වර්තමානයේ බොහෝ දෙනෙක්ට කරදරකාරී ගැටලුවක් තමයි හිසකෙස් අකලට සුදුවීම.තරුණ වයසේදී වයසට වඩා වයස පෙනුමක් ලැබෙනවට අපි කවුරුත් කැමැති නැහැනේ ඉතිං මෙහෙම අකලට හිසකෙස් සුදු විමට විවිධ හේතු තියෙන්න පුළුවන්.ගොඩක් අය රෑ වෙලා නාලා ඒ තෙ ත කොන්ඩෙ පිටින්ම නිදා ගන්න හුරු වෙලා තියනවා එහෙම කාලයක් එක දිගට සිදු උනොත් ඉක්මනින්ම හිසකෙස් ටික සුදු වේවි.ඒ නිසා පුළුවන් තරම් දවල් වරුවෙන් නාන්න නාලා හොදට කොන්ඩේ වෙළෙනකං නිදා ගන්න නම් එපා.
තවත් සමහර අයට ජානමය හේතු නිසාත් තවත් අයට පිනස වගේ රෝග නිසාත් හිසකෙස් අකලට සුදු වෙනවා..මේ තත්වයන් වළක්වා ගැනීමට කල හැකි ප්රතිකාර කිහිපයක් පිළිබඳව පහත දැක්වේ.
01. කරපිංචා කොළ කොටා ඉස්ම ගල්වා පැයක් හිඳ සොඳා හරින්න.මීට අමතරව කරපිංචා කැඳ ලෙස හෝ සම්බොල ලෙස ආහාරයට එක්කරගන්න.
02. තලාගත් ඉඟුරු ස්වල්පයක් මී පැණි මේස හැන්දක් සමඟ මිශ්රකර දිනපතා උදෑසන ආහාරයට ගන්න.
03. කරපිංචා කොළ කිහිපයක් උළුහාල් ස්වල්පයක් පිරිසිදු පොල්තෙල් සමඟ රත්කර හිස ගල්වා පැයක් පමණ සිට සෝදා හරින්න.
04. නෙල්ලි වියළා කුඩුකර පොල්තෙල් සමඟ මිශ්රකර රත්කර හිස කෙස් ආලෙප කරන්න.
05. පේරකොල පොඩි කර එහි යුෂ හිසකෙස් වල ආලෙප කර පැයක් පමණ තබා සෝදා හරින්න.මෙය දිනපතා භාවිතයට වුවද සුදුසුයි.
06. සති දෙකකට වරක් එඩරු තෙල් හිස ගල්වා මසාජ් කරන්න.
07. කරවිල යුෂ olive oil සමග හෝ තල තෙල් සමඟ මිශ්රකර හිස ගල්වා තබා සෝදා හරින්න.