latest articles

තරහ ගිහින් ඉන්න ඔයාගේ Girlfriendව Wifeව ඉක්මනින්ම යාළු කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක්

තරහ වුන කෙල්ලෙක්ව ශේප් කරගන්න එක අමාරුයි කියලා හිතපු ඔයා වෙනුවෙන් අද අපි මේ ලිපියෙන් අරගෙන ආවා තරහ ගිහින් ඉන්න කෙල්ලෙක්ව නැවත යාලු ගන්නේ කොහොමද කියලා ක්‍රම කිහිපයක් ගැන  ඔයාලා දැනුවත් කරන්න.

1. ආඩම්බර වෙන්නෙ නැතුව මුලින්ම කතා කරන්න.

ගොඩක් වෙලාවට ගැහැණු ළමයි මතුපිටින් තරහා වෙලා හිටියට හදවතින් තරහ වෙන්නේ නැහැ. පෙම්වතාගේ වරදක් නිසා හිත රිදවා ගෙන කතා නොකර හිටියත් ඇයටත් ඕන ඉක්මනින්ම තම පෙම්වතා සමග මිතුරු වෙන්න. ඉතින් ඒ බව අවබෝධ කරගෙන ඔයා මුලින්ම ඇය සමග කතා කරනවා නම් ඔයාලා දෙන්නටම ඉක්මනින්ම ආයෙමත් යාළු වෙන්න පුළුවන්.

2. ඇයට සවන් දෙන්න

ගැහැනු ළමයෙක්ව යාලු කරගන්න පුළුවන් හොඳ ක්‍රමයක් තමයි ඇයට සවන් දීම. ඇය ඔබත් සමඟ තරහින් නම් ඇය සමඟ වාද කරන්නට යන්න එපා. ඇය කියන දේවල් අහගෙන ඉන්න. ඔබ ඇයගේ හැඟීම් වලට සවන් දෙන බව ඇයට දැනෙද්දී ඇයගේ තරහව ඉබේටම නැති වෙලා යාවි. ඔබ ඇයව තේරුම් ගන්නා බව වැටහීමෙන් ඇගේ වේදනාවන් ඉක්මනින්ම සමනය වේවි.

3. වරද ඔබේ අතේනම් සමාව ඉල්ලන්න

සමාව ඉල්ලීම කියන්නේ ලැජ්ජාවට කරුණක් නෙවෙයි. කරපු වරදක් පිළිගැනීම හොඳ මහත්මා ගතියක්. එය ඔබට ඇය හා මිත්‍ර වීමට ඇති උනන්දුව පෙන්විය හැකි හොඳම ක්‍රමයක්. සමාව ඉල්ලීමෙන් අනතුරුව ඔබ නිහඬ වෙන්න. ඇයට මද කාලයක් ලබා දීමෙන් අනතුරුව ඇයම ඔබව සොයා ගෙන එනු ඇත.

4. ඇයව තුරුළු කරගන්න

උණුසුම් වැලඳ ගැනීමකින් සහ මෘදු සිප ගැනීමකින් ගැහැනියකගේ සියලු වේදනාවන් සමනය කළ හැකි බව කියවෙනවා. ඉතින් ඔබත් ඒ උපක්‍රමය අත්හදා බලන්න. ඔබේ පෙම්වතිය හෝ බිරිඳ තරහින් නම් ඇයව මෘදුව වැලඳ ගැනීමකින් ඔබේ ආදරය ඇයට දැනෙන්නට සලස්වන්න. ඇගේ ඍණාත්මක හැඟීම් වේගෙන් පහවෙලා යාවි.

5. ඇයව හිනාගස්සන්න

තරහා වෙලා ඉන්න ඔබේ පෙම්වතියට විහිළු කතා කියලා, හිනායන දේවල් කරලා පෙන්නලා ඇයව හිනාගස්සන්න. එතකොට ඇයට ඇගේ තරහව අමතක වෙලා හයියෙන් හිනාවෙන්න ගනීවි. එහෙමත් නැත්නම් තරහ වෙලා ටික වෙලාවක් ගියාට පස්සෙ හදිසියේම වගේ ඇය සමග හිනා වෙන්න. ඇයට අනිවාර්‍යයෙන්ම ඔබ සමග තරහින් ඉන්න බව අමතක වෙලා  ඔබත් එක්ක හිනාවෙන්න පෙළඹේවි.

6. ඇයගේ පාඩුවේ ඇයට ඉන්නට ඉඩ හරින්න

ඔබ මොන දේ කළත් ඇය දිගින් දිගටම තරහ පෙන්නන්නට උත්සහ කරනවා නම් හොඳම දේ ඔබ නිහඬ වීමයි. තව තවත් ඇයව මිතුරු කර ගැනීමට උත්සාහ කිරීම හෝ ඇය සමග දබර කරගැනීමට උත්සාහ කරන්නේ නම් ගැටලුව තව තවත් උත්සන්න වී යා හැකියි. එම නිසා මෙවැනි අවස්ථාවකදී කළ හැකි හොඳම දෙය ඇයට ඇයගේ පාඩුවේ ඉන්නට ඉඩ හැරීමයි. තනිව සිටීමේ දී හා වේලාව ගතවීමේදී ඇගේ සිතේ තරහව කෙමෙන් කෙමෙන් අඩු වී යනු ඇත.