latest articles

පිරිමින්ව වශී කරගන්න ගැහැණු ලක්ශන ඔබටත් තියනවද?

ගැහැණු සහ පිරිමින් එකිනෙකා ආකර්ශනය වීම මත ලෝකයේ ජීවය රැදිලා තියනව. ඕනිම පිරිමියෙක් තමන්ගෙ බීජ වලට සරු නිම්නයක් හොයන නිසා ඔවුන් සමහර ශක්තිමත් ගැහැණු ලක්ශන වලට ඉබේම ආකර්ශනය වෙනව. ඒවගේම මිනිසා සමාජීය සත්වයෙක් නිසා කාලෙන් කාලෙට සමාජයේ එන වෙනස්වීම් එක්කත් පිරිමි ආකර්ශණීයයි කියල හිතන , ගැහැණු ලක්ශන වෙනස් වෙනව. අපි අද බලමු ඕනිම පිරිමියෙක් ආකර්ශණය කරගන්න පුළුවන් ගැහැණු ලක්ශණ මොනාද කියල .

සතුටු ගැහැණු

නිතරම සිනාවකින් මුව සරසාගෙන අභ්‍යන්තරයෙන්ම එන සතුටු දීප්තියෙන් බැබළෙන ගැහැණුන්ට පිරිමි හරි ඉක්මනින් ආකර්ශණය වෙනවා. නිතරම දුක්මුසුව මූණ එල්ලගෙන ආඩපාලි කියමින් ඉන්න, කිසිම සතුටක් නැති ගැහැණියට කිසිම පිරිමියෙක් කැමති වෙන්නේ නෑ .

ස්වාධීන ගැහැණු

සැමියා කියන දේට ඔලුව නවාගෙන සැමියා උපයලා දෙන දෙයින් ජීවත් වෙන මානසිකව හිරවූ ගැහැණියට ඉස්සර සමාජෙ හොඳ ආකර්ශණයක් ලැබුනත් දැන් ඒක හාත්පසින්ම වෙනස් වෙලා. ඉපයීමක් කරන, තමන්ගෙ ජීවිතේ ගැන තීරණ ගන්න පුළුවන්, අන් අයට තමන්ගෙ ජීවිතේ පාලනය කරන්න ඉඩ නොදෙන ස්වාධීන කාන්තාවක් එක්ක ඉදිරි ගමන යන එක හොඳ ජීවිතේකට අඩිතාලමක් කියල මේ වෙද්දි බොහෝ පිරිමි විශ්වාස කරන නිසා ස්වාධීන ගැහැණුන් ආකර්ශනීයයි කියල සලකනවා.

කායිකව ශක්තිමත් ගැහැණු

තමන්ගෙ ශරීරය උස් මිටි, මහත කෙට්ටු, මොන මට්ටමක තිබුනත් කායිකව ශක්තිමත් ගැහැණියක් හරිම ආකර්ශණීයයි. කය ශක්තිමත් වෙන්න නම් ඇය ඇගේ සිරුර හොදින් නඩත්තු කරන්න ඕනි. හොදින් නඩත්තු කරන සිරුරක සම නිරෝගීයි. කෙස් , කලඹ නිරෝගියි. ඒ සමග එන අභ්‍යන්තර සුන්දරත්වය පිරිමින්ව ආකර්ශණය කරගන්න සමත් වෙනවා.

කාරුණික ගැහැණු

කොයිතරම් උගත් බුද්ධිමත් ශක්තිමත් වුනත් අකාරුණික, සහකම්පනය රහිත කාන්තාවක් එක්ක ජීවිතේ සුන්දර වෙන්නේ නෑ. කාරුණික, මෘදු, නම්‍යශීලී ගතිගුණ ඇති ගැහැණියක් විටක මවක් වගේ විටක මිතුරියක් වගේ විටක සොයුරියක් වගේ කටයුතු කරන නිසා එබදු අයට පිරිමින්ගේ ආකර්ශණය නිතැතින්ම හිමි වෙනවා.

දැනුවත් ගැහැණු

නිතරම දැනුමෙන් අප්ඩේට් වෙන ගැහැණු හරිම ස්මාට් කියල තමයි දැන් සැලකෙන්නේ. කිසි දෙයක් නොදන්නා නොතේරෙන කරගන්න බැරි සහ කිසිම දෙයක් අලුතින් ඉගනගන්න අත්හදාබලන්න උනන්දුවක් නැති ගැහැණු ගැන බහුතරයක් පිරිමි හරි කලකිරීමෙන් කතා කරනවා. තරගකාරී ලෝකයේ පවුලක් විදියට වේගවත් දියුණුවක් ලබන්න නම් කාන්තාව අප්ඩේට් කෙනෙක් වීම හරි වටිනවා.

තැනට අනුව හැඩගැසෙන ගැහැණු

ජීවිතේ එන දුක සතුට, ලාභ අලාභ, සැප දුක මේ ඕනිම තත්වෙකදි ඒ තත්වයට අනුව හැසිරෙන්න පුළුවන් ගැහැණියක් කියන්නෙ පිරිමියෙකුට සම්පතක් වගේ. ඒවගේ ඕනිම අවස්ථාවකට ගැලපෙන විදියට හැඩගැහෙන්න පුළුවන් ගැහැණුන්ට පිරිමි ආකර්ශනය ඉතා ඉහලින් ලැබෙනවා.

කලමනාකරනයෙහි සමත් ගැහැණු

ගැහැණියකට කලමණාකරන හැකියාව නැති උනොත් ඒ පවුල හරි අස්ථාවරයි. ආදායම් ,වියදම්, කාලය, භාහිර සබදතා, මේ දේවල් කලමනාකරනය කරගෙන ජීවිතේ සමබරව ගෙනියන ගැහැණියකට ආකර්ශනය නොවන පිරිමියෙක් නැති තරම්.