පිරිමින්ගෙන් වැඩි ආකර්ෂණයක් හිමිවෙන්නේ මොන වගේ කාන්තාවන්ටද කියලා ඔබ කවදාහරි දවසක හිතලා තියෙනවද? පිරිමින් වැඩිපුරම ආකර්ෂණය වෙන්නේ කාන්තාවන්ගේ පෙනුමට කියලා අපි හිතුවට ඇත්තටම ඒක ඇත්ත නෙවෙයි. ඇත්තටම පිරිමි අය කාන්තාවකගේ පෙනුමට වඩා වැඩි අවධානයක් යොමු කරන්නේ ඔවුන් ගේ ගතිගුණ වලටයි. ඒ නිසා අද අපි ඔබට මේ ලිපියෙන් පිරිමින්ගෙන් වැඩි ආකර්ශනයක් හිමිවෙන කාන්තා ගතිගුණ 5ක් ගැන කියන්න හිතුවා.
1.සරලකම
ඇතැම් කාන්තාවන් ඉන්නවා අදින්න පළදින්න ගියත් මොන දේ කරන්න ගියත් හැම දෙයක්ම කරන්නේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන්. ඒ වුනාට පිරිමින් වැඩි කැමැත්තක් දක්වන්නේ සරල කාන්තාවන්ට. ඉතින් ජීවිතේ හැම දෙයක්ම සරලව දකින හා සරලව කරන කාන්තාවන්ට පිරිමින්ගෙන් වැඩි ආකර්ශනයක් හිමිවෙනවා.
2.බුද්ධිමත්කම
කාන්තාවක් බුද්ධිමත් විය යුතුමයි. කාන්තාවක් බුද්ධිමත් නොවුනොත් ජීවිතේ ඇතිවෙන ප්‍රශ්න වැඩියි. උදාහරණයක් විදියට කාන්තාවකට පවුල් ජීවිතේ වගකීම් ගැන තේරෙන්නේ නැතිනම්, ඇය සකසුරුවම ගැන දැනුවත් නැතිනම්, දරුවන්ට හොද නරක කියාදීමට තරම් දැනුමක් නැතිනම් මේ හැම දෙයකින්ම විනාශ වෙන්නේ ඇයත් සමග ජීවිතය ආරම්භ කරන පිරිමියාගේ ජීවිතයයි. මේ නිසා පිරිමින් බුද්ධිමත් කාන්තාවන්ට වැඩි ආකර්ශනයක් දක්වනවා.
3.කාරුණික බව
කාන්තාවක් කියන්නේ බොහොම මෘදු ගතිගුණ තිබිය යුතු කෙනෙක් මිස තද ගතිගුණ තියෙන කෙනෙක් නොවිය යුතුයි. කාන්තාවකට තිබෙන්නේ කාරුණික හදවතක් නම් ඇයගේ ලස්සන තව තවත් ඉස්මතු වී පෙනෙනවා. මේ නිසාම පිරිමින්ගේ වැඩි ආකර්ශනයක් කාරුණික කාන්තාවන්ට හිමි වෙනවා.
4.ආත්ම විශ්වාසය
සමාජය විසින් කාන්තාවක් දුර්වල කෙනෙක් බවට පත් කරන්න උත්සාහ කරත් ඇයට හොද ආත්ම ශක්තියක් තියෙන කෙනෙක් නම් පිරිමින්ගෙන් වැඩි ආකර්ශනයක් ලැබෙනවා. ඒකට හේතුව තමයි හැම ප්‍රශ්නෙකටම අඩන කාන්තාවකට වඩා ඒ ප්‍රශ්න වලට නොබියව සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කාන්තාවකට පිරිමි වැඩි කැමැත්තක් දක්වන නිසා.
5.වගකීම් සහිත බව
කාන්තාවක් සතුව සමාජයේ වැඩි වගකීම් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් කාන්තාවකට මේ සියලු වගකීම් දරන්න පුලුවන්ද කියන කාරණාව පිරිමියෙක් සොයා බලන මුලිකම දෙයක්. මේ වගකීම් හොදින් ඉටු කිරීමේ හැකියාව බොහෝ කාන්තාවන්ට තිබුනත් උවමනාවෙන්ම මේ වගකීම් පැහැර හරින කොටසකුත් ඒ අතර ඉන්නවා. නමුත් ඔබට පුළුවන් නම් වගකීම් සහගත කාන්තාවක් වෙන්න අනිවාර්යෙන්ම ඔබට හිමිවෙන පිරිමි ආකර්ෂණය වැඩි වේවි.