latest articles

බොහෝ පිරිමින් ආදරය කරන කාන්තාවන්ට බොරු කිරීමට හේතු වන කාරණාවන් 5ක්

ඕනම කෙනෙක් ආදර සම්බන්ධතාවයක් පටන් ගන්නේ සතුටින් ඉදිරි කාලය ගත කරන්න මිසක් වේදනාවකින් එය කෙලවර වෙනවා දකින්න හිතාගෙන නෙවෙයි. ඒත් සමහර අවස්ථාවන් වල මේ අත්දැකීමට මුහුණදෙන්න සමහරුන්ට සිදුවෙනවා. කොහොම වුනත් ආදරයකදී රැවටීමකට හසුවෙනවා තරම් වේදනාවක් තවත් නැති තරම්. ආදරයේදී ගැහැණු පිරිමි දෙපාර්ශවයම බොරු කරනවා වුනත් අද අපි මේ ලිපියෙන් කතාකරන්නේ පිරිමි බහුතරයක් ආදරයේදී බොරුකරන්න හේතුවෙන කාරණාවන් 5ක් ගැනයි.

ආදරය නිසා මුහුණ දීමට සිදු වූ අමිහිරි අත්දැකීම්

ඔහු කලින් අවංකවම ආදරය කර වේදනාවට පත් වූ අයෙක් නම් ඔහු තවත් සබදතාවයකදී අවංකවීම අනවශ්‍ය දෙයක් ලෙස සිතනවා වෙන්න පුළුවන්. මේ නිසා ඔහු ඔබව රිදවන්න වගේම ඔබට බොරු කර ඔබව හැරයාමටත් උත්සාහ කරන්න ඉඩ තියෙනවා.

ඔහුගේ අභිප්‍රාය වෙනස් වීම

පිරිමි පාර්ශ්වයටත් කාන්තාවන්ට වගේම තමන්ගේ අනාගතය හා ආදරය ගැන ගැන සිහින දකිනවා. නමුත්  ඔබ ඔහුගේ අරමුණු සහ සිහින වලට නොගැලපෙන අයෙක් ඔහුට තේරුම් ගියොත් ඔහු ඔබට බොරු කරමින් සබදතාවය නවත්වන්න උත්සාහ කරනවා.  

ඔහුට සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට තරම් ශක්තිමත් නැති බව සිතීම​

ඔහු විනෝදයෙන් සැහැල්ලුවෙන් කාලය ගතකරන්න කැමති කෙනෙක් නම් ඔබ ඔහුට ඒ සදහා බාධාවක් ලෙස දැනුනොත් ඔහු ඔබට බොරුකර ඔබව හැරයන්න උත්සාහ කරනවා. ඒ වගේම සබදතාවය ඉදිරියට පවත්වාගෙන යන්නට ඔහු ආර්ථික අතින් හෝ මානසික අතින් ශක්තිමත් නොවන බව ඔහුට හිතුනොත්  ඔහු ඔබට බොරුකර ඔබව හැරයාමට උත්සාහ කරාවි.

බාහිර පරිසරයෙන් ඔහුට බලපෑම්

ඔහුගේ පවුලෙන් හෝ ඔහුගේ පවුලට ලැදි අයෙක් ගෙන් වගේම බාහිර සමාජය ඔබ ගැන කියන දේවල් වලින් ඔහුට යම් බලපෑමක් ඇතිවෙන්න පුළුවන්. අනිවාර්‍යෙන්ම ඔවුන් ගේ තීරණයකට එකග වෙන්න සිදුවන අතර ඔහු ඔබව හැරයන්න ඉඩ තියෙනවා.

ඔහුට සම්බන්ධය අත්හැරීමට අවශ්‍ය නිසා

ඔහුට තවදුරටත් ඔබත් සමග ඇති සබදතාවය පවත්වාගෙන යාමට අවශ්‍යතාවයක් නොමැති නිසා ඔහු ඔබට බොරු කරනවා වෙන්න පුළුවන්. මේ නිසා ඔබේ හිතේ ඔහු ගැන කලකිරීමක් ඇති වී එය ඔබව අත්හැර යන්න ඔහුට පහසුවක් සලසනවා.