බොහෝ ප්‍රේමයන් විවාහයෙන් අවසන් වෙනව. ආස කරන දෙයක් ලග නැති තාක් ඒකට ලොකු වටිනාකමක් ලැබිලා හිමි උනාම ලං උනාම වටිනාකම අඩු වෙනව කියල අපි අහල තියනව නේ ඒවගේ පෙරුම් පුරලා පුරලා මුනගැහෙන කාලෙ වගේ නෙවෙයි එක වහලක් යට ඉන්න කාලෙදි අපිට අනිකාව බෝරින් වෙනව. එහෙම නැතිනම් වැරදි පේන්න ගන්නව. ඇත්තෙන්ම මුල් අවුරුදු දෙක තුන විවාහයක බැදීම තියාගන්න හරි අමාරු කාලයක්. ඉතින් අපි හිතුවා විවාහයක සුන්දර බව හැමදාම තියාගන්න පුළුවන් ට්‍රික්ස් ටිකක් ඔයාට කියන්න. බැදලා දරු පැටව් ඉන්න අයට උනත් මේ දේවල් කරන්න බැරි නෑ.
ඇයයි මමයි අපේ පුංචි ගෙදර

කසාද බැදපු අලුතම මැටි ගේක හරි තනියම පදිංචි වුනාම දැනෙන සුන්දර හැගීම ලොකු බැදීමක් ඇති කරනවා. දෙන්න එක්ක වැරදි වැරදී උයන්න තමන් ආස විදියට ගේ අස් කරන්න කුස්සියේ සාලේ කැමති තැනක අනුරාගී මොහොතවල් ගත කරන්න , වැරදි වැරදි බඩු මුට්ටු ගේන්න. එක හාල් හුන්ඩුවක් උයන් කන කාලේ ජීවිතේ ආය කවදාවත් නොඑන සුන්දර අත්දැකීමක් .
කරදර තමයි බැදීම වැඩි කරන්නේ

දෙන්නා එකට දුක් විදින එක ඕනිම බැදීමක් වැඩි කරගන්න උදව් වෙනව. විවාහ උනු අලුතම ටිකක් අමාරු ඉලක්කයක් වෙනුවෙන් දෙන්නම එක විදියට කැප උනොත් එතනදි එන ගැටලු වලට උත්තර හොයනව මිස බාහිර ගැටලු ඇති කරගන්න කාලෙ මදි වෙනව. දෙන්නම එක වගේ සහයෝගෙන් දුක් වින්දොත් බැදීම ගොඩාක් ශක්තිමත් වෙනවා. ඒ විදපු දුක් වල ප්‍රථිපල විදියට සාර්ථක වෙලා සතුට එද්දි එකට සතුටු වෙන එක ත් මාරම අත්දැකීමක් . ඒ හින්දා බැදපු මුල් කාලෙම රැකියා උසස් වීමක් , විභාග ,ගෙයක් හදන්න , ව්‍යාපාරයක් ගොඩ නගන්න , පිටරට පදිංචි වෙන්න උත්සහ කරන්න වගේ මහන්සි වෙන්න ඕනි කටුක වැඩක් පටං ගන්න ..ඒකට එකට කැප වෙලා ප්‍රතිඵල එකට විදින්න.
වැඩ බෙදාගෙන කරමු

මේ වෙද්දි ඉපයීම් කරන්න ගැහැණු පිරිමි භේදයක් නැති නිසා නිවසේ වැඩත් දෙදෙනාගේම කාර්යන් විය යුතුයි . දෙන්නා එකට උයද්දි ගෙවල් අස් කරද්දී වතු වැඩ කරද්දී දෙන්නම එකට ශොපින් යද්දී ඒ අත්දැකීම් සුන්දර කරගෙන ආදරය තවත් වර්ධනය කරගන්න පුළුවන් .
දෙන්න එක්ක ගිහින් ලෝකෙන්ම හැංගිලා අතරමං වෙමුද ?

