latest articles

යාළු වෙන්න කෙල්ලෙක්ව/කොල්ලෙක්ව හොයාගන්න ටිප්ස් 6ක්

යාලුවෙන්න කෙල්ලෙක් හෝ කොල්ලෙක් හොයා ගන්න එක අමාරු වැඩක් කියලා හිතුවට ඒක හිතන තරම් අමාරු නෑ. මෙතැනදී ගොඩක්ම සැලකිලිමත් විය යුතු කාරණය වන්නේ තෝරාගැනීමයි. ඔයාලගේ සම්බන්ධය කොතරම් ශක්තිමත්ද කියලා බලපාන්නත් මේක උදවු වෙනවා. ඉතින් ඒ නිසා අද අපි මේ ලිපියෙන් අරගෙන ආවේ සම්බන්ධයක් ශක්තිමත්ව පවත්වාගෙන යන්න කෙනෙක්ව තෝරා ගැනීමේ වැදගත් වෙන කාරණා 6ක් පිළිබඳවයි. 

1.එයාගේ ගතිගුණ​

ඔයා කෙනෙක්ව ආදරය කිරීමට සොයනවා නම් මුලින්ම එයාගේ ගති ලක්ෂණ කොහොම වෙන්න  ඕනද කියලා තීරණය කරන්න ඕන. උදාහරණයක් විදියට කියනවානං ඔයා කලින් සම්බන්ධයක් තිබුණු කෙනෙකු සමග යාලුවෙන් අකමැති නම් ඔයා එහෙම කෙනෙක් තෝරා ගත්තොත් ඒ සම්බන්ධය වැඩි කාලයක් තියෙන්නෙ නැති වේවි. 

2.දැනටමත් එයා පෙම්වතියක්ද, පෙම්වතෙක්ද කියලා බලන්න​

ඔයා දැනටමත් කැමැත්තෙන් ඉන්න කෙනා තව කෙනෙක්ට ආදරේ කරනවා නම්  ඔයා එයාව ආදරේ කරන්න තෝරා ගන්න එපා. මොකද ඒ දෙයින් වෙන්නේ එයාගෙ සම්බන්ධයත් නැති වෙලා ඔයාට සම්බන්ධයක් ඇති කර ගන්නත් බැරි වෙන එකයි .

3.රූපය ගැන​

ඒ වගේම තමයි රූපයෙන් ඔයා ඔහුට හෝ ඇයට ගැළපෙනවාද කියන එකත් බලන්න ඕන. උදාරණයක් විදියට කියනවා නම් ඔයා ගොඩක් කළු කෙනෙක් නම් එයා ගොඩක් සුදු කෙනෙක් නම් ඔහු හෝ ඇය ඔයාට ආදරය කිරීමට ඇති සම්භාවිතාවය අඩු වෙන්න පුළුවන්. හැබැයි හැමෝම එහෙම නැහැ. සමහරු ඉන්නවා රූපය ගැන නොබලා පන වගේ ආදරය කරන කට්ටිය.

4.කටකතා

ඔයා ආදරය කරන්න බලාපොරොත්තු වෙන කෙනා ගැන සමහර කට්ටිය එක එක කටකතා කියන්න පුළුවන්. ඔයා ඒවාට ඇහුම්කන් දීමට පුරුදු වෙච්ච කෙනෙක් නම් ඔයා ඔහුට හෝ ඇයට ආදරය කිරීමට පටන් ගන්න එපා. හැබැයි ඔයා එහෙම කටකතා අහන්නෙ නැති කෙනෙක් නම් ඔයා එයත් එක්ක යාළු උනාට පස්සේ ඒ කට කතා අහන්න යන්න එපා.

5.අඩුපාඩු

ඔයා ආදරය කරන කෙනාගේ අඩුපාඩුකම් තියෙනවා නම් උදාහරණයක් විදියට කිව්වොත් ඔයා ආදරේ කරන කෙනාගේ ශරීරයේ මොකක් හරි  ලෙඩක්  තියෙන එහෙමත් නැත්නම් අතක් පයක් නැති කෙනෙක් නම් කවදාහෝ දවසක ඔබට සිදුවේවි ඇයගේ හෝ ඔහුගේ කැත කුණු අතගාන්න. ඔයා ඒකට අකමැති නම් කවදාවත් එයා එක්ක යාලු වෙන්න හදන්න එපා. සමහර විට ඔබට එවැනි ආබාධයක් තියෙනවානම් ඒවා සඟවන්නේ නැතිව ඔහුට හෝ ඇයට පවසන්න.

6.දියුණුවට උදව් කරන කෙනෙක්ද බලන්න​

ඔබ ආදරේ කරන්න තෝරා ගන්න කෙනා ඔබේ දියුණුවට උදව් කරන කෙනෙක් විය යුතුයි. උදාහරණයක් විදියට ඔයා මොනවා හරි cause එකක් කරනවා නම් එහෙමත් නැත්නම් මොනවා හරි තරගාවලියට ඉදිරිපත් වෙනවා නම් ඔයා ආදරේ කරන කෙනා ඔයා ඊට යොමු වෙනවට කැමති නැත්නම් ඔයා ඔහු හෝ ඇය සමග යාලු වෙන්න යන්න එපා.