latest articles

මේ ලක්ශණ තියනව නම් එයා අනිවාර්යයෙන්  අනියම් සබදතාවක් පවත්වනවා

  ඔබේ සහකරු , සහකාරිය කාලයක් තිස්සෙ අනියම් සබදතාවක් පවත්වගන ගියත් ඒ බව හදුනා ගන්න ලක්ශන ඕනිතරම් ප්‍රදර්ශනය කෙරුනත් ඔබගේ නොදැනුවත්කම නිසා එය මගහැරී යන්න පුළුවන්. ඇත්තෙන්ම අනිකා දක්ශ ලෙස ව්‍යාජ චරිතයක් මවා පෑවා කියල  වංචාවට අසුවූ පාර්ශවය  චෝදනා කලත් බොහෝවිට සිදුවන්නේ ප්‍රේමයෙන් අන්ධ වීම නිසා අනිකාගේ එම ලක්ශණ නොපෙනී යාමයි. ඉතින් අපි අද තීරණය කලා අනියම් සබදතාවක් පවත්වන කෙනෙක් හදුනා ගන්නෙ කොහොමද කියල පැහැදිලිව ඔබව දැනුවත් කරන්න.

අයි කන්ටැක් 

ඔයාගෙ ඇස් දිහා බලන්නෙ නැතුව ඉන්න එයා උත්සහ කරන එක මූලිකම අනතුරු ඇගවීමක්. විශේෂයෙන් ඔයාට කතා කරද්දී අහක බලාගෙන උත්තර දෙනව කියන්නේ ඇස් දිහා කෙලින් බලන්න බැරි වංචාවක් එයාගෙ හිතේ තියනව කියන එක.

ප්‍රශ්නයක් අහද්දි බය වෙලා ගොත ගහනවද?

දවසෙ සාමාන්‍ය එදිනෙදා ජීවිතේ කරපු කියපු දෙයක් ආගිය තැනක් ගැන ඇහුවත් එක්වර උත්තර නොදී  බයවෙලා , ගොත ගහ ගහ, හිත හිත උත්තර දෙනව නම් ටිකක් කල්පනාවෙන් එයාව අධ්‍යනය කරන්න.

පාස් වර්ඩ්

හිටිහැටියේ ෆෝන් එකේ පාස්වර්ඩ්, වෙනස් කරලා පිවිසුම් ක්‍රම වෙනස් කරලා නම් ඔන්න රතු එලියක්. අනිකාගේ ෆෝන් එක බලන එක නොකල යුතු දෙයක් උනත් සහකරු සහකාරිය ගෙන් ෆෝන් එක හංගන එක ගැටලුවක්. සමාජ ජාලා ගිනුම් මුරපද වෙනස් කිරීමත් මෙයට ඇතුලත්.

ෆෝන් එක රින්ග් වෙද්දි 

යමක් හංගන්න තියන අය තමන්ගෙ ෆෝන් එක රින්ග් වෙද්දි කලබල වෙනව.නැත්තම් ගැස්සෙනවා. බොහෝවිට දුරකථනයේ හඩ නිහඩ කරලා තියන්නෙත් මේවගේ අය.. 

කෝල් එකක් ආවම

දුරකථන ඇමතුමක් ආවම ටිකක් ඈතට ගිහින් හැංගිලා උත්තර දෙන්න උත්සහ කරන එකත් තව ලක්ශණයක්. එහෙම ඈතට ගිහින් කතා කරද්දී එකපාරට ඔයා එතනට ගියොත් බයවෙලා ගැස්සිලා ගොත ගහනව නම් විශේෂයෙන් කතා කරමින් හිටපු හඩට වඩා උස් හඩින් කතා කරනව නම් , ඉක්මනින් ඇමතුම ඉවර කරන්න උත්සහ කරනව නම් ඒ ලක්ශණත් භයානකයි.

තෑගි 

හිටිහැටියේ මීටපෙර මිලට නොගත් තෑගි කියල හිතන්න පුළුවන් දේවල් එයා ලග තියනව නම් , කොහෙන් ලැබුනද කියල පැහැදිලි කරද්දී වචන පටලා ගන්නව නම් ඒකත් හොඳ ලකුණක් නෙවෙයි.

පෙනුම වෙනස් වෙලා 

හිටිහැටියේ භාහිර පෙනුම වෙනස් කරන්න උත්සහ ගන්න එක, ඇදුම් පැලදුම් වෙනදාට වඩා වෙනස් වීම සුවද විලවුන් භාවිතය වැඩි වීම තවත් ලක්ශණයක්. මේවා නම් ඉතා සියුම්ව නිරීක්ෂණය කරන්න ඕනි දේවල් 

ඔයාගෙ නිදහස

එයාගෙ අතින් වරදක් වෙද්දි එයා නිතරම ඔයාට උපරිමයෙන් නිදහස දෙන්න  උත්සහ ගන්නවා.” මං ඔයාගෙ ඒවා හොයන්නෙ නෑ නෙ . ඔයත් මගේ ඒවා හොයන්න එපා” වගේ අදහසක් තමයි ඒ ගැන ඔවුන්ට තියන්නෙ.

එන යන වෙලාවල් වෙනස් වීම

නිවසින් පිටවන නිවසට පැමිණෙන වෙලාවල් වෙනස් වීම, නිරන්තරයෙන් නිවසෙන් පිට ගමන් බිමන් යොදා ගැනීම, නිවසින් බැහැරව රාත්‍රිය ගත කිරීමට උත්සහ කිරීමත් අනියම් සබදතා පවත්වන අය අදුනා ගන්න ලක්ශණයක්.