දරු ප්‍රසුතියකින් අනතුරුව මාස 6 – 7 පමණ වන තුරුම දරුවාගේ එකම ආහාරය වෙන්නේ මව්කිරි පමණක් බව ඔබ දන්නවා. ඒ නිසා සෑම මවක්ම අනිවාර්‍යයෙන්ම තමන් ගන්නා ආහාරපාන පිලිබදව අතිශයින් සැලකිලිමත් වීම වැදගත්. එයට හේතුව ඔබ ගන්නා ආහාරපාන වල පෝෂණය මෙන්ම අහිතකර තත්ත්වයනුත් දරුවාට අනිවාර්යෙන් බලපෑම් කරන නිසයි. එමෙන්ම ඇතැම් ආහාරපාන මව්කිරි නිපදවීම අඩු වීමට බලපෑම් කරනවා. ඒ නිසා ඔබ මව්කිරි ලබා දෙන කාල සීමාව තුල මෙන්න මේ කියන ආහාරපාන පරිභෝජනයෙන් වැලකි සිටීමට වගබලා ගැනීම ඉතා වැදගත්.
සැර අධික කුළුබඩු

සැර අධික කුළුබඩු ආහාරයට ගැනීම දරුවාට අහිතකර ලෙස බලපෑම් කරනවා. මෙලෙස සැර අධික කුළුබඩු වර්ග ආහාරයට ගැනීමෙන් අලුත උපන් දරුවා තුල දැවිල්ල වැනි ආසාත්මික තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් වගේම දරුවා විවිද අපහසුතාවයට පත් වෙන්නත් එය හේතුවක් වෙනවා.
කැෆේන් අඩංගු ආහාර
කිරිදෙන මව්වරුන්ට අහිතකර ප්‍රධානාම ආහාරයක් ලෙස කැෆේන් අඩංගු ආහාර හැදින්විය හැකියි. ඒ අතරින් කැෆේන් බහුලව අඩංගු පානයක් ලෙස මුල්ම තැනක් ගන්නේ කෝපි පානයයි. ඒ වගේම තේ, සෝඩා ඇතුළු ඇතැම් ශක්තිජනක පානයන් ද මව්කිරි එරීම අවම කරන්නට හේතු වෙනවා. එමෙන්ම මෙය මව්කිරි වල අඩංගු යකඩ ප්‍රමාණය අවම කරන නිසා ඔබ නිතර නිතර කැෆේන් අඩංගු පානයන් ගැනීමෙන් වැළකිය යුතුයි. තවද කැෆේන් අඩංගු ආහාර නිතර පරිභෝජනය කිරීමෙන් දරුවාගේ හිමොග්ලොබින් මට්ටම අඩු කරනවා.

කෘතිම රසකාරක සහ සීනි
කෘතිම රසකාරක සහ සීනි කියන්නේ මේ කාලයේදී ඔබ ඈත් කල යුතු තවත් දෙයක්. සීනි සහ රසකාරක දරුවාට නරක ලෙස බලපෑම් කරන්නට ඉඩ තිබෙන නිසා ඔබ දරුවාට මව්කිරි ලබා දෙන විට සීනි අධික ආහාර භාවිතය සිමා කරන්න.
සකස්කළ ආහාර
අද වනවිට එදිනෙදා ජීවිතයේදී ඇති වන කාර්යබහුලත්වය නිසා සකස් කල ආහාර ලබා ගැනීම පහසුවක් ලෙස දැනුනත් එය ඔබ මත යැපෙන ඔබේ දරුවාට අහිතකර විය හැකියි. මන්ද සකස් කල ආහාර වල අඩංගු කල් තබා ගැනීමේ හා රසකාරක දරුවාට අහිතකර ලෙස බලපෑම් කරනවා. එමෙන්ම දරුවා තුල විවිධ අසාත්මිකතා ඇති වෙන්නටත් දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන්නත් එය හේතුවක් වෙනවා.

එමෙන්ම පාස්ලි, සුදු ළූනු , රටකජු, බ්‍රකෝලි, විටමින් C බහුල ආහාර මෙන්ම මුහුදු මාළු වැඩි වශයෙන් ආහාරයට නොගැනීමටත් වගබලා ගන්න.