනීම තමයිලු. ඊට පස්සේ ඉතින් දෙන්නත් එක්ක එකට ගුලි වෙලා නිදා ගන්නවලු. එතනින් එහාට මුකුත් නෑ .එදාට එච්චරයි ඉතින්.
ඔබ සිහිනෙන්වත් නොහිතපු තරම් සුන්දර වෙන්නත් පුළුවන්
නොදන්නා දෙන්නෙක් සමාජය විසින් එක් කළාට පස්සේ, දෙන්න පලවෙනි පාරට එකතු වෙලා ජිවත් වෙන එක අපි නොහිත්න තරම් මහා පුදුමාකාර සුන්දර අත්දැකීමක් වෙන්නත් පුළුවන්. දෙන්නට දෙන්නා නොදන්නාකම නිසාම පලවෙනි රාත්‍රිය අතිශය සුන්දර වෙන්න හේතු කරගත්ත අයත් ඉන්නවා. කොහොමත් ඉතින් මිනිස්සු නොදැක්ක, නොලබපු දේවල් දකින්න, ලබන්න පුදුමාකාර කැමැත්තකින් වගේම ආශාවකින්නේ ඉන්නේ.
තමන්ගේ අනන්‍යතාවය වෙනස් කරගත යුතු නැහැ
විශේෂයෙන්ම සමාජය කාන්තා පාර්ශවයට විවාහය හා සම්බන්ධ නොයෙක් කතා කීවත්, ජිවිතය මහා ලොකු වෙනසකට භාජනය නොවෙන බවත්, ඔබ ඔබම පමණක් බවත් සිහියේ තබා ගැනීම ඉතා වැදගත්. නමුත් විවාහයට පෙර ඔබ තනිකඩව ජිවත් වෙද්දී තවකෙකු සමග ශාරීරිකව එක් වීමක් ජිවිතයේ තිබුනේ නැහැ. නමුත් දැන් එහෙම දෙයක් තියෙන එක තමයි ප්‍රධානම දේ.