පාසල් කාලෙ යාලුවො එක්ක පවුල්වල නෑයො එක්ක හිතවත් අය එක්ක ඕනිතරම් ට්‍රිප් ගිහින් ඇති. පිට කිසිම කෙනෙක් සහභාගි කරගන්නෙ නැතුව දෙන්න එක්ක ට්‍රිප් යන එක ඒ හැමදේටම වඩා වෙනස් රසවත් අත්දැකීමක් . වාහනයක් නැති අයට බස් එකේ කෝච්චියේ පවා යන්න පුළුවන්. දෙන්න එක්ක කන්දක් නැගලා කූඩාරමක් අටවලා ලෝකෙන් හුදෙකලා වෙන එක ඔයාට එක පාරක් අත් වින්දොත් කවදාවත් අමතක නොවෙන අත්දැකීමක් වෙයි. ඒවගේ රිස්ක් එකක් තියන වැඩ වලදි දෙන්නම දෙන්නගෙ වගකීම් අරං ආරක්ශාව සලසගෙන ටීම් එකක් විදියට වැඩ කරද්දී මාරම බැදීමක් ඇති වෙනවා.
ෆිල්ම් ටයිම්

කොයිතරම් සුවපහසු අධි තාක්ෂනික ෆිල්ම් හෝල් තිබ්බත් ලැප් එකට ෆිල්ම් එකක් ඩව්න්ලෝඩ් කරගෙන ඇදට වෙලා, කන්නත් මොනහරි ලෑස්ති කරගෙන එක බ්ලැන්කට් එක අස්සෙ තුරුල් වෙලා ෆිල්ම් එකක් බලද්දි දැනෙන සතුට වෙන කොහෙදි වත් ලබාගන්න බෑ . ෆිල්ම් විතරක් නෙවෙයි .ඔන්න මේදවස්වල ක්‍රිකට් මැච්. ලබන මාසෙ ෆිෆා පටං ගන්නව .ක්‍රීඩා තරග උනත් මෙහෙම බලන එක වෙනම එක්ස්පිරියන්ස් එකක් .හැබැයි ඉතින් හොදම විකට් හොදම ගෝල්ස් මග ඇරෙන්න ඉඩ තියනව .
චුට්ටක් බො-මුද ?

මේක නම් හැමෝටම අදාල නෑ අමධ්-යප අය මේක නොකියව්වත් කමන්නෑ . දෙන්නම හීනියට සප්පායම් වෙන්න කැමති ජෝඩුවක් නම් දෙන්නම ආස කරන එකක් ගෙනල්ලා කැමති බයිට්ස් එහෙම ලෑස්ති කරගෙන සුන්දර රාත්‍රියකට මග පාද ගන්න පුළුවන් .. සාමාන්‍යයෙන් වයිෆ් එක්ක හස්බන්ඩ් එක්ක බො-න්න හුරු උන අයට බයිට් ඕනිම නෑ කියල තමයි අපි කතාවට කියන්නෙ.
පුංචි සැමරුම් සප්‍රයිස්

මේක ඉතින් පිරිමි හැමදාම බැනුම් අහන තැනක්. ඒත් ඉතින් හස්බන්ඩ් බෝයිෆ්‍රෙන්ඩ් ආදරේ නෑ කියල ගැහැණු උදවිය අඩා වැලපෙන හේතුවක් තමයි මේ. තාක්ෂණය මෙච්චර දියුණු කාලේ දෙන්නගෙ උපන්දින, හමු උනු දින, විශේෂ ඇනිවසරි රිමයින්ඩ් වෙන්න දාගෙන ඒකට චූටි සප්‍රයිස් එකක් කරන්න. පිට අය නැතුව දෙන්න විතරක් සමරන එක ආදරේ අනිවාර්යයෙන් තවත් වැඩි කරනවා.