latest articles

දෙන්නට දෙන්නා අවංකව ආදරේ කරනවා නම් අනිවාර්යෙන්ම තියෙන්න ඕන ලක්ෂණ 5ක්

ඔයා ආදරේ කරන කෙනාට තියෙන්න ඕන මොනවද? සල්ලිද? තත්ත්වයද? නැත්නම් ඔයා වෙනුවෙන්ම ඇති අවංක ආදරයක්ද? ආදරණීය අවංක ආදරයක් බලපොරොත්තු වෙනවා නම්  ඔයා ආදරය කරන කෙනාට තියෙන්න ඕනේ ගුණාංග මොනවද? අවංක ආදරයක් ලබා දෙන්න ඔයාට තියෙන්න ඕනේ ගුණාංග මොනවද?. ඉතිං අද අපි මේ ලිපියෙන් කතා කරන්න යන්නේ අවංක ආදරයක තියෙන්න ඕන ගුණාංග  5ක් ගැනයි. මේ ගුණාංග ඔයාටත් තියෙනවද බලන්නකෝ.

1.විශ්වාසවන්ත කම

විශ්වාස කියලා කියන්නේ ඕනෑම සම්බන්ධයක තියෙන්න ඕන මූලික ලක්ෂණයක්. ඔයා ආදරය කරන කෙනා ඔයාට විශ්වාසයි නම් ඒ වගේම එයාට ඔයාව විශ්වාසයි නම් ඔයාලා දෙන්නා හිතනවාටත් වඩා ගොඩක් වාසනාවන්තයි. හිතන්නකෝ ඔයා ආදරය කරන කෙනා ගොඩක් දුරක ඉන්නවා කියලා ඒත් විශ්වාසය කියන දේ තියනවනම් ආදරයට දුර කියන එක ප්‍රශ්ණයක් නෙවෙයි.

2.හොඳම යහළුවන් වීම

ඔයා ආදරේ කරන කෙනා තමයි ඔයාගේ හොඳම යාළුවා විය යුත්තේ. ඔයාට ඕනෑම දෙයක් එයත් එක්ක කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ.  හොඳම යාළුවාට අපි නොකියන දෙයක් නැහැනේ. ඒ නිදහස, සැහැල්ලුව ඔයා ළඟ තියෙන්න ඕනේ. ඒ වගේම මොන ප්‍රශ්නයක් ආවත් ඔයාගේ අත අත නොහැර ඉන්නවා නම් ඔයාගේ සැපේදී වගේම දුකේදීත් ළඟින් ඉන්නවා නම් එයා තමයි ඔයාට හරියනම කෙනා වෙන්නේ. එයා ඔයාගේ හොඳම යහළුවා වෙනවා වගේම ඔයත් එයාගේ හොඳම යාළුවා විය යුතුයි.

3.බුද්ධිමත් විය යුතුයි

ඔයා ආදරය කරන කෙනාට බුද්ධිය වගේම දැනුම තිබිය යුතුයි. ඒ කියන්නේ පොතේ පතේ දැනුමට අමතරව සමාජයේ ජීවත් වෙද්දී අවශ්‍ය සමාජීය දැනුමත් ඉතාම අත්‍යවශ්‍යයි. මෙහිදී රැකියාවෙන් ඉහලට ගිය හොඳ තත්වයක් තියෙන කෙනෙක් හොයනවට වඩා එකමුතුකමින්, සහයෝගයෙන්, විශ්වාසයෙන්, ආදරයෙන්, සමාජය සමඟ කටයුතු කරන විදිහ, එකිනෙකාව තේරුම් ගැනීම, පවුල් ජීවිතය ගෙනියන්නේ කොහොමද, මුදල් කළමනාකරණය වගේ බොහෝ දේවල් ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි.

4.ඔයාගේ ඉලක්ක වලට සහයෝගය ලබා දීම

අපි හැමෝටම ජීවිතයේ දිනා ගන්න අවශ්‍ය වන ඉලක්ක තියෙනවා. ඒ වගේම තමයි එකිනෙකාගේ අවශ්‍යතාවන් හා ඉලක්ක වෙනස් කියලා දෙදෙනාම තේරුම් ගත යුතුයි. ඉතින් ඔය ආදර සම්බන්ධතාවක ඉන්නවා කියලා හැම දෙයක්ම එයාගෙන් බලාපොරොත්තු වෙන්න එපා. එයාව වෙනස් කරන්නත් එපා. එයාගෙ targets වලට එයාට යන්න දෙන්න. ඒ නිසා එයාගෙ ඉලක්ක ජයග්‍රහණය කරන්න අවශ්‍ය නිදහස. සහයෝගය එයාට ලබාදෙන්න. එයාට එයා වෙන්නම ඉඩ දෙනවා නම්  එතැනයි සැබැ ආදරේ තියෙන්නෙ.

5.ගරු කරන්න

කාන්තාවන්ට ගරු කිරීම පිරිමි කෙනෙකුගේ යුතුකමක්. පිරිමි කෙනෙකුගේ ගෞරවයට පාත්‍ර වන පරිදි ජීවත් වීම කාන්තාවකගේ යුතුකමක්. එම නිසා ගැහැණු ළමයින් තමන්ගේ හැසිරීම හරියට තියා ගන්න ඕන. සමාජය කියන දේවල් වැඩක් නෑ තමයි.  ඒත් කවද හරි ඔයාගේ පවුලේ අයට නරක නාමයක් ලැබෙන්නේ නැති විදිහට දැන්ම ඉඳන්ම කටයුතු කරන්න.