latest articles

මේ ආහාර කවදාවත් ශීතකරණයේ තියන්න එපා

ගෙදරට ඕනි එලවලුවක් පලතුරක් හෝ වෙන කෑමක් ගෙනාවම ශීතකරණයට ඔබන එක තමයි අපි ලේසියෙන්ම කරන වැඩේ. ඒත් ඔයා දන්නවා ද සමහර කෑම වර්ග වලට ශීතකරනයට දැමීම සුදුසු නෑ කියලා. බොහෝ ආහාර වලට ශීතකරණය තුල හොද ආරක්ශාවක් ලැබුනත් ඇතැම් ආහාර වලට හොදම පරිසරය වෙන්නෙ කාමර උශ්ණත්වයේ ගබඩා කිරීම. ඉතින් අපි බලමු ඒ මොනාද කියල.

මීපැණි

මේ ලෝකයේ තියන කවදාවත් නරක් නොවන ආහාරය තමයි මී පැණි. පිරමිඩ තුලින් හොයාගත්ත මී පැණි පවා අවුරුදු දහස් ගානකට පස්සෙත් නරක් වෙලා තිබුනේ නෑ කියල තමයි කියන්නෙ. ඉතින් මීපැණි ශීතකරණයේ තියන්න අවශ්‍ය නෑ . මීපැණි ශීත කරාම හකුරු වගේ මිදෙන නිසා මීපැණි නිකරුණේ නාස්ති වෙනව.

කෙසල්

සමහර පලතුරු සීත කරලා රසවත් උනත් ශීත කරලා කන්න බැරි දෙයක් තමයි කෙසල්. ෆ්‍රිජ් එකට දාපු කෙසල් හරි ඉක්මනින් කලු වෙලා වේලිලා අප්‍රසන්න පෙනුමක් ගන්නව. ඒනිසා කවදාවත් කෙසල් නම් ෆ්‍රිජ් එකට දාන්න එපා .

සෝයා සෝස්

සෝයා සෝස් කියන්නේ ආලෝකයට නිරාවරණය නොවී කාමර උශ්ණත්වයේ තිබිය යුතු ආහාරයක්. ඒ නිසයි සෝයා සෝස් අදුරු කල බෝතල් වල දාලා තියන්නෙ. ශීතකරණයට දැම්මම සෝයා සෝස් වල බැක්ටීරියා ක්‍රියාත්මක වීම අඩාල වෙලා සෝස් එකේ රස ගුණ හැමදේම විනාශ වෙලා යනව.

දෙහි දොඩම්

අපේ පැරැන්නෝ දෙහි දොඩම් ගබඩා කලේ වැලි යට. ඒ පැගිරි කුලයේ ගෙඩි වලට සුදුසුම තැන එතන නිසා. දෙහි දොඩම් ශීතකරණයට දැම්මම ඒකෙ පොත්ත හරි ඉක්මනින් වේලිලා ඒ වියලි ගතිය ගෙඩියේ අභ්‍යන්තර ව්‍යුහයටත් හානි කරනවා.

පිපුම්කාරක

හැමදේම ෆ්‍රිජ් එකේ ඔබන පුරුද්ද නිසා බොහෝ නිවැස් වල ඊස්ට්, බේකින් සෝඩා, බේකින් පවුඩර් වගේ පිපුම්කාරකත් ශීතකරණයට දානවා. ඊස්ට් කියන දිලීරය නම් ශීතකරණය තුලදි නැවත පාවිච්චි කරන්න බැරි වෙන්නම අක්‍රිය වෙනවා. අනික් පිපුම්කාරක වලත් පිපීමේ ගුණයට ශීතකරණය තුලදි හානි වෙනව.

තක්කාලි

පුදුමයි නේද. තක්කාලි කියන්නෙ හරිම මාංසල ගුණයෙන් පිරුණු පලතුරක්. ශීතකරණය තුලදි තක්කාලි වල මතුපිට ස්භාවය වෙනස් වෙලා පොත්ත රැලි වැටිලා වේලීමට ලක් වෙනවා. සරලව කිව්වොත් fresh ගතිය නැති වෙලා යනව. ඒ අනුව තක්කාලි වලට සුදුසු වෙන්නෙ කාමර උශ්ණත්වය. හැබැයි ඔයා සැලඩ් එකක් හදන්න තක්කාලි ගන්නව නම් පැයක් විතර ෆ්‍රිජ් එකේ කූල් කරලා ගත්ත ම සැලඩ් එක ට හොඳ රසයක් ලැබෙනව.

ඇපල්

වෙළදසැල්වල ඇපල් තියන්නෙ සාමාන්‍ය රාක්ක වල උනත් බහුතරයක් දෙනා ගෙදර ඇවිල්ල ඇපල් ගබඩා කරන්නෙ ෆ්‍රිජ් එකේ. ඇපල් සීත රටවල් වලින් එන නිසා එහෙම කරනවද කියල හිතුනත් ඇපල් වලට හොදම උශ්ණත්වය වෙන්නෙ කාමර උශ්ණත්වය. ඒවගේම ඇපල් සීතල පිටින් රසවත් වෙන්නෙ නැති නිසා ශීතකරණයෙන් එලියට ගත් සැනින් ආහාරයට ගන්නත් බෑ. ශීතකරණයේ තියද්දි ඉක්මනින් අවපැහැ වෙලා මතුපිට වියලුනත් එලියේ තියන ඇපල් වලට එහෙම වෙන්නෙ නෑ.